නිතරම තමන්ගේ පෞද්ගලික ජීවිතේ සුන්දර තොරතුරු ප්‍රේක්ෂකයින් එක්ක බෙදාගන්න මාෂි නම් කොහොමටවත් අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් මාෂි ඇගේ මුහුණු පොතට (Facebook) හරිම අපූරු පින්තූර එකතුවක් එකතු කරලා තිබුණා. හැමෝම මේ පින්තූර ගැන කතා වෙන්න පටන් අරන් තියෙන්නේ එහි තිබෙන අහිංසක ආදරය නිසයි.
මේ පින්තූරවල ඉන්නේ මාෂිගේ ආදරණීය සැමියා වන ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග සහ ඔවුන්ගේ හුරතල් පුංචි දෝණියි. තාත්තාගේ අතේ එල්ලීගෙන පුංචි දෝණි ඉන්න අපූරුව දකිද්දී ඕනෑම කෙනෙකුගේ හිතේ ආදරයක් ඇති වෙනවා නොඅනුමානයි.
මාෂි මේ පින්තූර පෙළත් එක්ක හරිම ආදරණීය සටහනක් පවා තබන්නට අමතක කරලා තිබුණේ නැහැ. ප්‍රේක්ෂකයින් පවසන්නේ "ඇත්තටම මේක හරිම ලස්සන පවුලක්" කියලයි.
බලන්නකෝ එහෙනම් මාෂි බෙදාගත්ත ඒ සුන්දර පවුලේ පින්තූර එකතුව කොහොමද කියලා...
