පාසැල් මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සෘජු මඟ පෙන්වීම යටතේ, මෙවර ශ්‍රීමත් ජෝන් ටාබට් තරගාවලි 11ම වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දීමට හිරු මාධ්‍ය ජාලය ඉදිරිපත් වී තිබෙනවා. ඊට අදාළ නිල ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (22) දින සිදු කෙරුණේ ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානය දිනාගනිමින්.
මෙවර තරගාවලි පෙළ ගැසෙන්නේ මෙලෙසයි..
සහය දිවීමේ තරගාවලිය-මැයි මස 21, 22 සහ 23 - දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී.
ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය-සැප්තැම්බර් මස 07, 08, 09 සහ 10 - දියගමදී.
12න් පහළ තරගාවලිය-නොවැම්බර් 03 සහ 04 දෙදින තුළ.
55 වැනි කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය-නොවැම්බර් 05, 06 සහ 07 තෙදින පුරා.
අදියර හයක් යටතේ ක්‍රියාත්මක වන මේ දැවැන්ත ක්‍රීඩා සත්කාරය හරහා හෙට දවසේ ජාත්‍යන්තරය දිනන ක්‍රීඩා තරු රැසක් බිහිවන බව හිරු මාධ්‍ය ජාලයේ අපේක්ෂාවයි. දක්ෂතා තිබුණත් අතහිත දෙන්නට කෙනෙකු නැතිව සිටින අපේ රටේ දිරිය දරුවන්ට හිරු TV සහ හිරු FM ලබාදෙන මේ ශක්තිය සැබවින්ම අගය කළ යුත්තක්.