මේ සහෝදරියන් දෙදෙනෙකුට දිවි අහිමි වූ මාරක අනතුරක් ගැන ඇහෙන කතාවක්...
පදික මාරුව මතදී බිමත් රියදුරෙකු පැදවූ මෝටර් රථයක ගැටීමෙන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
මිය ගිය එක් කාන්තාවකගේ දරුවන් දෙදෙනාද එම අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
හොරණ - කොළඹ මාර්ගයේ කෝරලඉම ප්‍රදේශයේ ඥාතී අවමගුල් නිවසකට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු යළි ඒ ආන්නයේ පිහිටි තවත් ඥාති නිවසකට යාමට පදික මාරුව මතින් ගමන්කරමින් සිටියදී ඊයේ රාත්‍රී 9.25ට පමණ අනතුරකට ලක්ව තිබුණා.
ඒ ගෝනපොල සිට කොළඹ දෙසට ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන්.
අනතුරින් බරපතළ තුවාල ලැබූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනා කඩිනමින් වෑතර රෝහලට ඇතුළත් කෙළ අතර එහිදී එක් කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ මියගිය කාන්තාවගේ 11 හැවිරිදි සහ 17 හැවිරිදි දියණියන් දෙදෙනා සහ ඇගේ සහෝදරිය කඩිනමින් කළුබෝවිලට ශික්ෂණ රෝහලට මාරුකර යැවූ අතර එහිදී අනෙක් කාන්තාවද මිය ගොස් තිබෙනවා.