ඕනෑම චරිතයක් තමන්ගේ කරගෙන ඒකට උපරිම සාධාරණයක් ඉටු කරන තරින්දි, මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා දැඩි අවධානයක් දිනාගෙන තියෙන්නේ ඇයගේ අලුත්ම පින්තුර ටික නිසයි.
තරින්දි, ඇයගේ නිල මුහුණුපොතට එකතු කරලා තිබුණු අලුත්ම ඡායාරූප පෙළත් එක්ක ලස්සන කවි පන්තියකුත් ලියලා තිබුණා. ඡායාරූප වලටත් වඩා ඇය ලියපු ඒ සංවේදී වදන් පෙළ ගැනයි දැන් හැමෝම කතා වෙන්නේ.
ඇය ලියපු ඒ අපූරු සටහන මෙන්න:
"ඔය මල මගෙ හද ගැඹුරුම තැන
කිසිදා නොමැකෙන මතකයක් ලෙස
පිපෙන්නට ඉඩ දෙමින් මම
ඉතින් ඉඩ හරිමි සැනසුම් සිතිනි"
"පිපී දිලෙමින් ලොවක නුවන් බබලවමින්
ආ ගමන සතුටින් නිදහස විඳිමින්
නිම කරන්නට එලෙසින්..."
මේ සටහනත් එක්ක තරින්දිගේ අලුත් ෆොටෝ වලට ඇයගේ රසිකයන්ගෙන් ලැබෙන්නේ පුදුමාකාර ප්‍රතිචාරයක්. ඔයාලත් බලන්නකෝ ඒ පින්තුර එකතුව කොහොමද කියලා...
