අලුත්ගම පොලිස් ස්ථානයෙන් වාර්තා වුණේ කාගේත් ඇස් ඇරවන අපූරු සිදුවීමක්.
බලන්නකෝ.. ඒ සිදුවීම මොකක්ද කියලා.
මාතර කැකනදුර පැත්තේ ඉඳන් අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ රාජකාරියට ආපු මේ තරුණ කොස්තාපල්වරයා, කලක ඉඳන් හිටියේ දැඩි මානසික පීඩනයක.
විවේකයක් නැතිව දිගින් දිගටම රාජකාරි වල යෙදවීම. දවස පුරා නිදි වරාගෙන, පවුලේ අය බලන්න යන්නවත් නිවාඩුවක් නැතිව වැඩ කරපු මේ නිලධාරියාගේ ඉවසීමේ සීමාව අද දහවල් පැනලා තියෙනවා.
තවත් මේ පීඩනය දරාගන්න බැරි තැන, ඔහු කරපු දේ තමයි දැන් හැමෝම කතා වෙන්නේ.
පොලිසියේ තොරතුරු සටහන් පොතේ (IB) පැහැදිලිවම ලියපු ඔහු මෙහෙම කියලා තියෙනවා:
"විවේකයක් නැතිව වැඩ කරලා මම ඉන්නේ දැඩි මානසික පීඩනයක. මට තවත් මේ රාජකාරිය කරන්න බැහැ!"
එහෙම ලියපු කොස්තාපල්වරයා, තමන්ගේ ඇඳුම් පැළඳුම් ඇතුළු පෞද්ගලික දේපළ ටිකත් බෑග් එකට දාගෙන කාටවත් නවත්තන්න බැරි වෙන්නම පොලිස් ස්ථානයෙන් පිටවෙලා ගිහින්.