Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
22
එකම කරුණක් නැවත නැවත අහනවද ? ඔබට යම්කිසි දෙයක් තැබූ ස්ථානය අමතක වෙනවද ? එහෙමනම් මේ ලිපිය කියවන්න ...

- එකම කරුණක් නැවත නැවත අහනවද ? ඔබට යම්කිසි දෙයක් තැබූ ස්ථානය අමතක වෙනවද ? එහෙමනම් මේ ලිපිය කියවන්න ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

සමහර වෙලාවට අපිට කෙටි කාලීන මතකය අහිමි වෙලා යනවා වගේ දැනෙනවා. මේ දැනුත් තිබ්බ දේවල් කොහෙද තිබ්බේ කියලා මතක නෑ. කවුරුහරි මොනවා හරි කිව්වා වගේ මතකයි. ඒත් මොනවද කියලා මතකනැහැ. මේ වගේ සිදුවීම් වලට ඔයාලා මුහුණ දීලා ඇති. ඉතින් අද කතා කරමු ඒ ගැන...


කෙටි කාලින මතකය අහිමිවීම යනු ආසන්න වශයෙන් ඔබ ඇසූ දුටු දෑ අමතක වීමයි. මෙය බොහෝ විට වයස්ගත වන විට දැකිය හැකි සාමාන්‍ය සිදුවීමක් වන අතර ඇතැම් විට එය මානසික ගැටළුවක්, ඩිමෙන්ශියා හෝ මොළයේ අකර්මන්‍යතාවක් වැනි බරපතල ගැටළුවකට මගපාදන්නක්ද වීමට ඉඩ තිබෙනවා.. කෙටි කාලින මතකය යනු ඔබ ලබා ගන්නා තොරතුරු ඔබගේ මොළය මගින් කෙටි කාලයක් සඳහා ගබඩා කර ගැනීමයි. විද්‍යාඥයින්ට අනුව මෙම කෙටි කාලීන මතකය, වැඩ කරන මතකය (working memory) සහ කෙටි කාලීන මතකය (short-term) ලෙස කොටස් 2 කට බෙදනු ලබනවා. නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේදි මෙය බොහෝ විට කෙටි කාලින මතකය ලෙස හඳුන්වනු ලබනවා.

කෙටි කාලින මතකය අහිමි වීමේ ලක්ෂන

- එකම කරුණක් නැවත නැවත ඇසීම
- ඔබ යම්කිසි දෙයක් තැබූ ස්ථානය අමතක වීම
- මෑත කාලීන සිදුවීම් කිසිවක් මතක නැති වීම
- මෑතදී කියවූ හෝ දුටු දෙයක් අමතක වීම

කෙටිකාලින මතකය අහිමි වීම හඳුනා ගන්නේ කෙසේද..

කෙටිකාලින මතකය නැතිවීමෙ තත්ත්වයක් ඔබට ඇතැයි සැක හිතෙනවා නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අතර එහිදී වෛද්‍යවරයා විසින් පහත කරුණු පිළිබඳ ඔබගෙන් විමසීමක් සිදුකරනු ඇති.
- ඔබගේ සාමාන්‍ය ජීවන රටාව සහ සෞඛ්‍ය තත්වය පිළිබඳව
- මෑතකාලයේදි ඔබට යම් අසනීප තත්ත්වයක් හෝ තුවාල සිදුවුනේද යන්න
- යම් රෝගයක් සඳහා ඔබ ඖෂධ ලබාගන්නවාද යන්න
- මත්පැන්/ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව
- ආහාර සහ නින්ද පිළිබඳව
- ඔබගේ චිත්තවේගී ගැටළු සහ දැනෙන ආකාරයන් පිළිබඳව

1. ඉන්පසු සාමාන්‍ය ආකාරයේ පරීක්ෂනයන් වෙත ඔබ යොමු කර දත්ත ලබා ගනු ලබන අතර සාමාන්‍යයෙන් එහිදී සිදුකරනු ලබන රුධිර සාම්පල පරීක්ෂාව ආදියෙන් මෙම තත්වයට බලපාන යම් යම් ඌණතාවයන් හෝ ආසාදන තිබේදැයි පරික්ෂා කර බලනු ලබනවා.

2. යම්කිසි මොළයේ හෝ අනෙකුත් ඉන්ද්‍රියක යම් ගැටළුවක් නිසා මෙම කෙටි කාලින මතකය නොමැති වීමට ගොදුරු වුනේද යන්න පරික්ෂාවට MRI හෝ CT scan වැනි පරීක්ෂනයන් නිර්දේශ කිරීමට ඉඩ තිබෙනවා.

3. ඔබගේ මතකය අහිමි වීම පරික්ෂාවට යම් යම් සංජානනමය පරීක්ෂාවන් කරා ඔබව යොමු කිරීමට ද හැකියි. උදාහරන ලෙස,
- දිනය සහ වර්ෂය කුමක්ද
- සරළ ගණිත ගැටළුවක් හෝ වචනයකට අදාල අක්ෂර වින්‍යාසය
- යම් සිද්දියකදී ඔබ හැසිරෙන ආකාරය පරික්ෂාවට යම් යම් සිද්ධීන් ඉදිරිපත් කිරීම.. උදාහරණයක් ලෙස ඔබට වෙනත් පුදගලයකුට අයත් මුදල් පසුම්බියක් ලැබුනේනම් ඔබ එයට කුමක් කරන්නෙද වැනි දෑ..
- ඔබගේ ජීවිතයෙ මෑතකාලීන සිදුවීම් පිළිබඳව

මෙවැනි ආකාරයේ පරික්ෂණ මගින් ඔබගේ ගැටළුව පිළිබද ඔවුන් ලබාගන්නා විනිශ්චයන් මත වෛද්‍යවරයා විසින් ඔබට ප්‍රථිකාර ලබාදීම හෝ වැඩිදුර ප්‍රතිකාර සඳහා මනෝ වෛද්‍ය විශේෂඥයෙකු වෙත යොමු කිරීම සිදුකරනු ලබයි.

කෙටි කාලිනව මතකය අහිමි වීමට බලපානු ලබන හේතු

1. වයසට යාම
2. ඩිමෙන්ශියාව (dementia), ඇල්සයිමර් (Alzheimer) වැනි මතක ශක්තිය කෙරෙහි බලපෑම් ඇතිකරනු ලබන රෝග
3. මොළයේ රුධිර කැටි හෝ ලේ වහනයන් වැනි තත්ත්ව
4. මොළයේ හෝ ඒ අවට ආසාදන
5. හිසට සිදුවන තුවාල
6. මානසික අවපීඩන වැනි අහිතකර මානසික තත්ත්වයන්ගේ බලපෑමෙන්
7. ආතතිය
8. මොළයේ පටක වලට හානි සිදු කරන පාකින්සන් , හන්ටිංටන් (Parkinson’s disease or Huntington’s disease) වැනි රෝගයන් නිසා
9. යම් යම් විටමින් සහ ඛනිජ ලවන ඌණතාවයන්
10. නිසි පරිදි නින්ද නොයෑම
11. ඇතැම් ඖෂධ වර්ගයන් ගේ බලපෑම
12. පශ්චාත් කම්පන ආතති තත්ත්ව ( post-traumatic stress disorder (PTSD))


කෙටි කාලීන මතකය නැතිවීම් සඳහා කරනු ලබන ප්‍රථිකාර

- ශල්‍යකර්ම, කිමෝ ප්‍රථිකාර සහ මොළයේ ගෙඩි සඳහා විකිරණ ප්‍රථිකාර
- රුධිර කැටි සඳහා ප්‍රථිකාර
- මානසික සෞඛ්‍ය ගැටළු ස හා ප්‍රථිකාර
- පෝෂණ අතිරේක ලබාදීම
- ඩිමෙන්ශියාව,පාකින්සන් රෝගය සහ හංටින්ටන්ගේ රෝගය සඳහා ප්‍රථිකාර නොමැත.
- මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වූවන් සඳහා උපදේශනය හෝ පුනරුත්තාපනය සඳහා යොමු කිරීම.


කෙටිකාලීන මතකය අහිමි වීම් සඳහා නිවසේදි කලහැකි ප්‍රථිකාර

- රාත්‍රියේ සුව නින්දක් ලබා ගැනීම
- දිනපතා ව්‍යයාම කිරීම
- සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම
- ප්‍රහේලිකා විසඳීම වැනි මොළය වෙහෙසෙන ක්‍රියාකාරකම්හි නිරත වීම
- ඔබගේ මනස අවුල් කරන මනසට බාධා සිදුකරන දෑ තිබේ නම් ඉවත් කිරීම
- ඔබගේ දෛනික වැඩ පිළිවෙලක් ඇතුව සිදු කිරීම සහ වැඩ ලැයිස්තුගත කිරීම


කෙටිකාලීන මතකය අහිමි වීමේන් ඇතිවන අවධානම

කෙටිකාලීන මතකය නොමැති වීමෙන් ඔබගේ දෛනික ජීවිතයේ කටයුතු සඳහා බාධා ඇතිවන අතරම එය දිගින් දිගටම පැවතුනහොත් ඔබට වෙනත් අයෙකුගේ උදවු නොමැතිව ජීවත් වීමට අපහසු වීමට ඉඩ තිබෙනවා.. එම නිසා රෝගය ඇතිවූ පළමු අවස්ථාවේදිම වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු වීම වැදගත් වනවා. එමනිසා ඔබගැන සැලකිලිමත් වීමත්, නිසි පරිදි ඖෂධ ලබා ගැනීමත් සිදුකල යුතු වනවා.. කෙටි කාලින මතකය අහිමි වීම සඳහා කරනු ලබන ප්‍රථිකාර සාමාන්‍යයෙන් ආ‍රක්ෂාකාරි වන අතර ඇතැම් සැත්කම් සහ ඖෂධ මගින් යම් යම් අතුරු ආබාධ ඇති වුවත් ඔබ පළපුරුදු වෛද්‍යවරයකු යටතේ ප්‍රථිකාර ගැනීමෙන් මෙම තත්ත්වයට හොඳින් මුහුණ දීමට ඔබට හැකි වනවා.

ඔබ වෛද්‍යවරයකු හමුවිය යුත්තේ කවදාද..

කෙටි කාලින මතකය අහිමි වීමේ යම් යම් රෝග ලක්ෂණ ඔබටත් තිබෙනවා නම් හෝ ඒ පිළිබදව යම් සැකයක් තිබේ නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවීම කළ යුතුයි. එසේ නොමති නම් ඔබ දැනටත් මතකය අහිමි වීමෙන් පීඩා විඳිනවා නම් ඉක්මන් වෛද්‍ය ප්‍රථිකාර සදහා යොමුවීම කල යුතුයි..

එමෙන්ම කෙටිකාලීන මතකය අහිමිවීම ඇතැම් පුද්ගලයින්ට වයසට යන විට සාමාන්‍ය දෙයක් වුවත් මෙමගින් එදිනෙදා ජීවිතයට හෝ ස්වාධීනව එදිනෙදා කටයුතු කිරීමට බාධා ඇති වන්නේ නැහැ.. නමුත් ඇතැම් විට කෙටි කාලින මතකය නැතිවීම පාකින්සන් රෝගය හෝ වෙනත් බරපතල අසනීපයක මූලික අවස්ථාව විය හැකි බැවින් එහි මූලික අවස්ථාවේදීම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත්.
උපුටාගනීමක් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top