යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට ජනාධිපතිවරයා හෝ ආරක්ෂක අමාත්‍යවරයා කිසිදු මැදිහත්වීමක් නොකළ බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.
සාමාජ මාධ්‍යජාල හරහා මේ වන විට සංසරණය වන අත්අඩංගුවට පත්ව සිටින අවස්ථාවේ දී යෝෂිත රාජපක්ෂ මහතාගේ ගෙන ඇති ඡායාරූපය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී හෝ පොලිස් නිලධාරියෙකු විසින් ගත් ඡායාරූපයක් නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් ඔහු සදහන් කලේ එම ඡායාරූප ගෙන ඇත්තේ බෙලිඅත්ත අධිවේගී මුරපොළේ ඔහුව රඳවාගෙන සිටි අවස්ථාවේ දී බවත් එය රැගෙන ඇත්තේ යෝෂිත රාජපක්ෂ මහතාගේ යහළුවෙකු හෝ වෙනත් පුද්ගලයෙකු විසින් බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පෙරවරුවේයි.
බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසළදී අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආවා.
පැය 4ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොළඹ අලුත්කඩේ අංක 05 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි හමුවට ඉදිරිපත් කළ අතර, යෝෂිත රාජපක්ෂ එළැඹෙන 27 වැනිදා, එනම් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.