වැස්ස වහින පැති මෙන්න,
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්.
බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක.
කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ සබරගමුව පැතිවලට මි.මී. 50ට වඩා තද වැසි වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පාරේ තොටේ යනකොට ටිකක් කල්පනාවෙන්!
අද උදේ කාලයේදී මධ්‍යම, සබරගමුව, ඌව සහ අම්පාර පැතිවලට ලස්සන මීදුම් තත්ත්වයක් දකින්න ලැබෙන්න පුළුවන්. ඒ වගේම වෙරළබඩ පැතිවලට උදේටත් වැසි ඇති වෙන්න ඉඩ තියෙනවා.
වැස්සත් එක්කම ගිගුරුම් සහ අකුණු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා,
අනවශ්‍ය විදිහට එළිමහනේ ගැවසෙන්න එපා.
විදුලි උපකරණ ගැන සැලකිලිමත් වෙන්න.
ගමනක් යද්දී කුඩයක් හෝ රේන් කෝට් එකක් අරන් යන්න.