වවුනියාවේ චෙක්කඩි පිලව් ගම්මානයේදී සහෝදරයකු විසින් සිය වැඩිමල් සොහොයුරියට පිහියකින් ඇන ඝාතනය කොට තිබෙනවා.
බීමත්ව නිවසට පැමිණි සහෝදරයා සමග මියගිය කාන්තාව බහින්බස් වී ඇති අතර පසුව ඔහු සිය අක්කාට පිහියකින් ඇන ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
බරපතල ලෙස තුවාල ලැබූ ඇයව වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පවල රන්නම් සෙල්වමාලා (56) නමැති කාන්තාවක්.
සිද්ධිය පිළිබඳව වවුනියාවේ පුවරසන්කුලම පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසුව පොලිසිය පිහි ඇනුම සිදුකළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා ගෙන යනවා.