විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා තහවුරු කර ඇති පරිදි, අද (27) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අත්පොත සිසුන්ට ලබාගත හැකියි. මේ කියන්නේ ඔබේ අනාගත වෘත්තිය සහ තෝරාගත යුතු පාඨමාලා තීරණය කරන අත් පොත ගැනයි!
මෙවර උසස් පෙළ සංඛ්‍යාලේඛන දෙස බලද්දී සතුටට වඩා පුදුමය සහ කනගාටුව දනවන කරුණු කිහිපයක් කැපී පෙනෙනවා..
විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 30,000කට අධික පිරිසක් සියලුම විෂයන් අසමත් වීම ලොකු කතාබහකට ලක්ව තිබෙනවා.
111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි.මොකක්ද මේ 111 දෙනාට වුණේ? විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන්ගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි.
පාසල් සිසුන් 7,477ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 823ක් සියලුම විෂයන්ට A සාමාර්ථ ලබාගෙන ඇත්තේ දැවැන්ත තරගයක් නිර්මාණය කරමින්.
මෙවර සිසුන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 62.64%ක්. ඉතින් මේ අතිවිශාල පිරිස අතරින් සැබෑවටම සරසවි තේරෙන්නේ කවුද යන්න තීරණය කිරීමට අද රාත්‍රියේ නිකුත් වන අත්පොත ඉතාමත් තීරණාත්මක වනු ඇති.
ප්‍රතිඵල ආවාට පස්සේ දැන් තියෙන්නේ නියම තරගයයි. Z-Score එක බලලා හරි පාර තෝරගන්න අද රාත්‍රියේ නිකුත් වන අත්පොත හොඳින් අධ්‍යයනය කරන්න අමතක කරන්න එපා!