අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්නගේ නව නිවසට ගෙවැදීමේ උත්සවය සහ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුම මෙලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව අලුත් අවුරුදු චාරිත්‍රවලට සහභාගී වූ ජනාධිපතිවරයා, එහි සිටි පිරිස වෙත සිය සුබපැතුම් එක්කරනු ලැබුවා.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන කේ.ඩී. ලාල්කාන්ත, වසන්ත සමරසිංහ, වෛද්‍ය සුසිල් රණසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියා.