බය වෙන්න එපා, මේක ඔයාගේ ලෙඩක් නෙවෙයි. මේක අපේ මොළේ ඇතුළේ සිද්ධ වෙන පට්ටම සයන්ටිෆික් "ගේම්" එකක්. සරලවම කිව්වොත්, අපේ ඇඟ ඇතුළේ ඉන්න 'චරිත' හතරක් තමයි අපිව රූකඩ වගේ නටවන්නේ.
බලමු කවුද මේ අපේ ඔළුව එක්ක සෙල්ලම් කරන "සෙට් එක" කියලා,
1. ඩෝපමයින් (Dopamine)
ෆේස්බුක් ලයික් එකක්, ටික්ටොක් වීඩියෝ එකක් බලද්දී අපිට දැනෙන ඒ "ආතල්" එක දෙන්නේ මෙයා. හැබැයි පැය ගණන් ෆෝන් එක ඔබලා එකපාරටම පාඩම් කරන්න ගත්තම මොළේට ඩෝපමයින් ලැබෙන එක නැවතිලා ඔලුව "ක්‍රෑෂ්" වෙනවා. අන්න ඒ වෙලාවට තමයි පට්ටම කම්මැලිකමක් දැනෙන්නේ.
2. කෝටිසෝල් (Cortisol)
මේකට කියන්නේ ස්ට්‍රෙස් හෝමෝනය කියලා. බොස් බනිද්දී, ට්‍රැෆික් එකේ හිරවෙද්දී මේක වැඩි වෙනවා. කෝටිසෝල් වැඩි වුණාම අපේ මොළේ "තර්කානුකූලව හිතන කොටස" ඕෆ් වෙලා, "හැඟීම් පාලනය කරන කොටස" වැඩ පටන් ගන්නවා. පොඩි දේටත් මල පනින්නේ ඒකයි!
3. සෙරොටොනින් (Serotonin)
කිසිම හේතුවක් නැතුව දුක හිතෙනවා නම්, ඔයාගේ සෙරොටොනින් ලෙවල් එක බැහැලා. හරියට නිදාගන්නේ නැති වුණාම සහ අව්ව වැටෙන්නේ නැති කාමරවලටම හිරවෙලා ඉද්දී මේක අඩුවෙලා "ඩාර්ක් මූඩ්" එකක් එනවා.
4. එන්ඩොෆින්ස් (Endorphins)
හිතට හරි ඇඟට හරි වේදනාවක් ආවම ඒක නිවන කෙනා මෙයා. හිනාවෙද්දී, ව්‍යායාම කරද්දී මේක රිලීස් වෙනවා.
ඔයාගේ පාලනය ඔයා අතට ගන්න මෙන්න මේ සරල පියවර අනුගමනය කරන්න.
දවසට පැය කිහිපයක් ෆෝන් එක පැත්තකින් තියලා ස්වභාවධර්මය එක්ක ඉන්න.
සූර්යාලෝකයට ආවරණය වන්න.දවසට විනාඩි 15ක්වත් උදේ අව්ව තපින්න. සෙරොටොනින් බූස්ට් වේවි.
ඇඟ වෙහෙසන්න දෙන්න.දාඩිය දානකන් ව්‍යායාම කිරීමෙන් ස්ට්‍රෙස් එක (කෝටිසෝල්) දහනය වෙලා සතුට (එන්ඩොෆින්ස්) වැඩි වෙනවා.
පැය 8ක නින්ද ඕන. මේක තමයි ඔයාගේ "කෙමිකල් ෆැක්ටරිය" රීසෙට් කරන වෙලාව.
මතක තියාගන්න, ඔයාගේ හැඟීම් කියන්නේ මැජික් එකක් නෙවෙයි, ඒක බයොලොජි සහ සයිකොලොජි වල එකතුවක්. මේ රහස දැනගත්තා නම්, ආයේ හිටපු ගමන් ඔලුව කොලොප්පම් වෙද්දී ඔයාටම තේරේවි "ආ.. මේක අර හෝමෝනවල වැඩක් නේද" කියලා. එදාට ඔයා රූකඩයක් වෙන එක නතර වේවි!
මුහුණු පොත ඇසුරෙන්..