ඒ වගේම ඔබට එන අභියෝගවලට සාර්ථකව මුහුණදෙන ගමන් මේ සතිය සැලසුම් කරන්න මේක නම් ඇත්තටම වැදගත් වේවි.
මේෂ
විශේෂ ඇසුරක්
විශේෂ කටයුත්තකට අත ගැසීමට අවස්ථාව උදාකරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙයි. අතමිට සරු කරන කටයුතු කීපයක් යෙදේ. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. විශේෂ කෙනකුගේ ඇසුරට අවස්ථාව උදා කරයි. අලුත් ඥාති සබඳතාවලට හේතු ඇති කරයි.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස්කරන සතියකි.
අධ්‍යාපනය
තරමක වෙහෙස මහන්සියෙන් අධ්‍යයන කටයුතු කරගෙන යයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධ වන කාලයකි.
සෞඛ්‍යය
ශරීර වෙහෙස මහන්සිය ඇති කරයි. සෙම් අමාරුවක්, උගුර සම්බන්ධ ආබාධ හේතුවෙන් පීඩා ඇති කරයි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන සතියකි.
අය 06 වැය 04
ජය අංකය – 04
ජය වර්ණය – නිල්
සුබ දවස් – බදාදා
වෘෂභ
නව දැනුම සොයා යයි
යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
වෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කළයුතු කාලයකි. ලැබීම් සහිත කාලයක් වුවත් වැයපස අධික කරයි. දරුවකුගේ අධ්‍යාපන කටයුතු හේතුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. ප්‍රමාද වූ නීති ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන කාලයකි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.
රැකියාව
මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තක් නව මුහුණුවරකින් කරගෙන යෑමට කටයුතු උදා කරයි. රජයට සම්බන්ධ රැකියා මාර්ගවලට ද හේතු ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන සතියකි.
අධ්‍යාපනය
විශේෂ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදා කරයි. නව දැනුම සොයා යන මාර්ගවල නිරතවන කාලයකි. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට කැමැත්තක් දක්වයි. ගුරු භවතුන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද හොඳහිත දිනාගෙන කටයුතු කරන කාලයකි.
සෞඛ්‍යය
පරම්පරාගත රෝගයක් මතුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. උෂ්ණාධික රෝගී තත්ත්වයකටද ඉඩකඩ ඇති කරයි. හදිසි වෛද්‍ය පරීක්ෂණයකට යොමුවන කාලයකි.
අය 06 වැය 03
ජය අංකය – 04
ජය වර්ණය – කහ
සුබ දවස් – බ්‍රහස්පතින්දා
මිථුන
තෑගි භෝග හිමිවේ
නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් විය යුතු සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාව මගින් ගමන් කරයි.
ගෘහජීවිතය
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇති කාලයකි. ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් ඉටු කරයි. ළඟම හිතවතෙකුගෙන් තෑගි භෝග හිමිකරයි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.
රැකියාව
රැකියාවේ කටයුතු නොසන්සුන්කාරී ලෙස කරගෙන යන බවක් පෙනේ. එමෙන්ම අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකය. වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමට යහපත් කාලයකි. කරගෙන යන රැකියාවේ තනතුරු වෙනසක් හෝ ස්ථානීය වෙනසක් සිදුවීමට ඉඩ ඇත.
අධ්‍යාපනය
තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. ධාරණ ශක්තිය බලවත්වන කාලයක් බැවින් හොඳ මතක ශක්තියක් ඇත. ගණිත අංශයෙන් විශේෂ දක්ෂතා පෙන්වයි. කණ්ඩායම් වැඩසටහනකට යොමුවන කාලයකි.
සෞඛ්‍යය
සෙම් රෝග, උගුර සම්බන්ධ ආබාධ ඇතිවිය හැකි කාලයකි. එමෙන්ම ශරීර අභ්‍යන්තයේ හට ගන්නා අසනීප තත්ත්වයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 07 වැය 06
ජය අංකය – 07
ජය වර්ණය – කොළ
සුබ දවස් – සිකුරාදා
කටක
වැඩිහිටියන්ගෙන් උදව්
වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරයි. මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
අවිවාහකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන කාලයකි. වෙනදාට වඩා ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. වැඩිහිටියන්ගේ උදව් උපකාර හිමිකරන සතියකි. විදෙස් ඥාතියකුගෙන් ද උපකාරයක් හිමිකරයි. සතිය මැද කාලයේදී අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදා කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි.
රැකියාව
උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. රැකියා ස්ථානයේ අය අතර හොඳහිත දිනාගෙන කටයුතු කරන කාලයකි. එමෙන්ම රැකියාවේ කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවේ.
අධ්‍යාපනය
පැවැති උදාසීන ගති මඟහැරෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යන යයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගන්නා කාලයකි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට අවස්ථාව උදා කරයි.
සෞඛ්‍යය
පැවැති ශාරීරික වෙහෙසීම් මඟහැරී යයි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න.
අය 06 වැය 04
ජය අංකය – 04
ජය වර්ණය – දම්
සුබ දවස් – සිකුරාදා
සිංහ
තනතුරු මාරුවක්
උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
විශේෂ ගමනකට සූදානමක් ඇති කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරයි. දරුවකුගේ ඉදිරි පියවරක් වෙනුවෙන් විශේෂ සැලසුමක් ගන්නා කාලයකි. සමාජ සේවා කටයුතුවලට දවසින් වැඩි කාලයක් යොදවයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. අලුත් දැන හැදුණුම්කම්වලට කරුණු යෙදෙන සතියකි.
රැකියාව
රැකියාවේ කටයුතු වෙනදාට වඩා උත්සාහවන්තව කරගෙන යන කාලයකි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. එමෙන්ම තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.
අධ්‍යාපනය
දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධ වෙයි. එමෙන්ම පොතපත කියවීමට කැමැත්තක් දක්වන කාලයකි. සංගීතය හා කලා අංශයට ළැදි කාලයකි.
සෞඛ්‍යය
වරින් වර ඇති කරන කොන්ද ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම හදිසි වෛද්‍ය පරීක්ෂණයකටද භාජනය වීමට සිදුවන බවක් පෙනේ.
අය 06 වැය 04
ජය අංකය – 02
ජය වර්ණය – නිල්
සුබ දවස් – බදාදා
කන්‍යා
ඇවිදිලි වැඩිකරයි
පැරැණි හිතවත්කමක් අලුත් කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
දරුවකුගේ ඉදිරි වැඩපිළිවලක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. හිතවතෙකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. පැවැති නීති ගැටලුවකින් නිදහස උදා කරයි. අලුත් හිතවත්කම්වලට කරුණු සැලසෙන සතියකි.
රැකියාව
රැකියාවේ ඉදිරි වැඩපිළිවලක් වෙනස් කරයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලට යොමුවන කාලයකි. තැන තැන ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. අතමිට සරුකරන ස්වයං රැකියා මාර්ගවලටද යොමුවන කාලයකි.
අධ්‍යාපනය
විවිධ බාධා මාධ්‍යයේ අධ්‍යාපන කටයුතු කරගෙන යයි. පොත්පත් ලිවීමට මෙන්ම කියවීමට ද කැමැත්තක් දක්වයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. සාහිත්‍ය හා කලාකටයුතුවලට වැඩි කැමැත්තක් දක්වයි.
සෞඛ්‍යය
කන්වල හෝ ඇසේ හටගන්නා ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි. එමෙන්ම සෙම් දෝෂ බලවත්වීමෙන් හිසේ ආබාධයක් ඇතිවිය හැකිය.
අය 07 වැය 03
ජය අංකය – 09
ජය වර්ණය – දම්
සුබ දවස් – බදාදා
තුලා
විශ්වාසවන්ත බැඳීමක්
අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
වියදම් වැඩිකරන කටයුතු කීපයක් සිදුකරයි. අලුත් බලාපොරොත්තු ඇති වුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවේ. යන එන තැන කැපී පෙනෙන කාලයකි. පැවැති නීති ගැටලුවකින් නිදහස උදා කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්විය යුතු කාලයකි. විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අමතර වාසි සැලසෙන සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලට යොමුවනු ඇත.
අධ්‍යාපනය
මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උනන්දුවකින් උද්යෝගයකින් කරගෙන යන බවක් පෙනේ. තාක්ෂණික අංශයේ කටයුතුවලට විශේෂ දක්ෂතා දක්වන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි.
සෞඛ්‍යය
කොන්ද, උරහිස ආශ්‍රිත ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි. එමෙන්ම හදිස්සියේ ඇතිවන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 07 වැය 03
ජය අංකය – 04
ජය වර්ණය – ළා නිල් සුබ දවස් – බ්‍රහස්පතින්දා
වෘශ්චික
හවුල් ව්‍යාපාරයකට සූදානමක්
සහෝදර බැඳීම්වලට හේතු සැලසෙන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. අන් අය අතර කැපී පෙනෙන කාලයකි. පවුලේ අය සමඟ එකමුතු වී කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා වෙහෙසීම් අධික කරයි. එමෙන්ම නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
රැකියාව
වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ. හවුල් ව්‍යාපාරයක් ඇරැඹීමට සූදානමක් ඇති කරයි. එමෙන්ම දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලට අවස්ථාව උදා කරයි.
අධ්‍යාපනය
ධාරණ ශක්තිය බලවත් කාලයකි. නව දැනුම සොයායන මාර්ගවල නිරතවන බවක් පෙනේ. විශේෂ පාඨාමාලවක් හැදෑරීමට පදිංචියෙන් පිට වාසය කිරීමට සිදුවෙයි. පොත්පත් කියවීමට කැමැත්තක් දක්වන කාලයකි.
සෞඛ්‍යය
සෙම් ගෙඩි වැනි උගුරේ අමාරු නිතර නිතර හට ගන්නා කාලයකි. වරින් වර ශාරීරික අප්‍රාණික ගති ඇති කරයි. සුළු සීරීම්, කැපීම් වැනි අනතුරු සිදුවිය හැකි කාලයකි.
අය 07 වැය 05
ජය අංකය – 04
ජය වර්ණය – දම්
සුබ දවස් – සිකුරාදා
ධනු
අලංකාරයට සිත්දේ
ප්‍රියමනාප ගති පැවැතුම් ඇති කරන කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
ගුණයහපත් සාධාරණ හැඟීම්වලින් යුතු කාලයකි. දුක්කරදරවලට ඔරොත්තු දෙන ශක්තියක් ඇති කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. පිරිසුදුකමට අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක නිරතවන කාලයකි.
රැකියාව
රැකියාවේ කටයුතුවලින් ගෞරවයට පාත්‍රවන කාලයකි. කලාකටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. රැකියාවේ ස්ථාන වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. සුළු සුළු ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධවන කාලයකි.
අධ්‍යාපනය
පැවැති දුර්වලතා මඟහැරී යයි. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතුවලට යොමුවන බවක් පෙනේ. ගණිත අංශය, තාක්ෂණික කටයුතුවලින් විශේෂ දක්ෂතා දක්වයි.
සෞඛ්‍යය
නින්දයාම අඩුකම, පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ. චර්මගත ආබාධයකින්ද පීඩා අත්කරන බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න.
අය 07 වැය 03
ජය අංකය – 07
ජය වර්ණය – තැඹිලි
සුබ දවස් – සිකුරාදා
මකර
උත්සාහයේ තරමට ප්‍රතිපල
පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට හැකිවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්කරන කාලයකි. වැඩිහිටි උපදෙස් මත කටයුතු සිදුකරන බවක් පෙනේ. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙයි. අවිවාහකයන්ට සුබදායක කාලයකි. හදිසි තීරණයක් සාර්ථක කරයි. බැඳීම් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ.
රැකියාව
සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට යොමුවන බවක් පෙනේ. එමෙන්ම විසිතුරු භාණ්ඩ අලවිය වැනි ස්වයං රැකියා කටයුතුවලටද සම්බන්ධවන කාලයකි. ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ග යෙදීමට ඉඩ ඇත.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කරගන්නා කාලයකි. දහම් අධ්‍යාපනික කටයුතුවලට යොමුවනු පෙනේ.
සෞඛ්‍යය
පපුව, පෙනහැල්ල ආශ්‍රිත පාට ගන්නා ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිස්සියේ ඇතිවන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
අය 06 වැය 04
ජය අංකය – 02
ජය වර්ණය – දම්
සුබ දවස් – සිකුරාදා
කුම්භ
ස්වයං රැකියාවලට සුබයි
උරුම හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
ගේ දොර යානවාහන පිළිබඳ පැවැති බාධා ගැටලු මඟහැරී යයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම අන් අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. පැවැති වගකීමකින් නිදහස සැලසෙන සතියකි. අලුත් දැනහැඳුණුම්කම්වලට හේතු සැලසෙන සතියකි.
රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. එමෙන්ම ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායක කාලයකි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු සැලසේ. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තුවන අයට සුබදායකයි.
අධ්‍යාපනය
නිර්මාණශීලී හැකියාවක් දියුණුවට පත්වන කාලයකි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. ගණිත අංශයේ කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරයි. පපුව පෙනහැල්ල ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සති අන්තයේ දී දතක ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.
අය 06 වැය 03
ජය අංකය – 02
ජය වර්ණය – කොළ
සුබ දවස් – සඳුදා
මීන
ආගමික භක්තිය වැඩේ
යන එන තැන කැපී පෙනෙන කාලයකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 11,12, 1, 2 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවන සතියකි.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු සැලසේ. නව ව්‍යාපාරයක් ඇරැඹීමට සූදානමක් ඇති කරයි.
අධ්‍යාපනය
දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු සැලසෙන කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමුවිය හැකිය.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරන සතියකි. රුධිරගත සීනි මට්ටම අධි රුධිර පීඩනය කෙරෙහි සැලකිලිමත් වන්න. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි.
අය 06 වැය 03
ජය අංකය – 04
ජය වර්ණය – කොළ
සුබ දවස් – සඳුදා
සුබසෙත පුවත්පත ඇසුරෙන්..