රටේ හැමදේකම මිල ගණන් ඉහළ යන අස්සේ, සාමාන්‍ය ජනතාවට තවත් තීරණාත්මක පුවතක්දෙපාර්තමේන්තුවෙන් වාර්තා වෙනවා.
ඒ අනුව හෙට, එනම් පෙබරවාරි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.
දැන් කාලේ ලියුමක් යවන්න රුපියල් 10, 20 මුද්දර අලවපු කාලය ඉවරයි.
හෙට සිට අවම මුද්දර ගාස්තුව රුපියල් 70 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලියුමක් පවා තැපැල් කිරීමට ඔබට වෙනදාට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදු වෙනවා.
මෙම ගාස්තු සංශෝධනය සාමාන්‍ය ලිපිවලට පමණක් සීමා වෙන්නේ නැහැ.
ලියාපදිංචි තැපෑල සඳහා අය කරන ගාස්තුව ද කැපී පෙනෙන ලෙස ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
ඔබ ව්‍යාපාරික කටයුත්තකට හෝ නිල අවශ්‍යතාවයකට ලියාපදිංචි තැපෑලෙන් ලිපි යවන කෙනෙක් නම්, හෙට සිට අමතර මුදලක් අතේ තබාගෙන තැපැල් කන්තෝරුවට යාම නුවණට හුරුයි.