Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
17
මානසික රෝග සුව කරන මුං ඇටවල රහස් මෙන්න...

- මානසික රෝග සුව කරන මුං ඇටවල රහස් මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views

ඉතාම පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත හැකි ආහාර ලෙස සැලකෙන රනිල භෝග අතරින් මුං ඇටවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්.. 


මුං ඇට කියන්නේ අපිට ඉතාම හුරුපුරුදු, සමීපතම ධාන්‍ය වර්ගයක්.. එදිනෙදා ආහාර වේල රසවත් කරන වෑංජනයකටත් මුං ඇට ඉතාම සුදුසුයි. මුං ඇට තම්බලා ලුණු මිරිස්, පොල් එක්ක කන්න පුංචි දරුවොත් හරිම ආසයි. ඒ වගේම මුං කිරිබත් කියන්නේ අපේ ගැමි ආහාර රටාවෙත් රසවත් ආහාරයක්. මුංඇට කැවුම් කියන්නෙත් අවුරුදු කෑම මේසයට නැතිවම බැරි දෙයක්. අපේ ආහාර ක්‍රමවේදයට අනුව රසවත් ගුණවත් ආහාරයක් වන මුං ඇට ඇත්තටම අපේ දේශීය වේදකමේදී අගනා ඖෂධයක්. ආයුර්වේදයේදී ඖෂධ පිණිස ධාන්‍ය වර්ග භාවිත කරනවා. ඒ ඖෂධීය ධාන්‍ය වර්ග අතර මුංඇටවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. සංස්කෘත භාෂාවෙන් මුං ඇට "මුද්ග" යන නමින් හඳුන්වනවා. ඉවීමෙන් ප්‍රමුඛ යන අරුතෙන් "සූපශේෂ්ඨ" යන අරුතිනුත්, හොඳ පල යන අදහසින් "සූපල" යන අරුතිනුත්, රස අතර ප්‍රධාන හෙවත් "රසෝත්තම" යන අරුතිනුත් මුං ඇට හඳුන්වනවා. වෙනත් ධාන්‍ය වර්ගවලට වඩා ඇඟට හොඳින් ගුණය උරා ගන්නා ධාන්‍ය වර්ගයක් නිසා මුං ඇට පථ්‍ය ධාන්‍ය ලෙසත් හඳුන්වනවා. මුං ඇට ශිම්බී කුලයට අයත් ශාකයක්. අනෙක් ධාන්‍ය වර්ගවලට වඩා ඇඟට ගුණයක් ලබාදෙන මුං ඇට ධාන්‍යයක් ලෙස හෝ වෑංජනයක් ලෙස ආහාරයට ගත්තොත් වෙනත් ඇතැම් ධාන්‍ය වර්ගවලට වගේ බඩ පිපුම, ඇඟ බරවීම වැනි අපහසුතා දැනෙන්නෙ නැහැ. ඉන්දියාව ජන්ම භූමිය කරගත් මුං ඇට බටහිර ඉන්දියාව, මැලේසියාව, ඇමෙරිකාව වැනි රටවලත් දැකගන්න පුළුවන්. ලංකාවේ වියළි ප්‍රදේශවල මුං ඇට ශාකය බහුල වශයෙන් රෝපණය කරනවා. ලංකාවේ ඓතිහාසික සෙල්ලිපියක් වන තෝනිගල සෙල්ලිපියෙත් මුං ඇට ගැන සඳහන් වෙනවා.

ආයුර්වේදයානුකූලව ධාන්‍ය වර්ග ශුක ධාන්‍ය ශිම්බී ධාන්‍ය ලෙස වර්ග දෙකකින් සමන්විතයි. ශුක ධාන්‍ය කියන්නේ බූව සහිත ධාන්‍ය වර්ග. (උදාහරණ ලෙස වී). ශිම්බී ධාන්‍ය කියන්නේ පියලි ධාන්‍ය වර්ග. මුං ඇට අයිති වන්නේත් ශිම්බී ධාන්‍ය කුලයට. ආයුර්වේදයේ ග්‍රන්ථ වන චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව, අෂ්ඨාංගහෘද සංහිතාව වැනි ග්‍රන්ථවලත් බුද්ධදාස රජු විසින් රචිත සාරාර්ථයේත් මේ ඖෂධීය ශාකය ගැන සඳහන් වෙනවා. සංහිතා ග්‍රන්ථවලටත් පෙරාතුව රචිත වේද ග්‍රන්ථවලත් මේ ශාකය ගැන සඳහන් වීම සුවිශේෂයි. කෞටිල්‍ය අර්ථශාස්ත්‍ර වේද ග්‍රන්ථයේත් මුං ඇට ගැන සඳහන් වීමෙන්ම මේ ඖෂධයට බොහෝ ඉතිහාසයක් ඇති බව හෙළි වනවා. ආයුර්වේදයේ මූලික ග්‍රන්ථවල සඳහන් ආකාරයට උඳු, කොල්ලු, මයිසූර් පරිප්පු වැනි ධාන්‍ය වර්ගවලට වඩා මුං ඇට ශ්‍රෙෂ්ඨයි. මුං ඇට තම්බා හෝ වෑංජනයක් ලෙස වගේම මුං ඇට කොටා ගන්නා පිටිවලින් විවිධ කැවිලි වර්ග හදන්නත් පුළුවන්. ශරීරයට හිතකර ඒ සෑම ආහාරයක්ම ඉතාම ගුණදායකයි. ඒ වගේම මුං ඇට පැළකර ඒ පැළවලින් රසවත් වෑංජනයක් පිසින්නත් ඔබට පුළුවන්. මුං ඇට වතුර පිරවූ බඳුනකට දමා රැයක් වසා අඳුරු තැනක තැබූ පසු එහි සිහින් ලෙස පැළ හටගන්නවා. දිනක් වතුර බඳුනේ තබා ඒ වතුර ඉස මුං පැළවලින් රසවත් ගුණවත් වෑංජනයක් පිසගන්න ඔබට පුළුවන්. ඇමෙරිකාව වගේ රටවල මේ ආහාරය ඉතාම ප්‍රචලිතයි. මේ පැළකළ මුං ඇට දැන් ලංකාවේ සුපිරි වෙළෙඳසල් වලිනුත් ගන්න පුළුවන්. යකඩ, ප්‍රෝටීන, කාබෝහයිඩේ්‍රට් වැනි අධික පෝෂ්‍ය පදාර්ථ මේ ධාන්‍ය වර්ගයේ අන්තර්ගතයි. අධික ප්‍රෝටීන ගුණය නිසාම ශරීරය කෙට්ටු අයට මහත් වෙන්න දිනපතා මුං ඇට ධාන්‍ය වර්ගයක් ලෙස ආහාරයට ගන්නත් පුළුවන්. ඇතැම් පුද්ගලයන් නිර්මාංසව ආහාර අනුභව කරන නිසා ශරීරයට ප්‍රෝටීන් ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. නිර්මාංස අයට ශරීරයට ප්‍රෝටීන් ලබාදෙන්න ඉතාම සුදුසු ආහාරයක් තමයි මුං ඇට. ඉන්දියාවේ උදෑසන කිරි වීදුරුව වෙනුවට මුං ඇට තැම්බූ වතුර (ලුණු ස්වල්පයක් දමා) පානය කරනවා. එය ශරීරයේ රෝග රැසක් සුව කරන්න නිරෝගී සුවය අත්කරන්න සුදුසු ඉතාම ගුණවත් ඖෂධීය පානයක්.

පැළ මුං ඇට යොදාගෙන ලොකු පොඩි කාටත් ගුණය ලබාදෙන රසවත් ආහාරයක් සාදන හැටි මම කියන්නම්. පැළ මුං ඇට කෝප්ප දෙකක් ගෙන එයට රටකජු කෝප්ප භාගයක් මිශ්‍ර කර ළිපේ තෙල් ස්වල්පයක් රත්කර ගන්න. තෙල් රත්වූ පසු පැළ මුං සහ රට කජු මිශ්‍රණය එයට මිශ්‍රකර අවශ්‍ය පදමට ලුණු, මිරිස්කුඩු සහ දෙහි මිශ්‍ර කර හොඳින් කවලම් කර ගන්න. ඇති පදමට තැම්බුණාට පසුව මෙය ආහාරයක් ලෙස ගන්න. බාල - වැඩිහිටි ඕනෑම අයකුට ශරීර ශක්තිය වර්ධනයටත්, කෘශ ශරීර මහත් කරන්නටත්, මෙය ඉතාම සුදුසු ආහාරයක්.
විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීම නිසා එක්තැන්වී ක්‍රම ක්‍රමයෙන් සුවය ලබන රෝගීන්ගේ ශරීරය රෝග ලක්‍ෂණ නිසා අප්‍රාණිකව වී කෘශ වී තිබීම සාමාන්‍ය දෙයක්. එවන් රෝගීන්ට සිරුර ප්‍රාණවත් කර නැවතත් ශරීරය ප්‍රකෘතිමත් කිරීමටත්, ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කිරීමටත් මුං ඇටවලින් සෑදූ සුප් එකක් දිනපතා දින කිහිපයක් පානය කිරීමට දීම ඉතාම යෝග්‍යයි. මුං ඇටවලින් සාදන මේ ඖෂධීය කැඳට ආයුර්වේදයේ "මුද්ග යුෂ" කියල හඳුන්වනවා. මුං ඇට තම්බා සාදා ගන්නා මේ සුප් එක බාල, මහලු සැමට ශරීර ප්‍රාණය වැඩිවීමටත් කිරි දෙන මවුවරුන්ගේ කිරි වර්ධනය කිරීමටත් පානය කළ හැකි ඉතාම ගුණදායක සුප් එකක්. ඒ වගේම මල බද්ධය රෝගයෙන් පෙළෙන රෝගීන්ටත් එයින් මිදීමට මේ සුප් එක දින කිහිපයක් උදේ සවස පානය කිරීම ගුණදායකයි.
මුං ඇට කියන්නේ තරමක කෙඳි සහිත ආහාරයක්. ඇතැම් අයට කෑම දිරවීමේ අපහසුතාවක් පැමිණිය හොත් මුං ඇට තැම්බූ දියර ඔහුට පානය කරන්න දෙන්න. කෑම දිරවීම ප්‍රකෘතිමත් කරනවා වගේම ශරීරයේ රුධිර ගමනා ගමනයත් එයින් ක්‍රමවත් කරනවා.
ඒ විතරක් නෙවෙයි සමහරුන්ගේ මුහුණේ, අතපය වල විවිධ කැපීම් නිසා නොමැකෙන කැළැල් පවතිනවා. ඇතැම් අවස්ථාවලදී එය තරමක මානසික වදයක් වන අවස්ථාත් තිබෙනවා. එවන් ලප කැළැල් මකා දමන්නත් මුං ඇට ඉතාම ගුණදායක ඖෂධයක්. ඔබ කළ යුත්තේ මුං ඇට ඇල්දියෙන් අඹරා, කැළැල මතුපිට පැලැස්තරයක් ලෙස ආලේප කිරීම පමණයි. දින කිහිපයක් අඛණ්ඩව මෙය කළොත් ක්‍රමක්‍රමයෙන් ලප කැළැල මැකී යන අයුරු ඔබට දැක ගන්න පුළුවන්.
ඒ වගේම ඇල්දියෙන් ඇඹරූ මුං ඇට ද්‍රාවණය කිරි මවුවරුන්ගේ පියයුරුවල ආලේප කිරීමෙන් විටින් විට කිරි වැගිරීම වළක්වන්න පුළුවන්.
ඒ වගේම සරම්ප, අතීසාර, පැපොල වැනි රෝගවලින් පෙළෙන අයට මුං ඇට පෙඟවූ වතුර විටින් විට පානයට දීමෙන් ඒ සියලුම රෝගයන්ගෙන් කෙමෙන් කෙමෙන් සුවයක් ලබන්න පුළුවන්.
මුං ඇට කියන්නේ මුත්‍රා හොඳින් පිට කිරීමට උදව්වන හොඳ මුත්‍රකාරක ඖෂධයක්. මුත්‍රාශය, වකුගඩු ආශ්‍රිතව ගල් හටගත් පුද්ගලයන්ගේ ගල් දියකිරීමට මුං ඇටවලින් සාදාගන්න ඖෂධීය පානයක් මම කියන්නම්. මුං ඇට සහ තිරිඟු ඇට සමව ගෙන හොඳින් තළා කුඩුකර වතුර වීදුරුවකට දමා දියකර පැය කිහිපයක් වසා තබා රෝගියාට උදේ සවස දෙවරක් එය පානයට දෙන්න. මෙය දින කිහිපයක් අඛණ්ඩ කළොත් මුත්‍රා ගල්, වකුගඩු ආශ්‍රිතව හටගත් ගල් දිය කිරීමට මේ ඖෂධීය පානය සමත්. ඒ වගේම වකුගඩු ආශ්‍රිතව ගල් හටගත් අයටත්, මුත්‍රා පිටවීමේ අක්‍රමිකතා ඇති අයටත් ගුණය දෙන තවත් ඖෂධයක් නිවෙසේ සිටම සාදාගන්න අපට පුළුවන්. මුං ඇට හොඳින් තම්බා තලපයක් වගේ සාදාගෙන එයට දෙළුම් ඉස්ම සහ ලුණු ස්වල්පයක් මිශ්‍රකර පානය කරන්න. දින කිහිපයක් ලෙස කළොත් වකුගඩු ආශ්‍රිත ගල් දිය කිරීමටත් මුත්‍රා පිටවීම ක්‍රමවත් කිරීමටත් මේ ඖෂධීය පානය ගුණදායකයි.
මුං ඇට වගේම මුං ශාකයේ මුලත් ආයුර්වේදයේ අගනා ඖෂධයක්. විවිධ ඉදිමුම්, තැළීම්, තුවාල වගේ අවස්ථාවලදී මුං ඇට ගහේ මුල තළා ඒ ස්ථානයේ බඳිනවා. එවිට ඉදිමුම් නැති කරන්නත් තැළීම් තුවාල සුව කරන්නත් පුළුවන්. ඒ වගේම වේදනා සහිත සැරව ගෙඩි ශරීරයේ හටගත් අවස්ථාවකදී මුං ඇට පිටි ස්වල්පයක් අරගෙන එළඟිතෙල් හා මඳක් රත්කර හොඳින් මිශ්‍ර කරගෙන මඳ රස්නයත් සමඟ ඒ ද්‍රාවණය සැරව ගෙඩියේ ආලේප කරන්න. පැසවූ සැරව ගෙඩි පිපිරී විෂබීජ ඉවත්වීම එවිට සිදුවනවා.
දේශීය චිකිත්සාවේදී උන්මාදය, විෂාදය ආදී විවිධ මානසික රෝග සුවපත් කරන්නත් මුං ඇට ඖෂධයක් ලෙස භාවිත කරනවා. මුං ඇට පිටි සහ තිරිඟු පිටි ස්වල්පය බැගින් සමව ගෙන එයට ගිතෙල් ස්වල්පයක් හොඳින් මිශ්‍රකර දෛනිකව රෝගියාට පානයට දුන්නොත් ඕනෑම මානසික රෝගයක් කලක් යද්දී සුවකරගන්න පුළුවන්. ඒ තරමටම ඖෂධීය ගුණයක් මේ ශාකයේ පවතිනවා.
මෙහිදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණක් තිබෙනවා. අධික ලෙස සෙම ඇති අයෙක් යම් කිසි රෝගයක් සුව කිරීමට මුං ඇට ගන්නව නම් මඳක් කබලෙ බැද මුං ඇටවල සිසිල් ගුණය අවම කරල ගන්න. එවිට සෙම රෝගයෙන් පෙළෙන අයට ඒ රෝගය සුවපත් කිරීමටත් මේ ඖෂධීය ගුණය බලපාවී.
ඇඟ දුර්වල වුණ අයට ශරීරය ප්‍රාණවත් කරන්න රසවත් ගුණවත් අහරක් මුං පිටි භාවිතයෙන් සාදාගන්න පුළුවන්. කැඩුණු රතු කැකුළු හාල් පිටි සහ මුං පිටි සමව ගෙන එයට බටර් හරි ගිතෙල් හරි ස්වල්පයක් මිශ්‍ර කර හොඳින් කබලේ තෙම්පරාදු කරන්න. එයට වතුර ස්වල්පයක් සහ සීනි ස්වල්පයක් මිශ්‍රකර සුවඳ ද්‍රව්‍යයක් දමා තලපයක් ලෙස ගන කර ගන්න. ඒ ආහාරය ශරීරය දුර්වල වුණු රෝගීන්ට දෙනව නම් ඉක්මනින් ශරීරයට ප්‍රාණය ලබා ගන්න පුළුවන්.
ආහාර අරුචියෙන් පෙළෙන අයට ආහාර රුචිය වඩවන්න ඉන්දියාවේ ගුණවත් රසවත් ආහාරයක් මුං ඇටවලින් සාදනවා. එහි නම "කිච්ඩි" ලෙසයි හඳුන්වන්නේ. කැඩුණු රතු කැකුළු සහල්, පරිප්පු, මුං ඇට සමඟ කැරට්, බෝංචි, ලීක්ස් වැනි එළවළු කිහිපයක් එක්කර බඳුනකට දමා ගිතෙල් තෙල් හෝ බටර්වලින් රත්කර එයට ලුණු, දෙහි ස්වල්පය බැගින් මිශ්‍ර කරල ආහාර අරුචියෙන් පෙළෙන රෝගියාට කන්න දෙන්න. ඉක්මනින් කෑම රුචිය වඩවනවා. ඉන්දියාවේ "කිචිඩි" නමින් හඳුන්වන මේ ඖෂධීය රසවත් ආහාරය ලංකාවට තරමක අලුත් ආහාරයක්.
මුං ඇට රූපලාවණ්‍ය කටයුතු සඳහාත් යොදා ගන්නවා. මුං ඇට අමු පිටි ස්වල්පයකට මී කිරි, මී පැණි සහ කහ ස්වල්පයක් මිශ්‍රකර හොඳින් කවලම් කර මුහුණේ ආලේප කළොත් මුහුණේ විෂබීජ නාශනය කිරීමටත්, ලප කැළැල් ඉවත් කර හම පැහැපත් කිරීමටත් එය ගුණදායකයි. මුං ඇට තුළ පවතින විශේෂ වූ පෝෂ්‍ය පදාර්ථ ගුණයන් නිසා සමේ පැහැපත් බවක් ලබන්න මේ ක්‍රමවේදය ඉතාමත් සුදුසුයි. මෙමඟින් මුහුණට කිසිම අහිතකර ලක්‍ෂණයක් ඇති වන්නේ නැහැ. මොකද මේ සඳහා භාවිත කරන ඖෂධ සියල්ලම ස්වාභාවික ඒවා නිසා.
ඔබ හිස්හොරි ආසාදනයෙන් පීඩා විඳිනවාද? එහෙමත් නැතිනම් අසාමාන්‍ය ලෙස හිසකේ යනවාද? ඒ සෑම හිසකේ ආශ්‍රිත රෝගයකටම මුං ඇට පිටි සහ උඳු පිටි සමව ගෙන ඇල් දිය ස්වල්පයක් හා මිශ්‍රකර හිසේ ආලේප කරන්න. දින කිහිපයක් උදේ සවස අඛණ්ඩව මෙය කළොත් හිසකේ හැලී යෑම නවතිනවා වගේම හිස්හොරි කරදරයෙන් මිදෙන්නෙත් ඔබට හැකි වේවි.
උෂ්ණ කාලවලදී බොහෝ දෙනකුට ඇස් දැවිල්ල, ඇස්වලින් කඳුළු ඒම වැනි රෝග වැලැඳෙනවා. එවන් අවස්ථාවකදී මුං ඇට ඇල්දිය ස්වල්පයක් හා මිශ්‍රකර උකු ද්‍රාවණයක් හදාගෙන ඇස් පියාගෙන ඒ ද්‍රාවණය ඇසේ මතුපිට සමේ හා ඇහි බැම උඩ ආලේප කරන්න. ඇස් දැවිල්ල, කඳුළු එම වැනි රෝග තත්ත්වයන් ඉක්මනින්ම සමනය වේවි.
ආයුර්වේදයේ ආසනික්, රසදිය ගෙන්දගම් ආදී විස ද්‍රව්‍යවලිනුත් ඖෂධ නිෂ්පාදනය කරනවා. එවන් ඖෂධයක ගුණය දරාගන්න බැරිව ඇතැම් අයකුට ඒවායින් විස තත්ත්වයක් හට ගැනීමේ අවදානමක් තිබෙනවා. එවන් විසක් ශරීරගත වූ අයකුට මුං ඇට තැම්බුමක් හෝ මුං ඇට තැම්බූ වතුර ආහාරයට සහ බීමට දීම තුළින් ශරීරයේ හටගත් විස තත්ත්වය නාශනය කරන්න පුළුවන්.
කුෂ්ඨ රෝගය කියන්නේ අද සමාජයේ සුළු පිරිසකට මහා පීඩාවක් ගෙන දෙන රෝගයක්. අධික ලෙස කැසීමත් සමඟ කුෂ්ඨ රෝගය තව තවත් වැඩිවන ප්‍රවණතාව වැඩියි. කුෂ්ඨ රෝගය මඳින් මඳ සුවපත් කරන්නත් කැසීමේ තත්ත්වය පහ කරන්නත් හොඳ ඖෂධීය ආලේපයක් මුං ඇටවලින් සාදාගන්න ඔබට පුළුවන්. මුං ඇට කෝප්ප භාගයක් අරගෙන එයට ඇල්දිය ස්වල්පයක් මිශ්‍රකර හොඳින් අඹරා තලපයක් සේ සාදාගන්න. ඉන්පසු ඒ තලපයට ඇත්තෝර දලු ස්වල්පයක් මිශ්‍ර කර හොඳින් අඹරාගෙන කුෂ්ඨවල සහ කැසීමේ තැන්වල ආලේප කරන්න. අඛණ්ඩවම මේ ප්‍රතිකර්මය සිදු කළොත් කුෂ්ඨ රෝගය සුවපත් කරන්නත් කැසීමේ ආසාදනයෙන් වැළකෙන්නත් ඔබට පුළුවන්.
ඒ වගේම තමයි ශරීරයේ පිලිස්සුම් තුවාලයක් වූ විට දැවිල්ල, වේදනාව, දිය බිබිළි හට ගැනීම සිදු වෙනවා. නමුත් ඒ සියල්ලෙන්ම ඔබට මිදෙන්න පුළුවන්. පිලිස්සුම් තුවාලයක් වුණ වහාම අමු මුං ඇට අඹරා ඒ ද්‍රාවණය පිලිස්සුම් තුවාලය මත ආලේප කළොත් මුං ඇටවල පවතින සිසිල් ගුණය නිසා පිලිස්සුම් තුවාලයේ දැවිල්ල නැති වනවා වගේම දිය බිබිළි එන වාතාවරණයත් සමනය වෙනවා.
බොහෝ ඖෂධීය ආහාර වර්ග වුණත් දියවැඩියාව රෝගයට එතරම් සුදුසු නැති ඒව තිබෙනවා. නමුත් මුං ඇට දියවැඩියාව රෝගය සුව කරන්නත් ඉතාම ගුණදායකයි. සීනි පාලනයට වගේම විවිධ පිළිකා රෝග සමනය කරන්නත් මුං ඇට වලට පුළුවන්. පියයුරු පිළිකා, සම ආශ්‍රිත පිළිකා සුවයටත් මුං ඇට ධාන්‍යයක් ලෙස හෝ මුං කිරිබතක් ලෙස ආහාරයට ගැනීම වැදගත්. මුං ඇට කියන්නේ ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍යයක්. ඒ නිසාම සම ආශ්‍රිතව හට ගන්නා පිළිකා සුව කරන්න මෙය දිව්‍යමය ඖෂධයක්.
ඇතැම් ධාන්‍ය වර්ග තිබෙනවා අධික ලෙස ආහාරයට ගත්තොත් ශරීරය අසාමාන්‍ය ලෙස තරබාරු කරන. නමුත් මුං ඇට කොතෙක් ආහාරයට ගත්තත් අහිතකර ලෙස සිරුර තරබාරු වීමක් සිදු වන්නේ නැහැ. මොකද මුං ඇටවල තෙල් සහිත බව මේදය ඉතා අඩුයි. ඛනිජ ලවන, ප්‍රෝටීන් ඉතා අධිකයි. එබැවින් තරබාරුකමට වඩා, ශරීරය පෝෂණය කිරීමේ ගුණයක් සහ පිරිපුන් කිරීමේ ගුණයක් මුංවල පවතිනවා. ශරීරයේ හොඳ රුධිර පීඩනයක් ඇති කිරීමටත්, අනවශ්‍ය මේද කොටස් ඉවත් කිරීමටත්, කොලෙස්ටරෝල් නැති කිරීමටත් මුං ඇට ආහාරයක් ලෙස ගැනීම වැදගත්. අඩි 2ක් වගේ උස බෝංචි පැලයකට සමාන තරමක් බූව ඇති පැළෑටියක් වන මුං ඇට හැදෙන්නේ අඟල් දෙකක් පමණ දිග කරලක් තුළයි. එක කරලක බීජ 10ක් 12ක් වගේ තිබෙනවා. ළපටි කාලෙදි ඒ කරල් සාමාන්‍ය බෝංචි වෑංජනයක් පිසින ආකාරයට පිස ආහාරයට ගන්නත් පුළුවන්. එයත් පෙර සඳහන් කළ සෑම රෝගයකටම සුවය සලසන හොඳ ඖෂධීය වෑංජනයක්.


අන්තර්ජාලය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top