කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දවසේ කාළගුණ වර්තාව නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද (26) පස්වරු කාලයේදී දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි වාර්තා වන්නේ.
අද පස්වරු 2:00 න් පමණ පසුව පහත සඳහන් ප්‍රදේශවලට වැසි ඇද හැලීමට ඉඩ ඇති බවට අනාවැකි පළ කර තිබෙනවා...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක
අද අළුයම් කාලයේදීත් ප්‍රදේශ කිහිපයක මීදුම් සහිත තත්ත්වයක් දක්නට ලැබුණු අතර, විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මෙම තත්ත්වය දැකගත හැකි වුණා.
කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල පවතින්නේ ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැදිලි කාලගුණික තත්ත්වයක්.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.