ඒ අනුව "වෙසක් සතිය" නිමිත්තෙන් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලෙසයි අමාත්‍යාංශය නියෝග කර ඇත්තේ.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව, මැයි මස 26 වැනි දින සිට ජූනි මස 02 වැනි දින දක්වා කාලය වෙසක් සතිය ලෙස නම් කර තිබෙනවා. මෙම කාලය තුළ රජයේ පාසල්, විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල, පිරිවෙන් යන ආයතන පරිශ්‍රයන් තුළ ආගමික වැඩසටහන් සහ වෙසක් උත්සවයට ගැළපෙන නිර්මාණාත්මක කටයුතු සංවිධානය කළ යුතු බවට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙවර 2570 වැනි සම්බුද්ධ ජයන්තියට සමගාමීව රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත්තේ මාතර, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදීයි. මැයි මස 27 වැනි දින පැවැත්වෙන මෙම මහා උත්සවයට සමගාමීව මුළු දිවයිනම ආවරණය වන පරිදි පාසල් දරුවන්ගේ අධ්‍යාත්මික ගුණය වර්ධනය කිරීම මෙම වැඩසටහන්වල මූලික අරමුණ වී තිබෙනවා.
අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව "යෝජිත ආදර්ශ සැලැස්මක්" ද පාසල් වෙත ඉදිරිපත් කර තිබෙනවා. තමන්ගේ පාසලට හෝ ආයතනයට සුදුසු පරිදි එම සැලැස්ම වෙනස් කර ගනිමින් වෙසක් සතිය අර්ථවත්ව සමරන ලෙසයි ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.