ගුවන් යානයක් පදවන්න පයිලට් කෙනෙක් ඕනෙමයි කියපු යුගය දැන් ඉවරයි වගේ.
මුළු ලෝකයම මවිත කරමින් චීනය අලුත්ම වැඩක් පටන් අරන්. ඒ තමයි Cai Hong YH-1000S කියන ලොව ප්‍රථම දැවැන්ත, මිනිසුන් රහිත දෙමුහුන් (Hybrid) ප්‍රවාහන යානය.
පසුගියදා චීනයේ Chongqing නගරයේ අහසේ සිද්ධ වුණු මේ අත්හදා බැලීම දැකලා ගොඩක් අය පුදුම වෙලා තියෙනවා.
මොකද මේක නිකන්ම නිකන් ඩ්‍රෝන එකක් නෙවෙයි, ටොන් ගණන් බඩු අරන් රට රටවල් වලට යන්න පුළුවන් මට්ටමේ "අහස් යෝධයෙක්"
සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව පාලනය වෙන නිසා මිනිස් ජීවිත අවදානම බින්දුවයි.
මේ යානය දුවන්නේ Hybrid තාක්ෂණයෙන්. ඒ කියන්නේ පරිසරයට හානිය අඩුයි, වියදම හරිම අඩුයි.
ඕනෑම තැනකට "ready": භාණ්ඩ ප්‍රවාහනය විතරක් නෙවෙයි, ලොකු විපතක් වුණු වෙලාවක සහන සේවා සපයන්න වගේම මුහුදේ සිද්ධ වෙන හොර වැඩ අල්ලන්නත් (Maritime Surveillance) මේ යානයට පුළුවන්.
විශේෂම දේ තමයි මේ යානය නිපදවලා තියෙන්නේ ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රමිතීන්ට අනුවමයි.
ඒ කියන්නේ වැඩි කාලයක් යන්න කලින් ඔබේ ගෙදරට එන online order එක චීනයේ ඉඳන් මේ වගේ පයිලට් නැති යානයකින් එන්නත් බැරි නැහැ.
ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ අලුත්ම පෙරළියට චීනය පාර කපලා ඉවරයි.
ලෝකය කොයිතරම් වේගයෙන් වෙනස් වෙනවද කියලා හිතාගන්නත් බැහැ නේද?