Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
17
නිවසක ප්‍රධාන උළුවස්ස ගැන ඔබ නොහිතන කාරණා ගොන්නක්.. සමහර විට ඔයාගේ ජීවිතය මේ විදිහට විසඳෙන්න ඒක එක හේතුවක් වෙන්නත් පුළුවන්..

- නිවසක ප්‍රධාන උළුවස්ස ගැන ඔබ නොහිතන කාරණා ගොන්නක්.. සමහර විට ඔයාගේ ජීවිතය මේ විදිහට විසඳෙන්න ඒක එක හේතුවක් වෙන්නත් පුළුවන්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

51 Views

වාස්තු විද්‍යානුකූලව නිවසක ප්‍රධාන උළුවස්ස නිවැරදිව තැබීම මොන තරම් නම් වැදගත්ද කියන එක ඔබත් හොඳින්ම දන්නා දෙයක්..


අලුතෙන් නිවසක් ඉඳිකරන ඔබට මේ කියන්න යන්නේ අන්න ඒ විශේෂ කාරණය ගැන ඔබ දැනගත යුතුම කාරණා කිහිපයක්..

ලංකාවේ නිවාස ඉදිකිරීමේදී කරන ලොකු වැරැද්දක් නම් කිලෝමීටර් ගාණක් දුර සිටින නෑයෙක්, මිත්‍රයෙක් විසින් නිවසක් ඉදිකිරීමට නිර්මාණය කළ නිවාස සැලසුමක් ඔහුගේ නිවාස ඉදි කළ පසුව තවත් අයකු පොඩි වෙනසකට භාජනය කිරීමෙන් හෝ එලෙසම එම නිවසම තවත් ප්‍රදේශයක ඉදිකිරීම. මේක හරියට වෙසක් – පොසොන්වලදී නගරාශ්‍රිතව ඉදිකළ තොරණ තවත් ප්‍රදේශයකට ගෙන ගොස් සවිකිරීම වැනිය. තොරණකට එසේ කළ ද නිවසකට එකම සැලසුම තවත් තැනකට ගෙන ගොස් එලෙසින්ම කිරීමට නොහැක. මක්නිසාද නිවාස සැලසුමක් නිර්මාණය කරන්නේ යම් ප්‍රදේශයක භූමියේ හැඩය, භූගෝලීය පිහිටීම්, මාර්ග පද්ධතිය හා අවට පරිසරය පිළිබඳ අවබෝධයෙන්. එසේම නිවස ඉදිකරන ගෘහ හිමියාගේ, බිරිඳ, වැඩිමහල් දරුවාගේ ජන්ම නැකත්වලට අනුව ඒවා නිවැරදි හා ශුභාකාරයෙන් ගළපා ගැනීම තුළින් බව කිව යුතුයි. නිවසක දොර ජනෙල් දැමීමේදී විශේෂයෙන් ප්‍රධාන දොර හෙවත් මංගල උළුවස්ස තැබීමේදී සලකා බලන බොහෝ කරුණු පවතී. මෙම ප්‍රධාන උළුවස්ස තමයි නිවසේ අභ්‍යන්තරයේ හා බාහිර ලෝකය සම්බන්ධ කරන ප්‍රධාන ප්‍රවේශය. බාහිර පරිසරයේ වාතය, ආලෝකය, උෂ්ණත්වය නිවස තුළට ලබාගැනීම සිදුවන්නේ ප්‍රධාන උළුවස්ස ඇතුළු උළුවහු තුළිනි. ශ්‍රී ලංකාව සමකයට ආසන්න රටකි. දවසේ හරි අඩක්ම ඉතාමත් පැහැදිලි ආකාරයට සූර්ය ආලෝකය පොළව මතට පතිත වේ. පැය 12ක්ම අපට නොමිලේම ආලෝකය හිමිවේ. ඒවගේ මනා සුළං තත්ත්වයක් ද උෂ්ණත්වය ද දහවල් කාලයේදී හිමිවේ. එම නිසා අවශ්‍ය වන්නේ එම ස්වාභාවික සම්පත් නිසි ආකාරයට නිවස තුළට ලබා ගෙන නිවැරදිව කළමනාකරණය කර ගැනීමයි.

නිවසක ප්‍රධාන උළුවස්ස ප්‍රාණය හා සමාන බව ඍෂිවරුන් ගේ මතයයි. නිවසක ගෘහහිමියාගේ ආර්ථිකය, නිරෝගීකම, විවාහය, සමාජ තත්ත්වය කෙරෙහි ප්‍රධාන උළුවස්ස බලපානවා.

පදෙ පදෙ කෘත ශේෂ්ටං ද්වාර සඵල දායකම්
පද ක්ෂයෙ කෘතං යච්ච කද්වයාම්ශ්‍ර ඵල පුදම්

ශුභ ලෙසින්ම තබන තබන පාදයක් පාසාම කරන ලද උතුම් ද්වාරය අනර්ඝ ඵල ඇති කරයි. ශුභම ඇතිවේ කියා පාද විභාගයෙන් තොරව පාද දෙකක් අසුවන ලෙස යමකු උළුවස්සක් තැබුවා නම් මිශ්‍රඵල ද ශුභ අශුභ පාද හසුවන ලෙස සම්බන්ධ වන ලෙස උළුවස්ස තැබීම මිශ්‍ර ඵල ගෙන දෙන බවද පැවසේ.

ප්‍රධාන උළුවස්ස සඳහා පාද බෙදීමේදී අනුගමනය කරනු ලබන්නේ දක්ෂිණා වෘත ආකාරයෙනි. උතුරු දිශාවට තබන උළුවස්ස වයඹ සිට ඊශාන දක්වා 900 තුළ තැබිය යුතුය. එය උතුරු දිශාව වේ.

නැඟෙනහිර දිශාවට තබන ප්‍රධාන උළුවස්ස ඊශාන සිට ගිනිකොන දක්වා වූ 900 ට අයත් වන අතර දකුණට තබන ප්‍රධාන උළුවස්ස ගිනිකොන සිට නිරිත 900 දක්වා හා බටහිර දිශාවට තබන උළුවස්ස නිරිත දිශාවේ සිට බටහිරට 900 දක්වා බටහිර දිශාව වේ.

ප්‍රධාන උළුවස්ස තබන ක්‍රමවේදයන් කීපයක් පවතී. මෙහිදී බොහෝ දෙනකු අනුගමනය කරන්නේ මෙම ප්‍රධාන දොරටුව තබන අක්ෂය සමාන කොටස් 9කට බෙදා ගැනීම තුළින්ය. පුරාණ ඍෂි මතයට අනුව බෙදා ඇති පාද 09 මෙලෙස හැඳින්වේ.

ශිඛි පාදය 5. සූර්ය පාදය
පර්ජන පාදය 6. සත්‍ය පාදය
ජයන්ත පාදය 7. භාෂ පාදය
මහේන්ද්‍ර පාදය 8. අන්තරික්ෂ පාදය
අනල පාදය
ශිඛි පාදය

ප්‍රධාන උළුවස්ස තැබීමේදී ශිඛි පාදය තුළ තැබීමෙන් එම නිවසට ස්වාභාවික ආපදා තත්වවලදී නොයෙක් පීඩා ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ. සුළංවලින්, ගංවතුර පීඩාවලින්, නායයෑම් ආදිය සිදුවන අවස්ථාවන්වලදී මෙම නිවැසියන් විපතට පත්වේ. ප්‍රධාන උළුවස්ස තැබීම සඳහා අශුභ ගෙන දෙන පාදයකි.

පර්ජන පාදය

පර්ජනය පාදයෙන් ප්‍රධාන දොරටුව තැබීමෙන් එම නිවසේ කාන්තාවන්ගේ විවාහය කල් යෑමට බලපායි. ඒ වගේම විවාහක කාන්තාවන්ට දරු ඵල අහිමිවේ. වඳ, කණවැන්දුම් ස්ත්‍රීන් පහළ වීමට හේතුවක් වේ.

ජයන්ත පාදය

ප්‍රධාන උළුවස්ස තැබීමට ඉතා යෝග්‍යය පාදයකි. ඉතා ශුභවේ. ධන ධාන්‍ය සම්පත් උදාවනු ඇත.

මහේන්ද්‍ර පාදය

මෙයද ඉතා ශුභ පාදයකි. උගතුන්, කුලවතුන් සමාජයේ ප්‍රභූන් ඇසුරට යොමුවේ. උදව් පදව් හිමිවේ. ජනප්‍රසාදය ලැබී ගෞරව තත්ත්වයකට පත්වේ.

සූර්ය පාදය

සූර්ය පාදය ප්‍රධාන උළුවස්ස තැබීමට සුදුසු පාදයක් නොවේ. රාජ බිය, ගිනි බිය මෙන්ම නොයෙක් නීති ගැටලු, අපකීර්තිය ඇතිවේ.

සත්‍ය පාදය

මෙය ද ප්‍රධාන දොර තැබීමට සුදුසු පාදයක් නොවේ. අන්‍යයන්ගේ කපටිකම්වලට, රැවටිලිවලට පත්වීම්, වස්තු හානි, ධන හානි, අසමඟිකම් ඇති කරයි.

භාෂ පාදය

භාෂ පාදය තුළ ද ප්‍රධාන උළුවස්ස තැබීම තුළින් ගෘහයේ පදිංචි නිවැසියන්ගේ ක්‍රෑර බව, එකිනෙකා පෙන්නන්න බැරි කම, උඩඟුකම, අඬ දබර මෙන්ම නිවැසියන් අතරම රහස් කුමන්ත්‍රණ, හතුරුකම් ඇතිවෙන අත්හළම යුතු අශුභ පාදයකි.

අන්තරීක්ෂ පාදය

මෙයද ශුභ නොවේ. පාරිසරික හානි, සුළං, ගංවතුර, නායයෑම්වලට ලක්වේ. භූමි දෝෂ, රෝග ව්‍යාධි, මානසික ගැටලු ඇති කරයි. කිසිම දියුණුවක් අත් නොවේ.

අනල පාදය

මෙම පාදය ද ප්‍රධාන දොර තැබීමට කිසිසේත් ගැළපෙන පාදයක් නොවේ. රෝග පීඩා, ගිනි බිය, වස – විස බිය, සර්ප බිය ඇති කරයි. ඒ වගේම අමනුෂ්‍ය දෝෂවලට ද හේතු වෙයි. ආයුධවලින් හානි සිදුවීමටත් ඒ ගැන බිය වීමටත් හේතුවේ. මේ අනුව මෙම පාද 09න් ප්‍රධාන උළුවස්ස සඳහා ශුභම පාද වන්නේ 2 හා 3 පමණි.

දිවයින පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top