මෙවර ඔලිම්පික් උළලේ කාගෙත් කතාබහට ලක්වුණු පිහිණුම් ශූරයා වුණු මයිකල් ෆෙල්ප්ස් ඔහුට හිමිවුණු 21වන රන් පදක්කම ලබාගැනීමට තරඟ වැදුණු මොහොතේ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍යවල කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ ඔහුට 2012 වසරේ රන් පදක්කමක් අහිමිකළ ක්‍රීඩකයෙකුගෙන් මෙවර එහි පලිය ගැනීමට හැකිවූ බවට ෆේල්ප්ස් පවසා තිබීම නිසාවෙන්. 2012 වසරේ තනි පිහිණුම් ඉසව්වෙන් පිට පිට 3වන රන් පදක්කම හිමිකරගැනීමට සිටි ෆෙල්ප්ස්ට එය අහිමි කිරීමට සමත් වුණේ දකුණු අප්‍රිකානු පිහිනුම් ශූරයෙක්.
ඔහුගේ ජයග්‍රහණය නිසාවෙන් එම වසරේදී ෆෙල්ප්ස්ට රිදී පදක්කම හිමිවුණු අතර එහි පලිය මෙවර ඔහු ලබාගන්නා බව පවසා තිබුණේ මේ අයුරින්.
''2012 නැතිවුණු ඒ පදක්කම මට ඕනිවෙලා තිබුණු එකක්, මම පූල් එකට බැස්සේ ඒ ගැන හිතාගෙනමයි, අන්තිමට මාව 2012 පරද්දපු ඒ පලිය අරගෙන තමයි මම පූල් එකෙන් එළියට ආවේ''
මෙහි සුවිශේෂී සිදුවීම වන්නේ 2012දී මයිකල් ෆෙල්ප්ස්ව පරාජය කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා මෙවර තරඟවදින අවස්ථාවේ ෆෙල්ප්ස් ඔහුව පසුකර යන අයුරු තරඟය අතරතුර ජලයේ සිටියදීම බලාගෙන සිටීම කැමරාවේ සටහන්ව තිබීමයි.
එමෙන්ම තරඟයට පෙර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා විසින් මයිකල් ෆෙල්ප්ස් පුටුවක වාඩි වී සිටින අවස්ථාවේ ඔහු ඉදිරියට ගොස් ඇඟ ඒ මේ අත හරවමින් ඔහුට ඔච්චමට මෙන් හැසිරුණු බවත් ඒ නිසාම මෙම තරඟයේ ප්‍රථම ස්ථානය කෙසේ හෝ ලබාගන්නා බවට තමන් සිතාගත්තේයැයි ඔහු පසුව පවසා තිබෙනවා.