ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් ඉදිරි ජූනි මාසය වන විට එල්නිනෝ (El Niño) තත්ත්වයක් වර්ධනය වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව තහවුරු කර තිබෙනවා..
මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ යාම (සාගරය උණුසුම් වීම) එල් නිනෝ ලෙස හැඳින්වෙන අතර, මෙම තත්ත්වය හේතුවෙන් ඇතිවන බලපෑම් කිහිපයක් සඳහන් කළ හැකියි.
සාගර උෂ්ණත්වය ඉහළ යාම නිසා වායුගෝලයේ සුළං රටාවන් වෙනස් වෙනවා. එසේම ලෝකයේ විවිධ ප්‍රදේශවලට මෙහි බලපෑම විවිධ වෙන්න පුළුවන්.
ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ ගොස් වර්ෂාපතනය අඩුවීමෙන් නියඟය ඇතිවන අතර, තවත් ප්‍රදේශවලට අධික වර්ෂාව ලැබීමෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකියි.
එල් නිනෝ තත්ත්වය වර්ධනය වන කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට බලපාන ප්‍රධාන මෝසම් සුළං රටාවන්ට මෙහි බලපෑම එල්ල වීමට ඉඩකඩක් පවතිනවා.
ඒ අනුව, මැයි අග සිට සැප්තැම්බර් දක්වා පවතින මෙම මෝසම් කාලසීමාවට එල් නිනෝ බලපෑම සෘජුවම එල්ල වනු ඇතියි. මින් අනතුරුව එළඹෙන දෙවන අන්තර් මෝසම් සමය සහ ඊසානදිග මෝසම් සමය කෙරෙහිද මෙම තත්ත්වය බලපානු ලබයි.
වායුගෝලයේ සුළං රටාවන් වෙනස් වීම හේතුවෙන් වර්ෂාපතනය අඩුවීමේ හැකියාවක් පවතින බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.
විශේෂයෙන් එල් නිනෝ බලපෑම නිරිතදිග මෝසම් වර්ෂාවට කඩිනමින් බලපෑම් කළ හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත් වෙනවා.