මේ කාලයේ අධ්‍යාපනය හදාරන දරුවන්ගේ ප්‍රවණතාවයන් වෙනස්..
ඒ නිසා සමහරවිට ඇතිවෙන්න පුළුවන් අහිතකර තත්ව බොහෝමයි..
මේ අතර මානසික රෝගී තත්වවලට දරුවන් නොදැනුවත්වම ගොදුරු වෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ඇසෙන තවත් එක් විශේෂ කතාවක් ගැනයි..
පාසල් සිසුවියන් මානසික රෝග ප්‍රතිකාරවලට යොමුවීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවත් සමලිංගික ආදර සබඳතා හා ජංගම දුරකතන භාවිතය ඇතුළු කරුණු රැසක් මෙයට බලපා තිබෙන බවත් මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරි, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ පවසනවා...
තම දරුවන් ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ මානසික ආතතියකින් පෙළෙන බව බොහෝ මව්පියන් නොදන්නා බවත් ඔවුන් දරුවන් ප්‍රතිකාරවලට වැඩි වශයෙන් රැගෙන එන්නේ
විභාගවලට පෙනී සිටීම දරුවන් ප්‍රතික්ෂේප කරන අවස්ථාවල බවයි ඔහු පැවසුවේ..
බාලක පාසල්වලට සාපේක්ෂව බාලිකා පාසල්වල අදාළ සිදුවීම් වාර්තා වීමේ ඉහළ යෑමක් පෙනෙන්න තිබෙන බවත් ක්‍රීඩා කණ්ඩායම්වලට ඇතුළු වන නවක දරුවන් මේ සිදුවීම්වලට ලක්වීම වැඩි බවත් සුබසිංහ පැවසුවා... පාසල් නේවාසිකාගාරවල ද මේ තත්ත්වය දක්නට ලැබෙන අතර, පාසල් ශිෂ්‍ය කණ්ඩායම් මඟින් පවත්වාගෙන යන වට්ස්ඇප් සමූහයන්
පරිශීලනය මඟින් බොහෝ දරුවන් සමලිංගික ආදර සම්බන්ධතාවලට නැඹුරු වී තිබෙන බව එම දරුවන් හා කතා කිරීමේ දී තහවුරු වන බව ද වෛද්‍යවරයා පැවසුවා..
මේ වන විට නාගරික බාලිකා පාසල්වල දරුවන් අතර සමලිංගික ඇසුර ඉහළ ගොස් තිබෙන බවත් මේ සම්බන්ධ තොරතුරු විදුහල්පතිවරු හා ගුරුවරු වසන් කිරීම නිසා දරුවන් එම ක්‍රියාවන්වලට ඇබ්බැහි වී තමන්ගේ අනාගත අරමුණු කරා යන ගමන අඩාළ කර ගන්නා බවත් වෛද්‍යවරයා පැවසුවා..
මේ නිසා දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම පමණක් නොව, සියදිවි නසා ගැනීමට පවා පෙලඹීමේ ප්‍රවණතාවක් ඇතැයි ද, අයහපත් ලිංගික චර්යාවන්ට ඇබ්බැහි වීම නිසා මේ දරුවන්ගේ අනාගත පවුල් ජීවිත අසාර්ථක වීමේ ප්‍රවණතවක් මෙන්ම ඔවුන් ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ද පවතිනවා.. මේ හේතුවෙන් ඇතිවන ගැටලු මුල් කරගෙන ඇතැම් සිසුන් තමන්ගේ ශරීරයට තුවාල සිදු කර ගන්නා අවස්ථා වාර්තා වන්නේ යැයි ද වෛද්‍යවරයා ප්‍රකාශ කළා..
මෙයට හොඳම විසඳුම මූලික අවස්ථාවේදීම නිසි ක්‍රමවේද යටතේ දරුවන් දැනුවත් කිරීමයි..
පාසල්වල කීර්තිනාමයට හානි වේයැයි සිතා ඇතැම් විදුහල්පතිවරු අදාළ තත්ත්වය දැන දැනම එය වසන් කරන බවත් එය යහපත් තත්ත්වයක් නොවන බවත් කී ඔහු, ප්‍රශ්නයේ තරම නිවැරදිව තේරුම් ගෙන එයට හැකි ඉක්මනින් විසඳුම් සෙවීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබෙන බව ද අවධාරණය කළා..
මේ ගැටලුවට පාසල් මට්ටමින් විසඳුම් සෙවිය නොහැකි බවත් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අංශවල ද සහාය ලබා ගනිමින් නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබෙන බවත් වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ වැඩිදුරටත් පැවසුවේ...
දිනමිණ පුවත්පත ඇසුරෙන්..