Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
11
උදාවෙන අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද..?

- උදාවෙන අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

50 Views

හැම කෙනෙක්ම වගේ බලාගෙන ඉන්නේ උදාවෙන අලුත් අවුරුද්දේ තමගේ ලග්නයට අදාළ පළාපල ගැන දැනගන්න..

ඉතින් මේ උදාවෙන  අලුත් අවුරුද්ද ඔබට කොහොම වේවිද..? 


"2025 අලුත් අවුරුදු දිනයේ සිට 2026අප්‍රේල් 14 වැනිදා දක්වා වසරක කාලයක් පුරා අභිනව සූර්ය වර්ෂයේ පවතින ග්‍රහ ගෝචර මෙන්ම ඔබ ගත කරන මහ දශා, අන්තර් දශා අනුව මේ වසරේ ඔබට කෙබඳු ආකාරයෙන් සුබ හා අසුබ ප්‍රතිඵල ඇති වන්නේද?, එම ප්‍රතිඵලය ඔබේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා වඩා හොඳීන් කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම මේ පලාපල කථනයෙන් අපේක්ෂා කෙරේ.

විශේෂයෙන්ම වාර්ෂික පලාඵල කථනයක් කිරීමේදී පලාඵල කථනය කරන ක්‍රම කිහිපයක් තිබේ. ඉන් එක් ක්‍රමයක් වන්නේ තාජික ක්‍රමය හෙවත් වර්ෂ පල සිද්ධාන්තය අනුව ඡ්‍යොතිෂානුකූලව ඔබේ ජන්ම දිනයේ පවතින ග්‍රහ පිහිටීම් ගණනය කර වසරකට අදාළ පලාඵල කථනය කිරීමයි.

අනෙක් ක්‍රමය වන්නේ කිසියම් නිශ්චිත දිනයක සිට තවත් නිශ්චිත දිනයක් දක්වා වසරකට අදාළ කාලයක් සඳහා පලාඵල කථනය කිරීමයි. උදාහරණයක් ලෙස ජනවාරි පළමුවැනිදා සිට දෙසැම්බර් 31 දක්වා මාස දොළහක කාලයක් තුළ පවතින ග්‍රහගෝචර සැලකිල්ලට ගෙන පලාපල කථනය කිරීම හෝ අප්‍රේල් 14 සූර්යයා මේෂ රාශි ගතවන දිනයේ සිට ඊළඟ වසරේ නැවත සූර්යා මේෂ රාශි ගතවන දිනය දක්වා වසරක කාලයකට අදාළ පලාඵල කථනය කිරීමයි. අලුත් අවුරුදු පලාපල කථනය අයත් වන්නේ මේ දෙවැනි ක්‍රමයටය. මෙහිදී ද අනුගමනය කරන ක්‍රම කිහිපයක් ඇත.

ඉන් එක් ක්‍රමයක් නම් සූර්යයා මේෂ රාශිගතවන මොහොතේ තත්කාල කේනදරය සලකා එහි ග්‍රහ පිහිටීම් ඔබේ ලග්නයට ආදේශ කොට පලාඵල කථනය කිරීමයි. අනෙක් ක්‍රමය නම් වසර ඇතුළත පවතින ප්‍රධාන ග්‍රහ ගෝචර සැලකිල්ලට ගෙන සෙනසුරු, බ්‍රහස්පති, රාහු ,කේතු යන ප්‍රධාන වශයෙන් දීර්ඝ ගමන් සහිත ග්‍රහයන්ගේ හැසිරීම සැලකිල්ලට ගෙන පලාඵල කථනය කිරීමය. 2025 වසරේ ඇති විශේෂත්වය වන්නේ එම දීර්ඝ ගමන් සහිත සියලු ග්‍රහයන්ගේ මාරු සිදු වීමයි. සෙනසුරු මීන රාශිගත වීමත්, ගුරු මිථුන රාශිගත වීමත්, රාහු සහ කේතු කුම්භ සහ සිංහ රාශිගත වීම යන පිහිටීම් සැලකිල්ලට ගෙන මේ නව වසරෙහි ඔබේ ලග්න පලාඵල පිළිබඳව සලකා බලමු.


මේෂ ලග්නය

අධ්‍යාපයේ දියුණුවක්

මේෂ ලග්න හිමියන්ට මිශ්‍රපලදායක වසරකි. සෙනසුරු දොළොස් වැන්නට පැමිණීම නිසා ලග්න ඒරාෂ්ටකයක් උදාවී ඇත. එහෙත් මේ අතරම වාසනාවකට රාහු ග්‍රහයා බලවත්ව 11 වැන්නට පැමිණීම මෙන්ම ගුරු ග්‍රහයා තුන්වැන්නේ ගමන් කිරීම ද සිදු වේ. විශේෂයෙන්ම එළැඹෙන මැයි 14 වැනිදා ගුරු තුන්වැන්නේත් මැයි 18 වැනි දා සිට රාහු ග්‍රහයා එකොළොස් වැන්නේත් ගමන් කිරීමට නියමිතය. මේ අනුව ඉදිරි කාල සුබ අසුබ එකසේ විඳ දරා ගැනීමට සිදුවන වසරක් වනු ඇත. ශනි ග්‍රහයා දොළොස්වැන්නේ ගමන් කිරීම තරමක් අහිතකර වන අතර ගුරු තුන්වැන්නට පැමිණීම එතරම් යහපත් පිහිටීමක් නොවනු ඇත. උපතින් පැමිණියත්, ගෝචරයෙන් පැමිණියත් ගුරු ග්‍රහයා 3, 6, 8, 12 යන ස්ථානවලදී දුර්වල වෙයි.

එම නිසා මේ වසර තුළ මේෂ ලග්න හිමි ඔබ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි සැලකිලිමත් විය යුතුය. සෞඛ්‍ය මට්ටම දුර්වල වීම, අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග ඇතිවීම, නිදන් ගත රෝග මතු වීම සිදු විය හැකිය. ශරීර අභ්‍යන්තරයේ ඇති වන රෝග පිළිබඳව වැඩි වශයෙන් සැලකිලිමත් වන්න. ඔබට මේ වන විට යම් රෝගී තත්ත්වයක් පවතී නම් එය වර්ධනය වීමට ඉඩකඩ පවතී. ඒ පිළිබඳවද සැලකිලිමත් වීම සුදුසුය. කේතුගේ මහ දශාව හෝ අන්තර්දාශාව ගත ගතකරන කාන්තාවන් විශේෂයෙන්ම ගර්භිණී කාන්තාවන් තමන්ට ඇතිවිය හැකි සංකූලතා ගැන සැලකිලිමත් වන්න. ආර්ථික හානි ඇති විය හැකි බැවින් මූල්‍ය කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. කෙසේ වෙතත් රාහු ග්‍රහයා එකොළොස් වැන්නේ ගමන් කිරීම නිසා රාහුගේ අන්තර්දාශාවක් හෝ මහ දශාවක් ගත කරන මේෂ ලග්න හිමි ඔබට ආර්ථික වශයෙන් දියුණුවක්, අභිවෘද්ධියක් ඉදිරි වසරේ ළඟා කරගත හැකි වනු ඇත. ව්‍යාපාරවල ද විශේෂ දියුණුවක් ඇතිවේ. ඉදිරි කාලය යහපත්ය. පස්වැන්නේ කේතු ගමන් කිරීම නිසා මේෂ ලග්න හිමි මව්පියන්ට දරුවන්ගේ හිතුවක්කාරකම් නිසා මානසික පීඩා ඇති විය හැකිය. වැරදි සන්නිවේදන, වැරදි වැටහීම් නිසා මේෂ ලග්න හිමි පෙම්වතුන්ගේ ආදර සම්බන්ධතා බිඳ වැටීමෙන් පීඩාකාරී අත්දැකීම් ලැබීමට ඉඩ කඩ ඇති බැවින් ඒ සම්බන්ධව පරීක්ෂාකාරී වන්න. තුන්වැන්නට ගුරු පැමිණීමත් පස්වැන්නට කේතු පැමිණීමත් නිසා අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර විශේෂයෙන් ලේඛන කුසලතා ඇති අයට වඩාත් සුබදායී තත්ත්වයක් ප්‍රගතියක් ඇති වේ.

සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා සුබ අංක - 9, 1

සුබ අක්‍ෂර - A,J,S,I,R

වර්ණ - තඹ පැහැය, තද රතු

වෘෂභ ලග්නය

ඉතා සුබ වසරක්

වෘෂභ ලග්න හිමි ඔබගේ ප්‍රධාන බලපෑම එල්ල වන ග්‍රහ මාරුවීම ලෙස ශනි ග්‍රහයා එකොළොස් වැන්නට ගමන් කිරීම හැඳින්විය හැකිය. රාහු ග්‍රහයා මැයි 18 වනදා සිට දහවැන්නේ ගමන් කරයි. එමෙන්ම මැයි 14 වැනිදා සිට ගුරු ග්‍රහයා දෙවැන්නේ ගමන් කරයි. එබැවින් වෘෂභ ලග්නය හිමියන්ට මේ වසර ඉතා යහපත් සුබදායක වසරක් වනු ඇත.

පාපී ග්‍රහයන්ට ශුභ ස්ථානයක් ලෙස සලකන දහවැන්නේ රාහු ගමන් කිරීමත් ග්‍රහයන්ගේ ගෝචර යහපත්. එකොළොස් වැන්නේ ශනි ග්‍රහයා ගමන් කිරීමත් ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. ධනය හා ආර්ථිකයට අදාළ 2, 10, 11 යන භාවස්ථානවල ගමන් කරන ග්‍රහයන්ගේ ගෝචරය අනුව ගුරු ශනි රාහු යන ග්‍රහයන් තිදෙනාම ඔබට ශුභ ඵල මේ වසරේ ගෙන දෙයි.

ගුරු ස්වභාවයෙන්ම වෘෂභ ලග්න හිමියන්ට අහිතකර වුවත් ගුරු දෙවැන්නේ ගමන් කිරීම ධනය මෙන්ම ආර්ථික තත්ත්වය දියුණුව වීමට හේතු සලසයි. එබැවින් ආර්ථික වශයෙන් ශුභ කාල පරිච්ඡේදයක් වනු ඇත.

එලෙසින්ම රාහු දහයට පැමිණීම රැකියාවේ උසස් වීම් ලැබීමට ඉඩකඩ සලසයි. යහපත්, ධනාත්මක වෙනස්වීම් අපේක්ෂා කළ හැකි ඉදිරි කාලයකි.

එහෙත් කේතු ග්‍රහයා හතරවැන්නේ ගමන් කිරීම නිසා ඔබේ මවගේ යම් යම් සෞඛ්‍ය ගැටලු මතු විය හැකිය. එබැවින් නිරෝගී මවුවරුන් රෝගවලින් ආරාක්ෂා කිරීමටත්, රෝගී මවුවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වඩා සැලකිලිමත්බවින් යුතුව කටයුතු කිරීමටත් අවධානය යොමු කළ යුතුය.

අධ්‍යාපනය සම්බන්ධ කටයුතුවලට යහපත් වසරකි. විශේෂ ් අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක්, සාර්ථකත්වයක් අපේක්ෂා කළ හැකිය.

ආදරය විවාහය සම්බන්ධයෙන් පොදුවේ අහිතකර තත්ත්වයක් පෙන්නුම් නොකරයි.

සුබ දවස් - බදාදා,සිකුරාදා ,සෙනසුරාදා

සුබ අංක - 5,6,8

සුබ අක්‍ෂර - E,N,W,H,Q,Z

සුබ වර්ණ - විචිත්‍ර වර්ණ, ලානිල්, තද නිල්

මිථුන ලග්නය

බාධක මඟහැරේ

මිථුන ලග්න හිමියන්ට පසුගිය වසර තුළ පැවැති යම් යම් බාධක හා විවාහ ජීවිතයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් පැවතියා නම් ඒ සියල්ල එළැඹෙන මැයි දාහතරවැනිදායින් පසුව ක්‍රමානුකූලව සමනය වීමක් දැක ගත හැකි වනු ඇත. මිථුන ලග්නය හිමි ඔබේ කේන්ද්‍රයේ මේ වසර තුළ ශනි ග්‍රහයා දහවැන්නේත් රාහු ග්‍රහයා නව වැන්නේත් කේතු ග්‍රහයා තුන්වැන්නේත් ගුරුග්‍රහයා ලග්න භාවයේත් ගමන් කරයි. විශේෂයෙන් ගුරු ග්‍රහයා දොළොස් වැන්නේ ගමන් කිරීම හේතුවෙන් සහ රාහු නව වැන්නට පැමිණීම මඟින් ඔබේ අතපසු වුණු විදෙස් ගමන් කටයුතු සඵල වීමක් පෙන්නුම් කෙරෙයි

.රැකියා සම්බන්ධව ද යම් ප්‍රගතියක් ඉදිරි කාලය තුළ බලාපොරොත්තු විය හැකිය. එහිදී ඔබගේ ඔබේ උත්පත්ති කේන්ද්‍රයේ ශනි දුර්වල නම් හෝ ශනිගේ මහ දසාවක්, අතුරු දශාවක් ගත වෙනවා නම් අපරීක්ෂාකාරී භාවය හේතුවෙන් රැකියා සම්බන්ධ බාධක තත්ත්වයන් ද ඇති විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන්න. කෙසේ වෙතත් සමස්තයක් ලෙස රැකියාවලට හා විදෙස් ගතවීම්වලට යහපත් කාලයකි.

අධ්‍යාපන කටයුතුවල ද සාර්ථකත්වයක්, ප්‍රගතියක් ඇති වේ. එහෙත් ඔබ රාහුගේ මහ දශාවක් හෝ අන්තර්දාශාවක් ගත කරමින් උසස් අධ්‍යාපනයේ නිරත වන අයකු නම්, නව වැන්නේ රාහුගේ සිදුවන ගෝචරය නිසා ඔබේ අධ්‍යාපන කටයුතුවල නොසැලකිලිමත්බව අතපසුවීම් අපේක්ෂා කළ හැකිය. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

සෞඛ්‍ය සම්බන්ධයෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු පෙන්නුම් නොකෙරෙතත්, ඔබ කේතුගේ මහ දශා අන්තර්දාශා ගත කරන මිථුන ලග්න හිමියකු නම් ඇඟිලිවල හිරිවැටීම් හා සුළු ස්නායුගත රෝග ඇතිවීමේ ඉඩකඩ පවතී.

ගුරු ග්‍රහයා ලග්න භාවයේ ගමන් කරමින් හත්වැන්නට පෙනීම විවාහ සම්බන්ධ ගැටලු නිරාකරණය වීම හා විවාහය ප්‍රමාද වූවන්ට විවාහ අවස්ථා උදාවීමට උපකාරී වෙයි.

සුබ දවස් - බදාදා,සිකුරාදා ,සෙනසුරාදා

සුබ අංක - 6,8

සුබ අක්‍ෂර - F,O,X,H,Q,Z

සුබ වර්ණ - නිල් පැහැය මිශ්‍ර විචිත්‍ර වර්ණ, කොළ පැහැය

කටක ලග්නය

විදෙස් ගමන්

කටක ලග්න හිමියන්ට මේ වසර ශුභ ඵලදායක තත්ත්වයකට ආසන්න මිශ්‍ර ඵල ගෙන දෙන වසරකි. වසර දෙක හමාරක පමණ කාලයක් පුරා ගතකළ සෙනසුරු ඒරාෂ්ටකය අවසන් වේ. දළ කේන්ද්‍ර ක්‍රමයට අනුව පොදුවේ සෙනසුරු මීන රාශි ගතවීම යම් තරමක යහපත් තත්ත්වයක් බලාපොරොත්තු වීමට හේතු සපයයි. කෙසේ වුවත් ගුරු ග්‍රහයා දොළොස් වැන්නට පැමිණීම නිසා ඔබේ වියදම් අධික විය හැකිය. එලෙසින්ම ඔබේ වැඩ කටයුතුවලට බාධා අවහිරතා ඇතිවීමේ ඉඩකඩක් ද පවතී. එහෙත් ශනි හා ගුරු නවය හා දොළහ භාවවල ගමන් කරන මේ වසරේ ඔබට විශේෂයෙන්ම විදෙස් ගතවීම් සාර්ථක වන වසරක් ලෙස සැලකිය හැකිය. ඔබ ශනි හෝ ගුරුගේ මහ දශාවක් ගත කරනවා නම් උත්පත්ති කේන්ද්‍රයේ ශනි හා ගුරු දුර්වලව පිහිටා නැත්නම් ඔබ විදෙස් ගතව සිටින රටෙහි පුරවැසි භාවය ලබා ගැනීමට උත්සාහ කරන අයකු නම් අනිවාර්යනේම එයද සාර්ථක වන වසරකි.

ආර්ථික වශයෙන් ගත් කල ඔබට අලුත් ආයෝජනවලට යොමු වනවා නම් ගුරු දොළොස් වැන්නේ ගමන් කිරීම නිසා වංචනිකයන්ට රැවටීමේ ඉඩකඩක් පවතී. එසේම ඔබේ ආයෝජනවල පාඩු දායක තත්ත්වයක් ඇතිවීම ද පෙන්නුම් කරනු ඇත. එනිසා කෙටි ආයෝජනවලට කටක ලග්න හිමි ඔබ යොමු වන්නේ නම් පෞද්ගලික කේන්ද්‍රය පරීක්ෂා කරගෙන එම කටයුතු සිදුකිරීම යහපත්ය. මධ්‍ය කාලීන හා දිගුකාලීන ආයෝජන සඳහා විශාල බලපෑමක් නැත.

සෞඛ්‍ය සම්බන්ධයෙන් අක්මාවේ තෙල් තැන්පත් වීම, පිත්තාශයේ ගල් ඇතිවීම, ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්ව ඇතිවීම් පෙන්නුම් කරයි. එසේම ඇස්, දත්, උගුර සම්බන්ධ රෝග මෙන්ම ස්ථානගත රෝගත් මළ බද්ධය, අර්ශස් හා මුද්‍රා දැවිල්ල වැනි රෝගත් ඇතිවිය හැකිය.

අධ්‍යාපන කටයුතු කෙරෙහි යම් යම් බාධා තත්ත්ව ඇති විය හැකිය. ශනි ග්‍රහයා නව වැන්නට පැමිණීමෙන් විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේ නිරත වන අයට බාධාකාරී තත්ත්ව ඇතිවීමේ ඉඩකඩ පවතී.

වැරදි සන්නිවේදන කටයුතු සහ ආවේගශීලී වචන භාවිතය හේතුවෙන් ආදරයේ හා විවාහ ජීවිතයේ යම් යම් ගැටලු ඇති වීමට හැකි බැවන් කල්පනාකාරී වන්න.

සුබ දවස් - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

සුබ අංක - 2.3.9

සුබ අක්‍ෂර - I,R,D,K,T

සුබ වර්ණ - සුදු ,ක්‍රීම්, රතු මිශ්‍ර වර්ණ

සිංහ ලග්නය

ආදායම් මාර්ග කීපයක්

සිංහ ලග්න හිමියන්ට මේ වසර මිශ්‍ර ඵලදායක වසරක් ලෙස හැඳින්විය හැකිය. පොදුවේ අවුරුදු දෙකහමාරක අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයක් උදා වී පවතී. අනෙක් ග්‍රහ ගෝචරයන් පිළිබඳව සලකා බැලීමේදී රාහු හත්වැන්නටත් කේතු ලග්නයටත් පැමිණෙන අතර ගුරු එකොළොස්වැන්නට පැමිණෙයි.

එසේ ගුරු එකොළොස් වැන්නට පැමිණීම විශේෂයෙන්ම මාර්ග කිහිපයකින් ආදායම් ඉපැයීමට හැකි වටපිටාවක් ගොඩ නඟන්නකි. රැකියාවේ බිඳ වැටීම්වල යම් සමනයවීමක් පෙන්නුම් කරයි. ඔබේ වැඩිහිටි සහෝදරයනගෙන් මෙන්ම මිත්‍රයන්ගෙන් මූල්‍යමය හා වෙනත් උපකාර ලැබෙන වසරක් වනු ඇත.

යුග දිවිය සම්බන්ධයෙන් ඇතිවිය හැකි මත ගැටුම් සම්බන්ධයෙන් තරමක් සැලකිලිමත් විය යුතුය. එහෙත් දරු පල අපේක්‍ෂිත සිංහලග්න හිමියන්ට සිය සිහින සැබෑ කරගත හැකි කාලයකි.

කෙසේ වෙතත් කේතු ග්‍රහයා ලග්නය තුළ ගමන් කිරීම නිසා කේතුගේ මහ දශා අන්තර්දාශා ගත කරන සිංහ ලග්න හිමියන්ට හිස ආශ්‍රිත රෝග, ඉරුවාරදය, සෙම් රෝග වැනි තත්ත්ව ඇති විය හැකිය.

එසේම ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග හා ප්‍රතිශක්තිය දුර්වල විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වෙයි.

අධ්‍යාපනය අතින් සිංහ ලග්න හිමියන්ට ඉතාම යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන කාලයකි. අධ්‍යාපනයෙන් ජයග්‍රහණ හිමිවෙයි.

රැකියා සම්බන්ධව බරපතළ ගැටලුවක් පෙන්නුම් නොකෙරේ පොදුවේ ඔබට ඔබේ වැඩ කටයුතු සාර්ථකව කරගැනීමට හැකිවන වසරකි.

එහෙත් සෙනසුරුගේ මහා දශා අන්තර්දශාගත කරන අයට හා ඒරාෂ්ටක තත්ත්වයක් පවතින අයට මේ ශුභ ප්‍රතිඵලවල තත්ත්වය වෙනස් විය හැකිය.

සුබ දවස් - ඉරිදා, බ්‍රහස්පතින්දා

සුබ අංක - 1,3

සුබ අක්‍ෂර - A,J,S,C,L,W

සුබ වර්ණ තඹ පැහැය මිශ්‍ර වර්ණ, කහපැහැය මිශ්‍ර වර්ණ

කන්‍යා ලග්නය

රැකියාවේ උසස්වීම්

කන්‍යා ලග්නය හිමියන්ට ද මේ වසර හැඳින්විය හැක්කේ මිශ්‍ර ඵලදායක වසරක් ලෙසිනි. දීර්ඝ ගමන් සහිත ග්‍රහයන්ගේ ගෝචර තත්ත්ව බැලුවහොත් විශේෂයෙන්ම ශනි ග්‍රහයා හත්වැන්නේ ගමන් කරයි. රාහු ග්‍රහයා හය වැන්නේත් කේතු ග්‍රහයා දොළහේත් ගුරු ග්‍රහයා දහ වැන්නේත් ගෝචර වෙයි. විශේෂයෙන්ම මැයි 14 වන දා සිට ගුරු දහවැන්නේ ගමන් කිරීම කන්‍යාලග්න හිමියන්ගේ රැකියාව සම්බන්ධයෙන් විශේෂ දියුණුවක් යහපත් තත්ත්වයක් පෙන්නුම් කරයි. ඔබ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි රැකියා උසස් වීමක් මේ වසර තුළ ලැබීමේ බොහෝ ඉඩකඩ පවතී. ඔබ නව රැකියාවක් එනම් ආර්ථික මට්ටමෙන් උසස් රැකියාවක් බලාපොරොත්තු වන්නේ නම් එයද ඔබට හිමිවන, රැකියාවල සුබදායක වෙනසක් බලාපොරොත්තු විය හැකි වසරකි.

රාහු ග්‍රහයා හයවැන්නේ ගමන් කිරීම සහ මූල ත්‍රිකෝණ බලයෙන් කේතු ග්‍රහයා දොළොස් වැන්නේ ගමන් කිරීම ඔබට යම් යම් නෛතික ගැටලු ඇති කිරීමට හේතු වුවත් එම ගැටලු පහසුවෙන් ජයගැනීමේ හැකියාවද උදාවෙයි.

සෞඛ්‍යමය වශයෙන් ගත් කල රාහුගේ හා කේතුගේ ගෝචරයන් නිසා යම් යම් ස්නායු රෝග, ආමාශය ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානමක් ඇත.

අධ්‍යාපනය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් හෝ බාධාවක් පෙන්නුම් කරන්නේ නැත. එහෙත් උනන්දුව උත්සාහය අත්නොහැර තබා ගැනීම අවශ්‍ය වනු ඇත.

කුජගේ හා ශනිගේ මහ දශා අන්තර්දාශා ගත කරන අය විවාහය සම්බන්ධව විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. මේ වසර අග හා ලබන වසර මුල කාලසීමාව තුළ විවාහය සම්බන්ධ යම් යම් චිත්ත පීඩා ඇතිවීමට හැකි බැවින් ඒවා වළක්වා ගතහහැකි වන අයුරින් සිතාමතා කටයුතු කරන්න.

සුබ දවස් - බදාදා ,සිකුරාදා ,සෙනසුරාදා

සුබ අංක - 5,8

සුබ අක්‍ෂර - E,N,W,X,Q

සුබ වර්ණ - කොල, තද නිල් ,ලානිල්

තුලා ලග්නය

අභියෝග ජයගනී

තුලා ලග්නය හිමියන්ට මේ වසර සුබදායක වසරක් ලෙස හැඳීන්විය හැකිය. විශේෂයෙන්ම ගුරු, ශනි, රාහු, කේතු යන ප්‍රධාන ග්‍රහයන් සලකා බලන විට මැයි 14 වැනි දින ගුරු ග්‍රහයා නව වැන්නට ද, රාහු පස්වැන්නට සහ කේතු 11 වැන්නට 18 වැනි දා ද පැමිණෙන අතර ශනි ග්‍රහයා හය වැන්නේ ගමන් කරමින් සිටි. එය සතුරු බලවේග පරාජය කිරීමේ හැකියාව සඳහා යහපත් ය. ඕනෑම අභියෝගාත්මක කටයුත්තක් සාර්ථකව ජයගැනීමට හැකියාව ලැබෙන වසරකි. විදෙස් ගතවීම් බලාපොරොත්තු වන්නේ නම් ඒවා සාර්ථක කරගැනීමටද හැකියාව ලැබෙයි. විදෙස් රටක පුරවැසි භාවය ද බලාපොරොත්තු වන තුලා ලග්න හිමියන්ට එම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ.

ඔබ කුජගේ හෝ කේතුගේ අතුරුදශාවක් හෝ මහ දශාවක් ගත කරන්නේ නම් ආර්ථිකයේ විශේෂ දියුණුවක් හා සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට හැකි වනු ඇත. විශේෂයෙන්ම මැණික් ක්ෂේත්‍රය, උපදේශන ක්ෂේත්‍රය, වෛද්‍ය වෘත්තිය, ඡ්‍යොතිෂ හා ගුප්ත ශාස්ත්‍රවලට සම්බන්ධ තුලා ලග්න හිමියන් හට විශේෂ දියුණුවක් අභිවෘද්ධියක් මේ වසර තුළ ඇති වෙයි.

ශනි ග්‍රහයා හයවැන්නේ ගමන් කිරීම නිසා මැදිවියේ හා වයෝවෘද්ධ තැනැත්තන්ට වාත රෝග පිටකොන්දේ වේදනාව ආතරයිටීස් වැනි රෝග ඇතිවිය හැකිය.

ගුරු නව වැන්නේ ගමන් කරමින් පස්වැන්න දැකීම අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතා යහපත් පිහිටීමකි. උසස් අධ්‍යාපනය සම්බන්ධ කටයුතුවල යෙදෙන තුලා ලග්න හිමියන්ට ගුරුගේ මහා දශාවක් හෝ අන්තර් දශාවක් තිබේ නම් අධ්‍යාපන කටයුතු මේ වසර තුළ ඉතාමත් සාර්ථක වනු ඇත.

ආදරය හා විවාහය යන කාරණා සම්බන්ධයෙන් බරපතළ හෝ අසුබ තත්ත්වයක් මේ වසර තුළ තුලා ලග්න හිමියන්ට පෙන්නුම් නොකරයි.

රැකියා සම්බන්ධයෙන්ද බරපතළ ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැත. විදේශගත රැකියා ව්‍යාපාරවල යෙදෙන්නන්ට යහපත් අවුරුද්දකි. ස්වයං රැකියාවල යෙදෙන්නන්ටද ඉතාමත් යහපත් වසරකි.

සුබ දවස් - බදාදා ,සිකුරාදා ,සෙනසුරාදා

සුබ අංක - 5, 8

සුබ අක්‍ෂර - E,N,W,H,Q,Z

සුබ වර්ණ - කොළපැහැය, තද නිල්

වෘශ්චික ලග්නය

දේපළ අලෙවියට සුබයි

වෘශ්චික ලග්නය හිමි ඔබට මෙය මිශ්‍ර ඵලදායක වසරකි. විශේෂයෙන්ම ශනි කේතු රාහු ගුරු යන ප්‍රධාන ග්‍රහයන්ගෙන් ගුරු අටවැන්නට පැමිණීම ගුරුගේ මහා දශා අන්තර්දාශා ගත කරන වෘශ්චික ලග්න හිමියන්ට තරමක් අහිතකර තත්ත්වයක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය ලබන්නන්ට අධ්‍යාපන කටයුතු කෙරෙහි ඇති උනන්දුව යම් ප්‍රමාණයකට අඩුවීමක් ඇති කරවන අතර අධ්‍යාපන කටයුතු කෙරෙහි අලස උදාසීන බවක් ද ඇති කිරීමට මේ ග්‍රහ ගෝචරය සමත් වෙයි. එබැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම අධ්‍යාපනය ලබන දූදරුවන්ට විශේෂයෙන් වැදගත් වනු ඇත.

ආර්ථික වශයෙන් මධ්‍යස්ථ මට්ටමක් වෘශ්චික ලග්නහිමියන්ට පෙන්නුම් කරයි. එබැවින් උපයාගන්නා මුදල් නිසි කළමනාකාරීත්වයකින් යුතුව වියපැහැදම් කිරීමට සැලැස්මක් ඇති කර ගැනීම කාලෝචිතය.

විශේෂයෙන්ම සෞඛ්‍යමය වශයෙන් අක්මාවේ තෙල් තැන්පත් වීම, ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම නිසා ශරීරගත රුධිර සීනි මට්ටම වාර්තාගත ලෙස ඉහළ යෑම, දියවැඩියාව ආශ්‍රිත සංකූලතා වර්ධනය වීම, පිළිකා වැනි රෝගී තත්ත්වවල වර්ධනයක් පෙන්වීම මේ කාලයක තුළ දැකිය හැකි රෝග තත්ත්වයන් වනු ඇත.

ගර්භිනී මාතාවන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ. ආදරය හා විවාහ ජීවිතය තුළ බරපතල වියවුල් ඇති නොවන කාලසීමාවකි.

කෙසේ වෙතත් ඔබගේ නිවෙස, වාහනය හෝ ඉඩම අලෙවි කිරීමට බලාපොරොත්තුවෙන් සිටී නම් ඒ පිළිබඳව බලාපොරොත්තු ඉටු කර ගැනීමට මේ කාලසීමාව යහපත් වේ.

විශේෂයෙන්ම රැකීරක්ෂා සම්බන්ධයෙන් යම් චිත්ත පීඩා මානසික ආතති තත්ත්වයන් ඇතිවීමට හැකිය. කේතුගේ දශා අන්තර්දශා ගතකරන අය ආයතනික ප්‍රධානීන්ගේ විවේචන හා දෝෂාරෝපණයට ලක් වීමට ඉඩකඩක් පවතී. බුද්ධිය මෙහෙයවා කරන හෝ ස්වයං රැකියාවල යෙදෙන අයට යහපත්ය.

සුබ දවස් - ඉරිදා,අඟහරුවාදා

සුබ අංක - 1,9

සුබ අක්‍ෂර - A,J,S,I,R

සුබ වර්ණ - තඹ පැහැය, රතු

ධනු ලග්නය

මංගල සීනු හැඬවේ

ධනු ලග්නය හිමි ඔබට සුබ ඵලදායක තත්ත්වයකට අත්‍යාසන්න මිශ්‍ර ඵලදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. සෙනසුරු ඔබේ සිවුවැන්නට පැමිණ ඇත. මැයි 14 වැනිදා ලග්නාධිපති ගුරු හත්වැන්නට පැමිණෙයි. මෙය යහපත් තත්ත්වයකි. මැයි 18 වැනිදා රාහු තුන්වැන්නටත් කේතු නව වැන්නටත් පිවිසෙයි.

විශේෂයෙන්ම ගුරුගේ ගෝචරය පළමු විවාහය බිඳ වැටී දෙවැනි විවාහයක් අපේක්‍ෂාවෙන් සිටින ධනු ලග්න හිමියන්ට ඉතාමත් යහපත් ප්‍රතිපල ගෙන දෙනු ඇත.පොදුවේ විවාහ ප්‍රමාද අයට දමෙය මංගල සිහින සැබෑ වන වසරක් ලෙස හැඳින්විය හැකිය. විවාහකයන්ට වසරේ මැද යම් බාධා එල්ල වුවත් වසර අගදී ඒවා සමනය වන බව පෙන්වයි.

ආර්ථිකය ශක්තිමත් වන අතර, හවුල් ව්‍යාපාර කටයුතුවල ද විශේෂ දියුණුවක් සාර්ථකත්වයක් අපේක්‍ෂා කළ හැකි වසරකි. රාහු ග්‍රහයා තුන්වැනි ස්ථානයේ ගෝචර වීමද ඔබට යහපත වන්නේ ඔබේ ආත්ම ශක්තිය, උනන්දුව, උද්යෝගය වැඩිවන වසරක් වීම නිසාය. කෙටි ගමන් බිමන් බහුල වේ. කෙසේ වෙතත් ලිපි ලේඛන ආදියට අත්සන් තැබීමේදී ඔබේ නොසැලකිලිමත් බව නිසා ගැටලු ඇති විය හැකි බැවින් ප්‍රවේශම්කාරී වන්න.

කේතුගේ දශා අතුරු දශා ගෙවන අයට ගුප්ත කටයුතු හා ඡ්‍යොතිෂ කටයුතු හැදෑරීමටත් භාවනා ආදියටත් මේ වසර ඉතාමත් යහපත් වනු ඇත. එසේම අන්තර්ජාල සම්බන්ධ කටයුතුවලට සහභාගී වන්නේ නම් හෝ එම කටයුතුවල නිරත වන්නේ නම් ඒවා ද සාර්ථක වනු ඇත. විදෙස් ගතවීම්වලටද වාසනාව පවතී. කේතුගේ දශා ගෙවන්නන් හට අධ්‍යාපනය සම්බන්ධ විශිෂ්ට වසරක් වන අතර පොදුවේ අධ්‍යාපනය සම්බන්ධව ප්‍රබල බාධක අවහිරතා ඇති නොවේ. එහෙත් තමාගේ උනන්දුව උත්සාහය නොකඩවා තබා ගැනීම වැදගත්ය.

සෞඛ්‍යය වශයෙන්ද පොදුවේ ගත් කල බරපතළ ගැටලු ඇති නොවන වසරක් ලෙස සැලකිය හැකිය.

සුබ දවස් - ඉරිදා,අඟහරුවාදා,බ්‍රහස්පතින්දා

සුබ අංක - 3, 9

සුබ අක්‍ෂර - C, L , U,I,R

සුබ වර්ණ - කහ, රෝස

මකර ලග්නය

නව කටයුතු අරඹයි

මකර ලග්නේ හිමියන්ට ද මේ වසර මිශ්‍ර ඵලදායක වසරකි. ශනි ග්‍රහයා තුන්වැන්නට පැමිණීම යහපත් වෙයි. වසර හතහමාරක් පැවති ලග්න ඒරාෂ්ටකය ඒ සමඟ අවසන් වෙයි. ශනි තුන්වැන්නට පැමිණීම නිසා ඉහළ ආත්ම ශක්තියකින් යුතුව ඕනෑම අභියෝගයක් සාර්ථකව ජයගත හැකි වසරයක් වනු ඇත. කෙටි ගමන් බිමන් බහුල වන කාල සීමාවකි. බාල සහෝදරයකු හෝ අසල් වැසියකු වෙනුවෙන් ඔබේ කාලය සැලකිය යුතු වශයෙන් වෙන් කරන්නට සිදුවේ.

නව වැඩ කටයුතු ආරම්භ කිරීමටද මේ වසර සුබදායකක වේ.

රාහු දෙවැන්නටත් කේතු අටවැන්නටත් පැමිණීම යුග දිවිය ආශ්‍රිත යම් මත ගැටුම් ඇතිවීමට ඉඩකඩ ඇති කරයි. කුජ හෝ කේතුගේ දශා ගත කරන අය සහකරු/සහකාරියගේ රෝගී තත්ත්ව පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වනු ඇත. ගුරු හයවැන්නේ ගමන් කිරීම ගර්භනී මව්වරුන්ට යම් යම් සංකූලතා ඇති කිරීමට හේතු විය හැකිය.

එහෙත් ඔබේ ගුරු හයවැන්නට පැමිණීම එතරම් යහපත් පිහිටීමක් නොවනු ඇත. මේ නිසා සෞඛ්‍ය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ගුරුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ගත කරන අය වැඩි වශයෙන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව සැලකිලිමත් විය යුතුය. අක්මාවේ තෙල් තැන්පත් වීම, අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම, පිත්තාශයේ ගල් ඇතිවීම වැනි ශරීර අභ්‍යන්තර රෝග ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇත. උත්පත්තියෙන් ගුරු ග්‍රහයා දුර්වල නම් මේ තත්ත්ව පිළිබඳ වැඩි සැලකිල්ලක් යොමු කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. නිදන්ගත රෝගයකට ඖෂධ ලබා ගන්නේ නම් ඒවා නිසි පරිදි ලබා ගැනීමට අවධානය යොමු කළ යුතුය. කේතුගේ මහ දශා අතුරු දශා ගෙවන මකර ලග්නහිමියන්ට ඇස් දත් හා උගුර සම්බන්ධ රෝග මෙන්ම මළ බද්ධය අර්ශස් වැනි උදරය පහළ කොටස සම්බන්ධ රෝග පීඩා ද ඇති විය හැකිය.

අධ්‍යාපන කටයුතුවල බරපතළ බාධක නොයෙදෙන මධ්‍යස්ථ වසරක් ලෙස සැලකිය හැකිය. රැකියා කටයුතුවලටද බරපතළ ගැටලු ඇති නොවන සුබදායි වසරක් වශයෙන් හැඳින්විය හැකිය.

සුබ දවස් - බදාදා, සිකුරාදා ,සෙනසුරාදා

සුබ අංක - 5,6,8

සුබ අක්‍ෂර - E,N,W,F,O,x

සුබ වර්ණ - තද කොළ,ලා නිල්,

කුම්භ ලග්නය

හදිසි ධන ලාභ

කුම්භ ලග්නහිමියන්ට ඒරාෂ්ටකයේ මධ්‍ය කොටස අවසන් වන බැවින් සෙනසුරු ඒරාෂ්ටකයක් පැවතියත් එය බරපතළ අහිතකර තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැත. ගුරු ග්‍රහයා පස්වැන්නට පැමිණීම ඉතාමත් යහපත් වනු ඇත. විශේෂයෙන්ම ශනි, රාහු, කේතු, ගුරු යන ප්‍රධාන ග්‍රහයන්ගේ ගෝචර සලකා බලද්දි ශුභ ඵල තත්ත්වයකට අත්‍යාසන්න මිශ්‍ර ඵලදායක වසරකි. ගුරු පස්වැන්නට පැමිණීම දූදරුවන්ගෙ අධ්‍යාපන හැකියාවන් ප්‍රබල ලෙස වර්ධනය කිරීමට බලපායි. ප්‍රධාන විභාගවලින් විශිෂ්ට ජය ලැබීමේ අවස්ථා පෙන්නුම් කරයි. ගුරුගේ මහ දශා, අතුරු දශා ගෙවන්නන්ට මෙය වඩාත් සුබපල ගෙනදෙයි.

විශේෂයෙන්ම උත්පත්ති කේන්දරය තුළ ගුරු 2,5,9,10,11වැනි ස්ථානයක තැන්පත්ව ගුරුගේ දශාවකුත් ගතකරන අයකු නම් අනපේක්ෂිත ලොතරැයි දිනුම් පවා ලැබිය හැකි වසරකි. ලග්නාධිපති ශනි දෙවැන්නේ ගමන් කිරීම යහපත් ආර්ථික තත්ත්වයක්ද, ව්‍යාපාරවල දියුණුවක්ද පෙන්නුම් කරන වසරකි. එහෙත් ශනි යනු දොළොස්වැන්නාධිපති ද වීම නිසා ආදායමට සමානුපාතිකව හදිසි වියදම් යෙදීමටද මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා ඇති වීමටද ඉඩකඩ පවතී. රාහු ලග්නයේ ගමන් කිරීම හිස ආශ්‍රිත රෝග තත්ත්ව හා ස්නායු ආශ්‍රිත රෝග තත්ත්ව ඇති කිරීමට හේතු විය හැකි බැවින් සැලකිලිමත් වන්න. කේතු හත්වැන්නේ ගමන් කිරීම නිසා ඔබගේ සහකාරයා හෝ සහකාරියගේ සෞඛ්‍ය තත්ත්වයේ දුර්වල වීමක් පෙන්නුම් කරන අතර යුග දිවිය ආශ්‍රිත සුළු ගැටලු ඇති විය හැකි පිහිටීමක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.

උත්පත්ති කේන්දරයේ දුර්වලතාවක් හෝ අශුභ දශාවක් නොවන්නේ නම් රැකියා සම්බන්ධව බරපතළ ගැටලුවක් පෙන්නුම් කරන්නේ නැත.

සුබ දවස් - බදාදා, සිකුරාදා

සුබ අංක - 5,6

සුබ අක්‍ෂර - E,N,W,F, O,X

සුබ වර්ණ - තද කොළ ,තද නිල්

මීන ලග්නය

රැකියාවේ දියුණුව

මීන ලග්නය හිමි ඔබට මෙය මිශ්‍ර ඵලදායක වසරක් ලෙස හැඳින්විය හැකිය. ශනි ග්‍රහයා ලග්නභාවය තුළ ගමන් කරයි. එලෙසින්ම මැයි 18 වන දා සිට රාහු හා කේතු හයවැන්නේ සහ දොළොස් වැන්නේද මැයි 14 වැනිදා සිට ගුරු ග්‍රහයා හතරවැන්නේද ගමන්මන් කරයි.

දහවැන්නාධිපති ද වන ගුරු සිවුවැන්නේ සිටීම රැකියා සම්බන්ධ විශේෂ දියුණුවක් සාර්ථකත්වයක් ලැබෙනු ඇත. රැකියාවේ වෙනසක් බලාපොරොත්තු වන්නේ නම් එය සාර්ථක කරගත හැකිවනු ඇත. ඔබ නිවෙසක්, ඉඩමක් හෝ වාහනයක් මිල දී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ කටයුතු සාර්ථක වන වසරකි.

ගෘහ ජීවිතයේ පැවැති ගැටලුකාරී තත්ත්වවල යම් සමනය වීමක් අපේක්ෂා කළ හැකිය. සෙනසුරු ලග්නයේත් රාහු 12වැන්නේත් ගමන් කිරීම නිසා අනපේක්ෂිත නෛතික ගැටලු ඇතිවිය හැකි අතර ඒ සම්බන්ධව අවාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් ඉතාමත් සැලකිලිමත් විය යුතුය. කේතු 6වැන්නේ ගමන් කිරීම ශරීර අභ්‍යන්තර රෝග හා වෛද්‍ය පරීක්‍ෂණ මගින් සොයාගැනීමට අපහසු රෝග ඇතිවීමට හේතු වෙයි. උත්පත්ති කේන්දරයේ කේතු ග්‍රහයා දුර්වල නම් සහ කේතු දශාවක් ගත කරන්නේ නම් මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුය. අඩු රුධිර පීඩනය හා ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය අකර්මණ්‍ය වීම් මෙන්ම ශරීරය අසමතුලිත වීම් ඇති කළ හැකිය. කුසගිනි අඩුවීමෙන් ඇති වන රෝග පිළිබඳ කුජ හා කේතු දශා ගත කරන පිරිස් අවධානය යොමු කළ යුතුයි.

උත්පත්ති කේන්දරයේ බරපතළ ගැටලු නොවේ නම්, අධ්‍යාපනය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් නොකරන අතර ආදරය විවාහය සම්බන්ධව ද විශේෂ ගැටලු ඇති නොවන වසරකි. විදෙස් ගතවීම්, පුරවැසිභාවය ලැබීම් හා විදෙස් ශිෂ්‍යත්ව පවා ලැබීමට වාසනාවන්ත වන වසරකි. රාහු 12 වැන්නේ ගමන් කිරීම නිසා මූල්‍යමය දුෂ්කරතා මෙන්ම විදෙස්ගතවීම්වලදී වංචනිකයන්ට හසු විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ.

සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

සුබ අංක - 3, 9

සුබ අක්‍ෂර - C,L,U,I,R

සුබ වර්ණ - කහ ,රතු"
සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top