ලුණුගම් වෙහෙර මත්තල ප්‍රදේශයේ පාසලක පැවැති ක්‍රීඩා උත්සවයක් අතරතුරදී එම පාසලේ 11 ශ්‍රේණිය ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ 10 වසර ඉගෙනුම ලබන 14 හැවැරිදි සිසුවකු අතර ඇති වු ගුටි බැට හුවමාරුවක් සිදුව තිබෙනවා.
අදාල සිද්ධියෙන් පසු එම සිසුන් දෙදෙනා අතරින් මොළයේ අභ්‍යන්තර රුධිර වාහනයකට ලක්ව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් ගාල්ල මහා රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි සිසුවා මිය ගොස් ඇති බව පොලිසියට පැවසුවා. එම සිසුවා ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ සිහිසුන්ව, පසුගිය මාර්තු 23 දින සිට ප්‍රතිකාර ලබමින් සිටියා.
මෙම සිසුවා සමග ආරවුලට සම්බන්ධ ගැටුමට මැදි වූ සෙසු සිසුවා ද ලුණුගම් වෙහෙර ග්‍රාමීය රෝහලට ඇතුළන්ව ප්‍රතිකාර ලබා පිටව යෑමෙන් පසු මත්තල පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම සිසුවා රුපියල් ලක්ෂ පහක සහතික ඇපයක් මත අධිකරණ මුදාහැර තිබුණා.
ඉකුත් 23 දින පාසලේ පැවැති ක්‍රීඩා උත්සවයේදී විවේක කාලයේ මෙම ගැටුම ඇති වී තිබෙන අතර, පසුව ගුරුවරුන් විසින් එම ගැටුම සමතයකට පත්කර තිබෙනවා.
එදින පාසල නිමාවී නිවසට ගිය 15 හැවිරිදි සිසුවා අසනීප වී වමනය කර ඇති අතර, එහිදී දෙමාපියන් ඒ පිළිබඳව විමසීමේදී එම සිසුවා පවසා ඇත්තේ පාසලේදී ඇද වැටුණු බවයි.
දෙමාපියන් විසින් කඩිනමින් ඔහු ලුණුගම් වෙහෙර ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට මාරුකර යවා තිබුණි.
හම්බන්තොට රෝහලෙන් නැවැත ඔහු කරාපිටිය මහා රෝහලට මාරුකර යවා ඇති අතර, එහිදී රෝගී සිසුවා ශල්‍යකර්මයට ලක්කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකයට ඇතුළත් කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් මත්තල පොලිස පර්‍යේෂණ සිදුකරනවා.