මේ ඇසෙන්නේ අන්න ඒ වගේ තවත් එක කතාවක්. ඔවුන්ගේ අලුත්ම නිෂ්පාදනය ගැන මේ ඇසෙන්නේ මොන වගේ කතාවක්ද..? Louis Vuitton සන්නාමය බල්ලෙකුගේ හැඩය ගත් අත්බෑගය නිශ්පාදනය කිරීම (Dog-shaped bag) මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
මෙම බෑගය සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල (XXL) ප්‍රමාණයෙන් නිපදවා ඇති අතර, එහි මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 18,500ක් ලෙසයි. ශ්‍රී ලංකා මුදලින් ගණනය කළහොත් මෙය ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 57කට (රු. 5,735,000) අධික වෙනවා.
කෙසේ වෙතත්, මෙම අමුතු හැඩැති බෑගය පිළිබඳව ලෝකය පුරා විවිධ අදහස් පළවෙමින් පවතිනවා.
බොහෝ විලාසිතා ලෝලීන් මෙය හුදු බෑගයක් පමණක් නොව, විලාසිතා කලාවේ (Art) සීමා මායිම් පුළුල් කරන අපූරු නිර්මාණයක් ලෙස හඳුන්වනවා.
නමුත්, තවත් පිරිසක් පවසන්නේ මෙය අතිශය සුඛෝපභෝගී ජීවන රටාවන් පෙන්නුම් කරන තවත් එක් උදාහරණයක් පමණක් බවයි.
