විකිපීඩියා විශ්වකෝෂය තුළ අන්තර්ගතයන් නිර්මාණය කිරීම හෝ නැවත ලිවීම සඳහා කෘතිම බුද්ධිය (AI) භාවිතය තහනම් කිරීමට එම ආයතනය තීරණය කර ඇති පුවත ගැන ඔබ මේ වන විට දැනුවත්ද..?
මෑතකදී ඇති කරගත් එකඟතාවය අනුව, විකිපීඩියා ලිපි මුල සිට ලිවීමට හෝ පවතින ලිපි සම්පූර්ණයෙන් නැවත ලිවීමට (Rewrite) ChatGPT, Gemini වැනි LLM (Large Language Models) භාවිත කිරීම තහනම් කර තිබෙනවා. මෙයට හේතු කිහිපයක් ඔවුන් පෙන්වාදී ඇති අතර, ඒවා නම්,
වැරදි තොරතුරු (Hallucinations) - AI මගින් සත්‍ය නොවන තොරතුරු ඉතා විශ්වාසදායක ලෙස ඉදිරිපත් කිරීමේ අවදානම.
මූලාශ්‍ර රහිත වීම - විකිපීඩියාවේ සෑම කරුණකටම පිළිගත හැකි මූලාශ්‍රයක් (Citations) තිබිය යුතු වුවත්, AI බොහෝ විට මනඃකල්පිත මූලාශ්‍ර ලබා දීම.
මනුෂ්‍ය අධීක්ෂණය - තොරතුරුවල නිරවද්‍යතාවය තහවුරු කිරීමට මනුෂ්‍ය සංස්කාරකවරයෙකුගේ සෘජු මැදිහත්වීම අත්‍යවශ්‍ය වීම.
ව්‍යාකරණ නිවැරදි කිරීම - තමා විසින් ලියන ලද ලිපියක ව්‍යාකරණ හෝ භාෂා දෝෂ නිවැරදි කර ගැනීමට.
පරිවර්තනය - වෙනත් භාෂාවක ඇති විකිපීඩියා ලිපියක් ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමේදී සහායකයෙකු ලෙස (නමුත් මෙහිදී ද කරුණු පරීක්ෂාව මිනිසෙකු විසින් කළ යුතුය).