ලුණුගම්වෙහෙර මහානාගපුර මහ විද්‍යාලයේ ගුරුවරියක් පාසල නිම වී නිවස බලා යමින් සිටියදී මහනාගපුර සේවා පිය ඉදිරිපිට දී යතුරුපැදියක් හරස්කොට නවතා යතුරුපැදිකරු විසින් හිස් වැසුමෙන් පහරදී තිබෙනවා8.
ආරක්ෂාව පිණිස ගුරුවරිය සේවා පියස මධ්‍යස්ථානය තුළට දිවගොස් ඇති අවස්ථාවේ යතුරුපැදිකරු ඇය පිටුපස හඹා විත් සේවා පියස මධ්‍යස්ථානයේ සිටි ප්‍රජා සංවර්ධන නිලධාරිනියකටද පහරදී ඇති බවයි වාර්තා වෙන්නේ.
පහරකෑ ගුරුවරිය සහ නිලධාරිනිය මේ වන විට ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ලුණුගම්වෙහෙර රෝහලෙන් කළ විමසීමකදී සඳහන් කළේ ඔවුන්ගේ හිස සහ ශරීරයේ ස්ථාන කිහිපයකම තැළුම් තුවාල දක්නට ලැබුණු බවයි.
මෙම පහරදීම සිදුකර ඇත්තේ ලුණුගම්වෙහෙර පුංචිඅප්පු ජදුර ප්‍රදේශයේ පදිංචි දුවන නුවන් නමැති පුද්ගලයකු වන අතර ඔහු බෝම්බ ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරගතව සිට මෑතකදී නිදහස ලැබූ අයකු වෙනවා.
එමෙන්ම මෙම පුද්ගලයා දුවන නුවන් නමින් ප්‍රදේශයේ හඳුන්වන අතර, කසිප්පු ජාවාරම්කරුවකු බව ද පොලිසිය සඳහන් කළා.
සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලිසිය කටයුතු කරමින් සිටින බවද පොලිසිය සඳහන් කළා.
මේ අතර, ලුණුගම්වෙහෙර මහානාගපුර මහා විද්‍යාලය ආසන්නයේදී පාසල නිමවී නිවස බලා යමින් සිටි ගුරුවරියකට හා මහානාගපුර සේවා පියසේ රාජකාරියේ නිරත ප්‍රජා සංවර්ධන නිලධාරිනියකට ආරක්ෂිත හිස්වැසුමකින් පහරදුන් කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණා.
මෙම සිද්ධිය පෙරේදා සිදුව ඇති අතර අදාළ සිද්ධියට විරෝධය දක්වමින් ගුරුවරුන් හා සේවා පියසේ කාර්ය මණ්ඩලය ලුණුගම්වෙහෙර පොලිිසිය ඉදිරිපිට ඊයේ විරෝධතාවකද නිරත වී තිබුණා.