Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
23
අහනකොටත් පුදුම හිතෙන පැරණි ලංකාවේ රජෙකුගේ දින චර්‍යාව ... රජ කෙනෙක් වෙන එක නම් ලේසි නෑ

- අහනකොටත් පුදුම හිතෙන පැරණි ලංකාවේ රජෙකුගේ දින චර්‍යාව ... රජ කෙනෙක් වෙන එක නම් ලේසි නෑHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

අපේ රටේ රජවරු ගැන අපි කතා ගොඩක් අහලා තියෙනවා... ඒත් රජතුමාගේ දවස කොහොමද ගෙවුණේ කියලා දන්නේ නෑනේද ? ඉතිං අද ලිපිය ඒ ගැනයි...


ලංකාවේ පැරැණි රජවරුන්ගේ කාර්යභාරය මෙන්ම ඔවුන්ගේ කාර්යය සිද්ධීන් පිළිබඳව වංශකතා හා වෙනත් ඉතිහාස මූලාශ්‍රවල බොහෝ විස්තර සඳහන් වුවද ඔවුන්ගේ ජීවන චර්යාව පිළිබඳව ඒවායෙන් හෙළිවන කරුණු බොහෝ අල්පය.

ඇතැම් මූලාශ්‍රවල එන තොරතුරු අනුව නම් ඔවුන් අතරින් සමහර රජවරුන් මත්පැනට මෙන්ම කාන්තාවන් ඇසුරට දැඩි ලෙස ගිජුව එයින්ම විනාශයට පත්වූ බවද හෙළිවෙයි.

සුළු පිරිසක් එසේ වුවද පිළිගත් රාජධර්ම ආරක්ෂා කරමින් තම දින චර්යාව පැවැත් වූ රජුන්ද ඒ අතර වූ බව අපට හමුවන තවත් ඉතිහාස මූලාශ්‍රවලින් හෙළි වෙයි. මෙබඳු රජකුගේ එදිනෙදා දින චර්යාව පැවැත් වූ ආකාරය ඉතා සවිස්තරව සඳහන් වන කෘතියක් දඹදෙණි යුගයේදී ලියැවී ඇත්තේය.


දෙවෙනි පරාක්‍රමබාහු රජු පොළොන්නරුවේදී (කඳවුරු නුවර) වාසය කළ අවධියේදී එතුමාගේ දින චර්යාව එහි විස්තර කර ඇත. පොළොන්නරුව එකල කඳවුරු නුවර යනුවෙන් හැඳින්වූ බැවින් රජු එහි වාසය කරද්දී අනුගමනය කළ දින චර්යාව විස්තර කරන ග්‍රන්ථයද 'කඳවුරු සිරිත' නමින් හැඳින්වූ බව පෙනේ.

එම දින චර්යාවේ සම්පින්ඩනය ගතහොත් එය බොහෝ දුරට කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයේත් ශුක්‍රනීති සාරයෙන් එන රාජකීය යුතුකම් සිහිපත් කරවයි. එහෙත් මෙම දින චරියාවේ ඒ ඒ අවශ්‍ය එකිනෙක ගෙන සලකා බලන විට හින්දු නීතිරීතිවලින් බැහැරව එය සුදුසු ලෙසින් බෞද්ධ පරිසරයට ගැලපෙන ආකාරයට ගලපාගෙන ඇති සැටි පෙනේ. කාලය මැනීමේ පැරණි සිංහල ක්‍රමය වෙනුවට වර්තමාන භාවිතා කරන ලබන පැය ක්‍රමය අනුව සලකා බැලුවහොත් රජතුමාගේ දින චරියාව පහත සඳහන් පරිදි වේ.

රජතුමා දිනයේ හිරු උදා වීමට දෙපැයකට කලින් නිදියහනින් නැගී සිටිය යුතුය.

ඉන්පසු නිදියහනේම සිට පැයකුත් විනාඩි දොළහක් බුදු දහමේ ඉගැන්වෙන ත්‍රිලක්ෂණය වූ අනිත්‍ය, දුක්ඛ,අනාත්මය, ගැන භාවනා කළ යුතුය.

ඊළඟ විනාඩි 48 තමා උගත් ධර්මපාඨ හා ගාථා ආවර්ජනය කිරීම සඳහා ගත කළ යුතුය. මේ වන විට දිනයේ හිරු උදාවන මොහොත පැමිණෙයි.

පුරෝහිත බ්‍රාහ්මණයා ශ්‍රී යහන් ගබඩාවට පැමිණ ශුද්ධ වූ කුස තණ හා මන්ත්‍ර ජප කළ ජලය පුරවන ලද දක්ෂිණාවෘත කිරි හක් ගෙඩිය රජතුමාට පිරිනමන්නේ මේ අවස්ථාවේය. බ්‍රාහ්මණයා මන්ත්‍ර ජප කරද්දී රජතුමා හක් ගෙඩියත් කුස තණ පිරිමැදිය යුතුය.

ඉන්පසු රජතුමා කලින්දා තමා දුටු සිහින පිළිබඳව ඔහු විමසයි. අනිටු පල දෙන සිහින දැක ඇත්නම් එයින් ඇතිවන උපද්‍රව වලකාගනු සඳහා කළ යුතු ප්‍රතිකර්ම පිළිබඳව බ්‍රාහ්මණයා රජුට උපදෙස් දෙයි.

බ්‍රාහ්මණයාගේ කාර්යය එයින් අවසන් වූ පසු ශ්‍රී යහන් ගබඩාවට පිවිසෙන්නේ මහ වෙදනාය.(රජුගේ ප්‍රධාන වෛද්‍යවරයා) ඔහු රජතුමාගේ ශරීර සෞඛ්‍යය ගැන විමසා අවශ්‍ය වෙද හෙදකම් හා පිළිපැදිය යුතු හෙදකම් පිළිබඳවද උපදෙස් දෙයි.

මහ වෙදනාගේ කාර්යයන්ගෙන් පසු ශ්‍රී යහන් ගබඩාවට පිවිසෙන්නේ 'මහා දොරනා'නමින් හැඳින්වූ රජුගේ සමීපතම වත් පිළිවෙත් භාරව සිටින ප්‍රධානියාය. ඔහු විසින් ගෙනෙනු ලබන සුවඳ ජලයෙන් රජු මුහුණ දෙවිම වැනි ශරීර කෘත්‍යයන්හි යෙදෙයි.

ශරීර දෝවනයෙන් පිරිසිදු වන රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට යන්නා සේ දළදා මාලිගාවට ගමන් කරයි.

දළදා මාලිගාවේ උඩුමහලට පිවිස මහත් භක්තියෙන් හිස කෙස් ද,රන් කෙඳි ද, ‍යවන්දන මුල්ද,යොදා සකස් කළ බිම පිස දමනයකින් දළදා මාලිගාව අමදියි.

ඉන්පසු පූජා භාණ්ඩ දොළොස් වර්ගයකින් දළදාවට පුද පූජා පවත්වයි.

සුවඳ පැන් ඉසින ලද මල් පූජා කරයි. ඉන් අනතුරුව දළදා හිමි ඉදිරිපස වැඳ වැටී සිල් සමාදන් වෙයි.

ඉන්පසුව තමන්ට භික්ෂූන් වහන්සේලා විසින් පිරිනමන පිරිත් පැන් පිළිගෙන ගිතෙල් බඳුනකින් තම මුහුණ බලයි.

ඉන් අනතුරුව රජතුමා මෙම ගිතෙල භික්ෂූන්ට ද බ්‍රාහ්මණයින්ටද පිරිනමයි.

උඩුමහලේ මෙම චාරිත්‍ර නිම කරන රජතුමා පහත මාලයට බසි.

පහත මාලයේදී සිත්තරකු පේකර සිටින සායම් බඳුනකින් තෙලිකූරකට ගන්නා පාට වලින් බුදුරුවක නේත්‍ර පිහිටුවයි.

ඊලඟට රැස්ව සිටින උපාසකයින්ට බුදු පිළිමද බෞද්ධ ධර්මය හදාරන්නට ධර්ම පුස්තකද බෙදා දෙයි. එහිදී ම දේශනා කරනු ලබන ධර්මය ශ්‍රවණය කරයි. ඉන්පසු එහි රැස්වී සිටින විවිධ වර්ගවල භික්‍ෂූන්ට දන් දී පුරෝහිත බ්‍රාහ්මණයා විසින් ගායනා කරනු ලබන පද අටකින් යුක්ත වූ මංගල්‍යාෂ්ටක ශ්‍රවණය කරයි.

ඊළඟට සිදුවන්නේ නොයෙකුත් පරිත්‍යාග අපේක්ෂාවෙන් එහි පැමිණ සිටින විවිධ වර්ග වලට වුන් අපේක්ෂිත දේ පරිත්‍යාග කිරීමයි. ඒ අනුව රෝගීන්ට බෙහෙත්ද, ගර්භිනී ස්ත්‍රීන්ට දොළ දුක් කෑම සහ ඇඳුම්ද, ගිතෙල් හා මිරිස් ද, බාල දරුවන්ට රස කැවිලිද, මහල්ලන්ට බෙහෙත් ම සහ තෙල්ද,එළදෙනුන්ට තණකොළද,බලු කපුටු හා අනෙකුත් සතුන්ට ඔවුන්ට සුදුසු ආහාර ද බෙදා දෙයි. ඒ අනුව රජතුමා පැයකුත් විනාඩි දොළසක් ආගමික කටයුතු හා සත්ව කරුණාව සඳහා දක්වන කටයුතුවල යෙදේ.

මාලිගයට පෙරළා පැමිණෙයි. මේ වන විට රජතුමා වෙනුවෙන් රාජකීය බොජුන්ගෙහි පාතරාසය සූදානම්ව ඇත. එම ස්ථානයට පැමිණෙන රජතුමාට රාජභෝජන පිළිගැන්වීමේ වගකීම භාරව කටයුතු කරනුයේ වෛද්‍යවරයා 'මහ වෙදනා' හා රාජ මාලිගාවේ මුළුතැන් ගෙය භාරව කටයුතු කරන ප්‍රධානියා 'මූලහිනා'විසිනි. එය 'මේ වැඩීම' ලෙසින් හඳුන්වනු ලැබේ.

උදෑසන ආහාරයෙන් පසු රජතුමා ඇඳ පැළඳ සැරසීම සඳහා ඒ සඳහාම වෙන්වූ කාමරයකට (කැටපත්ගෙට)යයි. රජු සතියේ ඒ ඒ දිනවලට ගැලපෙන පාටැති සළුපිළි, සුදුසු ආභරණ, අංගරාංග හා මල් මාලා ආදියෙන් සැරසෙයි.

මෙසේ දවසට යෝග්‍ය යැයි සම්මත ඇඳුමින් හා ආභරණවලින් සැරසුණු රජු කඩුව සුරතින්ද යෂ්ටිය වම් අතින්ද ගෙන සුදු පියවිලි මතින් සිංහාසන ගබඩාවට යයි. රජු සිංහාසන ගබඩාවේ සිට දවසේ රාජකාරි අරඹයි.

නිලමක්කාරයින් තමන් වෙත පැවරුණ රාජකාරී පිළිබඳ වාර්තා ඉදිරිපත් කරන්නේ මේ අවස්ථාවේදීය.

මුලින්ම ඉදිරිපත් වන්නේ දාන ශාලාවේ වාර්තාවයි.

ඊළඟට භාණ්ඩාගාරයේ වාර්තාවද ඉදිරිපත් කරනු ලැබේ.

මේ වන විට හිරු උදාවී සත්පැයහමාරක් (තුන් පැයක්) ඉකුත් වී ඇත.

පෙරවරු නමයට රජතුමා රාජකකුධ භාණ්ඩ සංඛ්‍යාත ස්වර්ණාභරණයෙන් විභූෂිතව, ගාන්ධර්වයන් පිරිවරා ඔවුන්ගේ ගායනා අසමින් 'ශක්‍ර දේවේන්ද්‍රයාගේ මහිමය ප්‍රත්‍යක්ෂ කරමින්' මහානුභාවයෙන් යුතුව සිංහාසනාරූඪ වෙයි.

මේ අවස්ථාවේදී රාජ සභාවේ මැති ඇමතිවරුන් දෙපස පෙළ ගැසී සිට තම රාජකාරී පිළිබඳව වාර්තා ඉදිරිපත් කරති. රජතුමා තමාගේ අනුමැතිය පතා ඉදිරිපත් කරන කරුණු පිළිබඳව ඒවා සුදුසු වේ නම් ඒ සඳහා එකඟත්වය ලබාදෙයි.

මෙසේ රාජසභා කටයුතු සඳහා පැයක් පමණ එහි ගත කරන රජු එයින් නික්ම අවිසරඹ පුහුණුව සඳහා නික්ම යයි. මේ වන විට දවසේ දොළොස් වැනි පැයට ළඟා වී ඇත. ඒ හිරු නැගී පැය හතරකුත් විනාඩි 48ක් ගත වූ තැනයි. මේ අවස්ථාවේදී ප්‍රධාන දෛවඥයා(මහා නැකැත්නා) මහරජු බැහැදක දවල් භෝජනයට ශුභ වෙලාව දන්වයි. 'මහ වේදනා හා 'මුලගිනාද'මේ අවස්ථාවට පැමිණ දිවා භෝජනය පිළිබඳ විස්තර සපයයි. මේ අවස්ථාවේ රජුට පිළියෙල කළ ප්‍රණීත රාජභෝජනවලින් භික්ෂූන් සිය නමකට දානය පිරිනමනු ලැබේ.

ඉන් පසුව රාජ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි රජු දිවා භෝජනය ගනියි.(මේ නිමවයි). මේ අවස්ථාවේ පාවාඩ බත් (පියවිලි ආහාර)වලින් දහසක් දෙනෙකුට රාජ මාලිගාවේ සේවය කරන තුන්සිය දෙනෙකුටද සංග්‍රහ කරනු ලැබේ.

ආහාර වැළඳීමෙන් පසු අසුනෙන් නැගිට සළුපිළි මාරු කොට අඩුම වශයෙන් පියවර සියයක්වත් සක්මන් කර 'දැහැත්'වළඳා 'රාම කුල'නම් යහනට ගොස් ඇලවෙයි. මේ අවස්ථාවේ බ්‍රාහ්මණ කාන්තාවන් පැමිණ රජුගේ හිසකෙස් පීරා නිය ඔපලයි. සේවකයෝ පවන් සලමින් පා පිරිමඩිති සමහරක් යහන් ගැබ මුර කරති. මේ ස්ථානයෙහි පැයක් පමණ ගත කරන රජු ඉන් අනතුරුව 'සිංහාර මණ්ඩප'නම් ස්ථානයට පිවිස එහි 'කෝකිල' හෝ 'විලිසයනය' නමින් හැඳින්වෙන යහන මත හිඳගනී.

ඒ අතර 'දාවල් මුරපුර' නමින් හැඳින්වෙන රජුට විනෝදය සපයන පිරිසක් මේ ස්ථානයට පැමිණ රජු සතුටු කරවයි. ඒ සඳහා පැයක් වෙන්කර ඇත.
ඉන් අනතුරුව රජු 'රජපාතෙලෙ' නමින් හැඳින්වූ රජ මැදුරේ තට්ටුවට ගොස් එහි අතුරන ලද රන් පලසක් මත හිඳ තුන්සිය හැටක් වූ වර්ගයනට අයත් කලාවේදීන් (ගෝෂඨි) කැඳවා තමා ඉදිරියේ රඟ දැක්වීම සඳහා රජු විසින් තෝරා ගනු ලබන රංගනයක් ඉදිරිපත් කිරීමට අණ කරයි.

හිරු උදා වී පැය නවයකට පසු එනම් පස්වරු තුනට රජු දවසේ දෙවැනි වරටත් රජ දැක්ම සඳහා සිංහාසනාරූඩ වෙයි. මේ අවස්ථාවේ රජුගේ ප්‍රධානීන් වහන්සේ සූවිසිදෙනෙකු රජු පිරිවරා සිටි බව කියැවෙයි.

කඳවුරු සිරිතේ සඳහන් වන ආකාරයට මේ අවස්ථාවට යුවරජු,සෙනෙවිරත්, ඈපා, මාපා, සමන්ත රාජ යන පංච ප්‍රධානීන්ද දහම් පසක්නා, මහනැකතිනා, මහවේදනා, සිටුනා,මහාවියත්නා, රැටිනා දහම්ගෙයිනා, අරක්මේනා වැනි නිලධාරින් මේ අවස්ථාවට සහභාගි වූ බව පෙනේ.
මේ අවස්ථාවේ ඒ නිලධාරීහු තමන්ට අයත් කාර්යයන් පිළිබඳව සකස් කළ වාර්තා ඉදිරිපත් කරති. රජතුමා තමන්ට එකඟ විය හැකි යෝජනා පිළිබඳව අනුමැතිය දෙන අතර නුසුදුසු ඒවා සඳහා අප්‍රසාදය පළ කොට ප්‍රතික්ෂේප කරයි.

එය 'සනිටුහන් වැදෑරීම' ලෙස හඳුන්වා ඇත.

ඉන් පසු රජු ගමන් කරන්නේ 'ඕලක්කම් මණ්ඩපය' නොහොත් දර්ශන 'දෙහලකයින්' (ඇත් හා අස්පන්ති) විසින් වාර්තාවන්ද සහිතව රජු වෙත ඉදිරිපත් කරන මඟුල් ඇතුට හා මඟුල් අසුට 'දෙහල වෙදනාවන්'(පශු වෛද්‍යවරයන්) විසින් උපදෙස් දෙන පරිදි රජු ආහාර දෙයි.

හිරු උදාවෙන් 11 පැයක් ගතවෙන තෙක් පස්වරු පහ රජතුමා ඕලක්කම් මණ්ඩපයේ රැඳී සිට අනතුරුව මාලිගාවේ ස්නානය කොට අලුත් සළුපිළි ඇඳ මල්දම් තුනක් පැළද ගෙන දොළොස් පැය ගතවෙත්ම බුදුන් වැඳ බුදුගුණ කියවෙන ගාථා කටපාඩමින් හඬ නගා කියා හාලත්ති මණ්ඩපයට ගොස් එහි දොරකඩ සිට ගනී.සන්ධ්‍යා තූර්ය වාදනය පැවැත්වෙන්නේ මේ අවස්ථාවේදීය. එහිදී කාන්තාවන් දහස් අටසිය දෙනෙකු 'ආලන්ති බෑම' නම් වූ පහන් වැනවීම තුන් වරක් සිදුකොට රජුට ශුභාශීර්වාද පතති.

සවස පැයකට පසු (පස්වරු හයයි විසිහතරට) රජතුමා නාටක ශාලාවට ඇතුල්ව එහි වූ රාජ සයනය මත හිඳ නැටුම් ගැයුම් වැයුම් නරඹයි. ඉන් ප්‍රමුදිත වන රජුන් ඒ ගඳබයිනට මල් මාලා පිරිනැමීමෙන් තම ප්‍රසාදය පළ කරයි.

සවස පැයක් ගත වූ පසු රාත්‍රී 8 ට රජුගේ දෛවඥයා දෙන උපදෙස් පරිදි ශුභ මුහුර්තියෙන් 'බොජුන්ගෙට' ඇතුල්ව රාජභෝජන අනුභව කොට (මේ නිමවා) සක්මන්වල යෙදී නව අරහාදී බුදුගුණ සිහිපත් කොට බුලත් වළඳා 'බිසෝ ගබඩාවට' පිවිස එහි දෙපැයක් ගත කරයි.

බිසෝ ගබඩාවෙන් සඳළු තලයට ගොස් එහිදී සරඹ වල යෙදී (අංග වින්‍යාශ) මාලිගාවේ රාත්‍රී මුර සේවා ගැන සොයා බලා උපදෙස් දී හිරු උදාවෙන් අටලොස් පැයකට පසු එනම් මැදියම් දොළහට යහන් ගබඩාවට පිවිස පැය හතරක් නිදා ගන්නේය.

කඳවුරු සිරිතේ එන මෙම විස්තරය අනුව නම් රජ කෙනෙකුට අයත් වූ දින චරියාව බොහෝ සංකීර්ණ දුෂ්කර එකක් වූ බව පෙනේ. සියලුම රජවරුන් මේ ආකාරයෙන්ම තම දින චර්යාව පැවැත්වීද යන්න පිළිබඳව පැහැදිලි තොරතුරක් නැත. එහෙත් රටේ උගතුන් හා ප්‍රධානීන් යහපත් රජෙකුගෙන් මෙබඳු යහපත් දින චරියාවක් පැවැත්වීම අපේක්ෂා කළ බව මෙම කරුණු ලේඛනගත කොට ඒවා උසස් රාජ ධර්ම ලෙස සැලකීමෙන් පෙනේ. ඒ හේතුකොට යහපත් රජුන්ද ඒ චාරිත්‍ර පවත්වාගෙන යාමට උත්සුක වී යැයි සිතීමට පුළුවන.

ඉන්දීය රජුන්ද මෙයට බොහෝ සමාන වූ ආකාර චාරිත්‍ර විධි පැවැත් වූ බව ඉන්දියා රාජ ධර්මය ගැන ලියවුණු ඉහත සඳහන් පොත් වල තොරතුරු වලින් හෙළි වෙයි.

වෙනසකට ඇත්තේ ඉන්දීය රජවරුන් හින්දු ආගමික සිරිත් විරිත් තුළ ඒ දින චරියාව සිදු කළ අතර ලංකාවේ පැරණි සිංහල රජවරුන් බෞද්ධ ධර්මානුකූලව එම චාරිත්‍ර විධි අනුගමනය කිරීමයි.

උපුටාගැනිමක්... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top