Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
16
"මම විනාඩි පහකට පස්සේ ස්ථානයට ගියා, එතකොට පාවහන් යුගළක් සහ රෝස පාට බෑග් එකක් තිබෙනවා දැක්කා..." ඇගේ මරණය ගැන තවත් සාක්ෂියක්.. කොටහේන ප්‍රදේශයේ සිද්ධිය ගැන ඇසෙන තවත් කතාවක් මෙන්න..

- "මම විනාඩි පහකට පස්සේ ස්ථානයට ගියා, එතකොට පාවහන් යුගළක් සහ රෝස පාට බෑග් එකක් තිබෙනවා දැක්කා..." ඇගේ මරණය ගැන තවත් සාක්ෂියක්.. කොටහේන ප්‍රදේශයේ සිද්ධිය ගැන ඇසෙන තවත් කතාවක් මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

මේ සිද්ධිය ගැන ගොඩක් කතා අහන්න දකින්න ලැබුණා.. මේ අන්න ඒ සිද්ධිය ගැන ඇසුණු තවත් වෙනස් කතාවක්.. 


කොටහේන ප්‍රදේශයේ දැරියක සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය සඳහා මියගිය දැරිය පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයා වන කරුප්පයියා සදීස් කුමාර්ගෙන් සහ මිය ගිය දැරියගේ මවගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.

ඒ කොළඹ වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා ඉදිරියේ දීයි.

කොටහේන පොලිසියේ පොලිස් කොස්තාපල් කැලුම්ගේ මෙහෙයවීම මත පැවති සාක්ෂි විභාගයේදී සිද්ධිය ඇසින් දුටු කොටහේන එක්ස්පෝ මහල් නිවාස සංකීර්ණයේ සභාපති කරුපයියා සතිස් කුමාර ප්‍රථමයෙන් සාක්ෂි ලබා දුන්නා.

"එක්ස්පෝ මහල් නිවාස සංකීර්ණයේ සභාපති වශයෙන් මම සේවය කරනවා, 2025 අප්‍රේල්
29 හවස 3 ට පමණ එහි වතුර මෝටරය වැඩ කරන්නේ නැති නිසා එය නැවත පිළිසකර කරමින් හිටියා. ඒ අවස්ථාවේදී එක පාරම ලොකු ශබ්දයක් ආවා. වාහන සද්දයක් වගේ ඇහුනේ මම ගිහින් බලද්දි ළමයෙක් වැටිලා හිටියා දැක්කා.."

"මරණයට පත් පාසැල් සිසුවිය මීට පෙර අවස්ථාවලදී මම දැක තිබෙනවා, මහල් නිවාස සංකීර්ණයේ පළවෙනි තට්ටුවේ 36/1 /3 නිවසේ තමා මේ ළමයා පදිංචි වෙලා හිටියේ, ළමයා වැටිලා කියලා දැනගත්තට පස්සේ දරුවාගේ අම්මයි තාත්තයි ආවා. ඇවිත් ත්‍රිරෝද රථයකින් රෝහලට රැගෙන ගියා."

"මෙම සිද්ධියට අදාළ දරුවා අසනීප තත්ත්වයකින් පෙළුණු බව මම දැනගෙන සිටියේ නැහැ ,දරුවා ෆ්ලැට් එකෙන් පහළට පැන්නට පස්සේ මම විනාඩි පහකට පස්සේ ස්ථානයට ගියා,එතකොට පාවහන් යුගළක් සහ රෝස පාට බෑග් එකක් තිබෙනවා දැක්කා. ඊට අමතරව ස්ටූල් එකක් තියෙනවා මම දැක්කා, එම ස්ටූල් එක මීට පෙරත් එතන තියෙනවා මම දැකල තියෙනවා.

"මේ ගෑණු ළමයා උඩුමහලට මීට පෙර ගිහින් මේසේ උඩ වාඩිවෙලා රෑ 7. 30ට විතර වෙනකම් ඉන්නවා මරණය සිදුවීමට සුමානයකට පෙර මගේ සේවකයෙක් දැක තියෙනවා"

"මරණය සිදුවීමට දවස් තුන හතරකට පෙර නිවසේ බැල්කනියේ සිට මෙම දරුවා රෑ දහයට විතර "අම්මේ දොර අරින්න අම්මේ දොර අරින්න "යනුවෙන් කෑ ගසන හඬක් මහල් නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාට ඇසී ඇති බවට තමන්ට ප්‍රකාශ කළ බව මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයා සාක්ෂි ලබා දෙමින් පවසා තිබෙනවා.

අදාළ සිසුවිය සිද්ධියට පැයකට පමණ පෙර මිතුරෙකුට කතා කිරීමට ජංගම දුරකථනයක් මහල් නිවාසයේ පුද්ගලයෙකුගෙන් ඉල්ලා ඇති නමුත් මහල් නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා එය ලබාදීම වළක්වා ඇති බවට තමාට පසුව දැනගන්නට ලැබුනු බවද ඔහු සඳහන් කළා.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දැරියගේ මව සාක්ෂි ලබාදුන්නා.

"මහල් නිවාස සංකීර්ණයට ඇවිත් මාස එකොළහක් විතර වෙනවා මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. පුතාට අවුරුදු දෙක හමාරයි, දුවට අවුරුදු පහළොවයි, මගේ දුව මෙම සිද්ධිය නිසා අධ්‍යාපනය ලැබූ පාසලෙන් ඉවත්ව කොටහේන ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනයට යොමු වුණා."

"2024 වර්ෂයේ 10 පන්තියේ ගණිත ගුරුවරයා වැරදි විදිහට මගේ දුවත් එක්ක හැසිරිලා තියෙනවා, ගණිත විෂය භාර ගුරුවරයා විසින් ගණිතය පංති කාමරේදී දුව අතවරයකට ලක් කරලා තියෙනවා, 2024-11-12 දින "අම්මා මට දෙයක් කියන්න තියෙනවා, අම්මා මං ගැන වැරදියට හිතන්න එපා "

තමාට එලෙස ප්‍රකාශ කිරීමට පෙර සතියක් තිස්සේ තම දරුවා තමාට යමක් ප්‍රකාශ කිරීමට තිබෙන බව පවසා ඇති බවත් "මම ඉස්කෝලෙ විදුහල්පති තුමියට විස්තරේ කිව්වා අම්මා ගිහින් අහන්න" යනුවෙන් තම දරුවා තමාට පැවසූ බවත් මියගිය දැරියගේ මව සාක්ෂි ලබා දෙමින් පැවසුවා.

ඉන්පසු තමා එම විද්‍යාලයේ විදුහල්පති තුමියගෙන් ඒ බව විමසා සිටි අවස්ථාවේදී එම සිද්ධිය සිදුවූ දිනයේ ගණිත ගුරුවරයාා පාසලට සේවය සඳහා නොපැමිණි බවත් මෙම දරුවා චිත්‍රපටි බලා මනසින් සිතා ගන්නා ලද දෙයක් ප්‍රකාශයක් කරන බව විදුහල්පතිවරිය තමාට පැවසූ බවද ඇය සඳහන් කළා.

තම දරුවාව ගණිත ගුරුවරයා විසින් බදාගත් බව මියගිය සිසුවිය සඳහන් කර තිබූ බවද මව සාක්ෂි ලබා දෙමින් අධිකරණයට පෙන්වා දුන්නා.

සිද්ධියෙන් පසුව තම දියණිය පාසල් යෑමට අකමැත්ත දැක්වීම හේතුවෙන් ඇයව මානසික වෛද්‍යවරයෙකු හමුවට රැගෙන ගිය බවත් ඒ බව තමා විදුහල්පතිවරියට දැනුම් දුන් බවද මව මෙහිදි සඳහන් කළා.

"මම කිසිදු වරද්දක් කරේ නැහැ , කළා නම් එවිඩන්ස් ගෙනත් පෙන්නන්න, යනුවෙන් ගණිත ගුරුවරයා තමාට සහ දරුවාට දෝෂාරෝපණය කළ බවද මව සාක්ෂි ලබා දෙමින් පැවසුවා.

පසුව දරුවා යහපත් තත්ත්වයට පත් වූ බැවින් මෙම වසරේ ජනවාරිවල සිට ප්‍රතිකාර ලබා නොගත් බවත් පසුව දියණිය ලිංගික අතවරයට ලක් වූ බවට වෛද්‍යවරයා දැනුවත් කිරීමෙන් පසුව නැවත ප්‍රතිකාර ගැනීමට ක්‍රියා කළ බවද මව පැවසුවා.

වෛද්‍යවරයා හමුවීමෙන් පසුව තම දරුවාට ගුරුවරයාගෙන් සිදුවූ එම සිදුවීම පිළිබඳ සඳහන් කළ අවස්ථාවේදී දරුවා සමග පැය භාගයක පමණ කාලයක් කතා කළ වෛද්‍යවරයා දරුවට සත්‍ය වශයෙන්ම ලිංගික අතවරයක් සිදුව ඇති බව ප්‍රකාශ කළ බවද ඇය පැවසුවා.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කරන ලෙසට දැනුම් දුන් මානසික වෛද්‍යවරයා තම දරුවාව අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කරන ලෙස තමාට දැනුම් දුන් බවද මව මෙහිදී සඳහන් කළා.

ඉන්පසුව දරුවා රැගෙන රෝහලට ගිය බවත් සින දෙකකට පසු අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමු කළ බවත් ඉන්පසුව රිජ්වේ ආර්යා රෝහ‍ලේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුකළ පරීක්ෂණයකදී තම දියණියට අතවරයක් සිදුව ඇති බව දැනගත් බවද ඇය පැවසුවා.

අධිකරණ වෛද්‍යවරයා සඳහන් කර පරිදි දරුවාව එම පාසලෙන් ඉවත් කරගෙන වෙන පාසලකට යොමු කළ ද එම නව පාසලේ සියලු දෙනා මෙම සිද්ධිය ගැන දැනගෙන ඇති බවත් දියණිය උපකාරක පන්ති වෙත ගොස් සිටියදී එම ආයතනයේ හිමිකරුත් දරුවාට නඩුවක් ඇති බැවින් පන්තියට සහභාගි නොවන ලෙස සඳහන් කළ බව මව සාක්ෂි ලබා දෙමින් පැවසුවා.

තම දරුවා නිතරම මම ජීවත් වෙන්න කැමති නැහැ යනුවෙන් තමා හට පැවසූ බවද වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් දැරියගේ මව අධිකරණයට ප්‍රකාශ කළා.

සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය මෙම මස 22 දිනට කල් තැබුණා. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top