ඒ, බීජිං නුවර පැවැති අර්ධ මැරතන් තරගයකදී මිනිස් වේගයත් පරද්දමින් රොබෝවරුන් ජයග්‍රහණය කිරීමත් එක්කයි!
මෙම තරගයේදී ලොවක් මවිත කරමින් ජයග්‍රහණය කළේ Honorr සමාගමේ මානවරූපී රොබෝවරයායි. කිලෝමීටර් 21ක අර්ධ මැරතන් දුර මිනිත්තු 50යි තත්පර 26කින් අවසන් කරන්න මේ රොබෝවරයා සමත් වුණා. මෙය දැනට පවතින මිනිස් ලෝක වාර්තාවටත් වඩා බෙහෙවින් වේගවත් වීම නිසා ක්‍රීඩා ලෝකයම දැන් සලිත වෙලා තියෙන්නේ..
මෙවර තරගයේ විශේෂත්වය වෙන්නේ රොබෝවරුන්ගෙන් 40%ක්ම කිසිදු බාහිර පාලනයකින් තොරව, තනිවම තීරණ ගනිමින් ධාවනය වීමයි. ඔවුන් පාරේ තිබුණු බාධක මග හරිමින්, මිනිසුන් අතරින් රිංගා යමින් ඉතා දක්ෂ ලෙස තරගය නිම කළා. කෘත්‍රිම බුද්ධිය (AI) හරහා මිනිස් ඇවිදීමේ විලාසය අනුකරණය කරන මේ රොබෝවරුන් දෙස බලා සිටින්නන් පවා පුදුමයට පත් වුණා.
පසුගිය වසරේ ජයග්‍රාහී රොබෝවරයා තරගය අවසන් කරන්න පැය 2යි විනාඩි 40ක් වැය කළත්, වසරක් ඇතුළත රොබෝවරුන්ගේ වේගය මෙතරම් දියුණු වීම අදහාගත නොහැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.