නුවර ඉන්න අපේ කට්ටියට හෙට දවස ටිකක් අමාරු වෙන පාටයි.
මොකද හෙට උදේ ඉඳන් අනිද්දා පාන්දර වෙනකම්ම වතුර නැතිව ඉන්න වෙයි කියලා ජලසම්පාදන මණ්ඩලයෙන් හදිසි නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා සිදුවන මෙම ජල කප්පාදුව හෙට (08) ඉරිදා පෙරවරු 6.00 සිට අනිද්දා (09) සඳුදා පෙරවරු 4.00 දක්වා එකදිගට පැය 22ක් ක්‍රියාත්මකයි.
ලැයිස්තුවේ හැටියට ප්‍රදේශ ගොඩක් තියෙනවා. මේ ප්‍රදේශවල ඉන්නවා නම් දැන්ම වතුර ටිකක් පුරවගත්තොත් හොඳයි:
නගර සභා සීමාවේ: අස්ගිරිය, වේගිරිය, පල්ලෙමුල්ල (නව/පැරණි).
සේවා ජලාශ ආශ්‍රිත: යටිහලගල, කොණ්ඩදෙණිය, රජපිහිල්ල, මැදවල (නව/පැරණි).
අනෙක් ප්‍රදේශ: කහවත්ත, කුරුගොඩ, බුලුගොහොතැන්න, ගිරාකඩුව, කහල්ල, තෙළඹු ගහවත්ත, නුගවෙල, බලනගල, ගලගෙදර සහ මාවතගම.
සඳුදා පාන්දර 4 වෙනකම්ම වතුර නැති නිසා ඉරිදා දවසේ උයාගන්න, නාගන්න විතරක් නෙවෙයි, සඳුදා ඔෆිස් යන අයටත් ලෑස්ති වෙන්න වෙන්නේ කලින් වතුර එකතු කරගත්තොත් විතරයි.