අද බුවනිට වගේම ඇගේ පවුලේ අයට හරිම විශේෂ දවසක්. ඒ තමයි බුවනිගේ මුළු ලෝකයම වටිනා පුංචි පුතාගේ සහ දියණියගේ 03 වැනි උපන්දිනය අදට යෙදී තිබීම.
මේ සුවිශේෂී දවස වෙනුවෙන් බුවනි ලස්සන උපන්දින සාදයක් පවත්වලා තිබුණා. එම සාදයේ ආදරණීය සහ සුන්දර ඡායාරූප කිහිපයක් ඇය ඇගේ මුහුණුපොතට එකතු කරලා තිබුණේ රසිකයින්ටත් ඒ සතුටට හවුල් වෙන්න අවස්ථාව දෙමින්.
ඡායාරූපවලටත් වඩා බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුණේ බුවනි ඇගේ දරු පැටවුන් වෙනුවෙන් තබා තිබූ සංවේදී සටහනටයි. මවකගේ අපිරිමිත ආදරය අකුරු වුණු ඒ සටහන මෙන්න.
"දිනූ හැම දේ පැරදුනත් මා
දිනා දෙන්නම් ඔබේ පැතුමන්…
මෙතැන් සිට මේ සසර කොතරම්
දුර උනත් මා එක්ක යන්නම්.
නිදුක් නීරෝගි දීර්ඝායු පිරි සුබම සුබ උපන්දිනයක් වේවා මගේ පැටව් දෙන්නටම! ආදරෙයි පණ"
මේ සංවේදී සටහන දුටු බොහෝ දෙනෙක් බුවනිගේ පුංචි පැටවුන් දෙන්නාට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ප්‍රතිචාර දක්වා තිබුණා. බුවනිගේ ඒ ආදරණීය උපන්දින සාදයේ පින්තූර පෙළ පහතින් බලන්න.
