මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රොෂාන් තමන්ගේ ආදරණීය බිරිඳ කුෂානි සහ පුංචි පුතු මිනෙත් එක්ක හරිම අපූරු විදිහට කාලය ගත කරලා තිබුණා.
මුහුදු වෙරළක සුන්දරත්වය විඳිමින්, හෙළ උරුමයට මුල් තැන දෙමින් ඔවුන් ගත් ඒ ලස්සන ඡායාරූප පෙළ දැන් සමාජ මාධ්‍යවල කාගේත් අවධානය දිනාගෙන ඉවරයි.
මේ අත්දැකීම ගැන රොෂාන් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් " මුහුදු සුළඟේ පහස ලබමින්, අපේ සංස්කෘතික අංගයන්ට පණ දෙමින් ගත කළ ඒ කාලය තමන්ට කවදාවත් අමතක නොවන බවයි රොෂාන් පවසන්නේ.
චාම් වගේම හරිම ලස්සන විලාසිතාවලින් හැඩවුණු මේ පුංචි පවුලේ අවුරුදු සිරි නැරඹූ රසිකයින්, ඔවුන්ට සුබ පතන්නත් අමතක කරලා තිබුණේ නැහැ.
ඉතින් අපිත් මේ ආදරණීය පවුලට සතුට පිරුණු අනාගතයකට සුබ පැතුම් එකතු කරනවා!
