සොබාදහම අපිට දෙන පුදුම සහගත තෑගි අතරින් මේ "පුදු" (Pudu) මුවාට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්.
Chile සහ Argentina වනාන්තර වල අස්සක් මුල්ලක් නෑර සැරිසරන මේ පුංචි යාළුවා ගැන ඔබ නොදන්න කතා ටිකක් අපි අද අරගෙන ආවා.
සාමාන්‍යයෙන් මේ මුවෙක් උපරිම උස යන්නේ අඟල් 14ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ අපේ ගෙදර ඉන්න පූසෙක්ට වඩා ටිකක් විතරයි මෙයා ලොකු! එයාගේ ඒ රවුම් මුහුණ, බෝල ඇස් දෙක සහ පුංචි කන් දෙක දැක්කම ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ මෙයා "ෆැන්ටසි" චිත්‍රපටයකින් එළියට ආපු චරිතයක් කියලා.
මෙයා හරිම නිහඬ, ඒ වගේම හරිම ලැජ්ජාශීලී සතෙක්. ඒ නිසාම තමයි මේ වගේ සතෙක් වනාන්තරයකදී ඇස ගැටෙනවා කියන්නේ හරිම අමාරු වැඩක්.
ගැඹුරු වනාන්තර ඇතුළේ පඳුරු අස්සේ හැංගිලා ඉන්න තමයි මෙයා වැඩියෙන්ම කැමති.
අන්තර්ජාලයේ සමහර වීඩියෝ වල පෙන්වනවා මේ මුවන් ගස් උඩ නගිනවා කියලා. හැබැයි ඒක නම් පොඩි මිත්‍යාවක්! ඇත්තටම එයාලට ගස් නගින්න බැහැ.
හැබැයි තමන්ට උඩින් තියෙන කෑමක් ගන්න ඕන වුණාම, පස්ස පාද දෙකෙන් කෙලින් වෙලා ඉන්න නම් මෙයාට පුළුවන්.
පුංචි වුණත් මේ සතා වනාන්තරයේ ජීවත් වෙන්න ඕන කරන හැම හැකියාවකින්ම පරිපූර්ණයි.