1940 වසරේ පෙබරවාරි මස 02 වැනිදා කැලණියේ කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී උපත ලැබූ ටෙනිසන් පෙරේරා, මියයන විට 86 වැනි වියේ පසුවුණා.
රජයේ මුද්‍රණාලයේ ආධුනිකයෙකු වශයෙන් එකල පුවත්පත් සහ සාහිත්‍ය කලාව වෙත යොමු වූ ඔහු, කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළ නියෝජනය කරමින් වාමාංශික දේශපාලනයෙහි ද සක්‍රීයව නිරත වූ චරිතයක්.
ටෙනිසන් පෙරේරා කෙටිකතා, නවකතා සහ පරිවර්තන ඇතුළුව ටෙනිසන් පෙරේරා විසින් රචිත කෘති සංඛ්‍යාව 100 කට අධිකයි.
1958 වසරේදී “උත්තරීතර සඳඑළිය” නමැති කෘතියෙන් සිය සාහිත්‍ය ගමන ආරම්භ කළ ටෙනිසන් පෙරේරා මහතා, “දුට්ඨගාමිණී නොමළ වගයි”,සක්වළ දඩයම,එකොළොස් ගිනි,දණ්ඩභූමි,සසර දිගන්තය යන ඇතුළු තවත් බොහෝ කෘති රචනා කළා.
ඔහුගේ ලේඛන දිවියේ වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වාර්තා වන්නේ 1967 වසරේදී රචනා කළ “දැති රෝදෙන් උපන් බුදුන්” නමැති කෙටිකතා සංග්‍රහයත් සමගිනි.