Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
02
"ලොතරැයිය ටිකට් පතත් හංගපු තැන තාත්තට අමතක වෙලා... එදා අක්කර 20 ගත්තේ රුපියල් 45, 000කට... අපි කිසිම දෙයක් නාස්ති කරලා නෑ..." - ලංකාවේ මුල්ම ලොතරැයි දිනුම ඇදුණු කිරිඅප්පුගේ දියණිය කියන කතාව...

- "ලොතරැයිය ටිකට් පතත් හංගපු තැන තාත්තට අමතක වෙලා... එදා අක්කර 20 ගත්තේ රුපියල් 45, 000කට... අපි කිසිම දෙයක් නාස්ති කරලා නෑ..." - ලංකාවේ මුල්ම ලොතරැයි දිනුම ඇදුණු කිරිඅප්පුගේ දියණිය කියන කතාව...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

අතොරක් නැතිව සිව්දෙසින් නගරයට ඇදෙන වාහන පෙළ පරයමින් දුම්රිය පොළ සහ බස් නැවැතුම් පොළ අසල වූ ලොතරැයි කූඩුවල දිනුම් ඇඳීම් පිළිබඳ ලොතරැයි වෙළෙඳුන්ගේ නිවේදන දෙසවනට හුරු පුරුදුය. අද ලොතරැයි මිලදී ගන්නන්ද සුලභය.


වර්තමානයේ කෝටි ප්‍රකෝටිපතියන් බිහිකරන ලොතරැයිය 1940 ගණන්වල එතරම් ජනප්‍රිය වූයේ නැත. මෙරට ලොතරැයි ඉතිහාසය 1949 දක්වා දුර ඈතට දිවයන්නකි. එවක ලොතරැයි විකුණන්නන් සහ මිලදී ගන්නන් දුලබය. එවන් යුගයක ලොතරැයියක් මිලදීගෙන පළමු ජයග්‍රහහකයා වීමේ වාසනාව හිමිකරගත් තැනැත්තාගේ කතාව සැබැවින්ම සුවිශේෂ වෙයි.

1954 අවධිය වන විට මෙරට සෞඛ්‍ය ඇමැතිවරයා වූයේ ඊ. ඒ. නුගවෙලය. ඔහුගේ යෝජනාවකින් අනතුරුව 1955 අංක 04 දරන ආරෝග්‍ය ශාලා ලොතරැයි පනත සම්මත විය. ආරෝග්‍ය ශාලා ලොතරැයියේ අරමුණ වී තිබුණේ එවකට තිබූ ආරෝග්‍ය ශාලා සඳහා අරමුදල් සෙවීමය. මේ සත්කාර්ය සඳහා ඇරඹි ආණ්ඩුවේ ආරෝග්‍ය ශාලා ලොතරැයිය අද පවතින ලොතරැයි සඳහා පූර්වාදර්ශයක් සැපැයුවේය.

එදා මිල ශත 50ක් විය; 1955 සැප්තැම්බර් 15 වැනි දා එහි පළමු දිනුම් ඇදීම කොළඹ දී පැවැත්විණි. ලොතරැයියේ පළමු ජයග්‍රාහකයා 1936 ඔක්තෝබර් 20 වැනි දා උපන් කෑගල්ල ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිසෝවල ගමේ පදිංචිව කිරිඅප්පු නයිදේ විය. ශ්‍රී ලංකාවේ ලොතරැයි දිනුම් ඇදීමකින් ජය ලැබූ පළමුවැනියා ද ඔහුය. ලොතරැයියේ පළමු ජයග්‍රාහකයා ලෙස ඔහුට හිමි වූ ජයමල්ල රුපියල් 97,343.50කි.

ලොතරැයිය දිනුම් ඇදීමෙන් එදා මෙදාතුර ලක්ෂපතියන්, දස ලක්ෂපතියන්, කෝටිපතියන් විශාල පිරිසක් ජයග්‍රාහකයින් බවට පත්කර තිබේ. කොපමණ ත්‍යාග මුදල් හිමිකර දුන්න ද වර්තමානයේ එම මුදල්වලින් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන නිකරුණේ සියල්ල අහිමිකර ගත් කතා කොතෙකුත් ඇත. එහෙත් අගහිඟකම් නිසා ජීවිතේ ගැටගසා ගන්නා ගැමියන් පිළිබඳව ඔවුන් ජීවත් වීමට දරන වෑයම සහ අසීරුව හොඳින් හඳුනාගෙන සිටි කිරිඅප්පු තමාට ලැබුණ මුදල සීරුවෙන් වැය කළේය. ඔහු තමන්ගේ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ මුදල් ආයෝජනය කළේය. ගොඩ මඩ ඉඩකඩම් යාන වාහන මිලදී ගත්තේය. හොඳ විවාහයක් කරගත්තේය. ඒ නිසාම කිරිඅප්පු රටටම ආදර්ශයක් දුන්නේය.

අද වන විට කිරිඅප්පු නයිදේ ජීවතුන් අතර නැත. ඔහුගේ බිරිය පුංචි එතනා, බාල දියණිය කල්‍යාණි සමඟ මාවනැල්ල අරණායක මාර්ගයේ දෙවැනි කණුව ආසන්නයේ ලොල්ලේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියි. කිරිඅප්පුගේ මේ ආදර්ශමත් ජීවිත කතාව අසා ගැනීමට සිළුමිණ ඔවුන්ගේ නිවසට ගොඩවිය.

ලොතරැයියේ කතාව ආරම්භ වන්නේ කිරිඅප්පු නයිදේ තේ කර්මාන්ත ශාලාවේ රැකියාවට යෑමෙන් අනතුරුව ය. ගලිගමුව අඹන්පිටිය වත්තේ තේ කර්මාන්ත ශාලාවේ ප්‍රදේශයේ බොහෝ තරුණ පිරිස් විවිධ රැකියා කළහ. කිරිඅප්පු ද එහි කම්කරුවෙකු ලෙස සේවය කළේය. ඒ වනවිට කිරිඅප්පුගේ වයස යාන්තම් අවුරුදු 25කි. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් එකොළොස් දෙනෙකි. කිරිඅප්පු පවුලේ තෙවැනියායි. පවුලේ බර වඩා වැඩියෙන් පැටවී තිබුණේ ඔහු මතය.

එවකට තේ කර්මාන්ත ශාලාවේ සේවය කරන කම්කරුවෙකුගේ මාසික වැටුප රුපියල් සියයකි. කිරිඅප්පු නයිදේ ඇතුළු කම්කරු පිරිස කර්මාන්ත ශාලාවේ රැකියාවට පැමිණ උදේ 10 ට තේ පානය කිරීමට අසල පොල් අතු සෙවිලි කරන ලද කඩේකට ගොඩ වන්නේය. මෙම වෙළෙදසැලට දිනපතා ලොතරැයි වෙළෙන්දෙක් ද ආව ගිෙය්ය. තේ කඩේ සිටි බොහෝ පිරිස් මේ ලොතරැයි වෙළෙන්දා වට කරගෙන ලොතරැයි මිලට ගනිති. ලොතරැයි ජයග්‍රහණය කළොත් රුපියල් ලක්ෂයක මුදලක් ලැබෙන බව ලොතරැයි වෙළෙන්දා පැවසීය. තේ බීමට අසල කඩයට ගිය විට ලොතරැයි වෙළෙන්දාගෙන් ආරෝග්‍ය ශාලා ලොතරැයි පතක් කිරිඅප්පුද මිලට ගත්තේය. මිල ශත 50 ක් විය.

වැඩ ඇරී නිවසට ගිය කිරිඅප්පු මිලටගත් ලොතරැයිය සාලයේ එල්ලා තිබුණු ගෝන අං තට්ටුව අස්සේ සඟවා ගියේ නා ගන්නටය. දින කිහිපයක් ගෙවුණි. ලොතරැයිය දිනුම් ඇඳීම සිදුකළාට එහි ජයග්‍රාහකයා තවමත් ඉදිරිපත් කර නැති බවට ආරංචියක් පැතිර ගියේය. එහෙත් එම තැනැත්තා ගලිගමුව ප්‍රදේශයේ අයෙක් වන බව තේ ස්ටෝරුවේ කිරිඅප්පු නයිදේ සමඟ වැඩ කරන අයෙක් ඔහුට පවසා තිබුණි. තවමත් එහි ජයග්‍ර­ාහකයා මුදල ලබා ගැනීමට ගොස් නැති බවද කිරිඅප්පුට ආරංචි වූ හෙයින් ඒ තමාදැයි සැකයක් ඔහුට මතුවිය. මේ ජයග්‍රාහකයා කවරෙක්ද යන්න දැන ගැනීමටත් කිරි අප්පුටද අවශ්‍ය විය. “මමත් ලොතරැයියක් ගත්තා ඒකටවත් දිනුම ඇඳිලා ද දන්නේ නෑ …“කිරිඅප්පු මිතුරාට පැවසුවේ නිකමට මෙනි.

කිරිඅප්පු එදින හවස් කාලයේ තේ ස්ටෝරුවේ වැඩ අවසන් වී නිවසට ගියේ තමන් දින කිහිපයකට පෙර ගත් ලොතරැයිය හංගපු තැන කල්පනා කරමිනි. ඒ් ස්ථානය ඔහුට අමතකව ගොස්ය. ඒ නිසාවෙන් ලොතරැයිය නිවස පුරා සොයන්නට විය. එය ගෝන අං තට්ටුව අස්සේ රඳවපු බව ඔහුට අමතකය. රාත්‍රි නින්දට ගොස් ඔහු දිගු කල්පනාවකට වැටුණේය. එසේ කල්පනා කරමින් සිටියදී ගෝන අං තට්ටුව මත රඳවනු ලැබූ ලොතරැයිය පිළිබඳව ඔහුට සිහිවිය. එදින රාත්‍රියේදීම නින්දෙන් අවදි වී එය සොයාගත් කිරි අප්පු පසුදා කෑගල්ල නගරයට ගොස් නගරයේ පිහිටි කඩයක මුදලාලි කෙනෙකු ලවා එහි අංක පරික්ෂාවට ලක්කර බැලීය. එය පරික්ෂා කර බැලූ පසු අංක සියල්ල ගැළ පී තිබුණි. කිරි අප්පු නිම් හිම් නැති සතුටකින් ඉපිලුණේය. අංක සියල්ල ගැළපී දිනුමත් හිමි වුවත් ඔහුගේ ලොතරැයිය ලංකාවේ පළමු දිනුම් ඇඳීම බව ඔහු පසුව දැනගත්තේය.

එය මෙරට ලොතරැයි දිනුම් ඇදීම් ඉතිහාසයේ මුල් දිනුම වූ නිසා එය රටටම අපූරු ප්‍රවෘත්තියක් විය. මේ ප්‍රවෘත්තිය එකල පුවත් කිහිපයක කිරිඅප්පුගේ ජායාරූපය සහිතව වාර්තා කර තිබුණි. කිරිඅප්පු නයිදේ ජයග්‍රාහි මුදල ලබා ගැනීමට ලොතරැයි මණ්ඩලයට ගිය අවස්ථාවේ දී නිලධාරියෙක් විමසා සිටියේ මෙපමණ මුදලක ලබාගත් පසු එයින් කුමක් කරන්නේද යන්නයි. ඒ වන විටත් පවුලේ බර උරටගෙන කටයුතු කළ කිරිඅප්පු එකවර පැවසුවේ “පවුල ගොඩදාගෙන හොඳ විවාහයක් කරගන්නත් බලාපොරොත්තු වන බවයි. ආර්ථික වශයෙන් හොඳ ස්ථාවරයකට ඒම ඔහුගේ අපේක්ෂාව විය. මුදල අතට ගත් කිරි අප්පු ගලිගමුව බිසෝවල ප්‍රදේශයෙන් ඉඩම්කඩම් මිලදී ගෙන සහෝදර සහෝදරියන්ට බෙදා දුන්නේය. පදිංචිව සිටින නිවස අලුත්වැඩියා කළේය. මාවනැල්ල අරණායක ප්‍රධාන මාර්ගයේ ආසන්නයේ තිබුණු කුඹුරු අක්කර 20ක ඉඩමක් රුපියල් 45,000ක් ගෙවා මිලට ගත්තේය. ගමන් පහසුව සඳහා මොරිස් මයිනර් කාර් රථයක් මිලට ගත්තේය.

කිරිඅප්පු ඒ වන විට ප්‍රදේශයේ ජනප්‍රිය තරුණයෙකි. ලොතරැයිය දිනුම් ඇදී පුවත්පත්වල ද ජායාරූපය පල වී තිබීම හේතුවෙන් ගමේ හැම කෙනාම ඔහුට මනාලියක් සොයා දීමට උනන්දු වී තිබේ. ගමේ බොහො මවුපියන් තම දියණියන් කිරිඅප්පුට විවාහ කර දීමට බලාපොරොත්තුවෙන් සිටියහ. තව බොහෝ පිරිසක් කිරිඅප්පුට මනාලියක් සොයන්නට විය. කිරිඅප්පුගේ පියාගේ හිතවතෙක් මඟින් මාවනැල්ල හෙම්මාතගම පදිංචිව සිටින තරුණියක් ඔහුට යෝජනා කළේය. ඒ තරුණිය නමින් පුංචි එතනා රාජකරුණා යි. ඇය ඒ වන විට ඉංග්‍රිසි භාෂාවෙන් ජ්‍යේෂ්ඨ පාඨමාලාවක් හදාරා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ද ඉහළින් සමත්ව සිටි තරුණියකි. පුංචි එතනාගේ මවුපියන් ඇයට ඉගෙන ගත් මනාලයෙක් සොයා දීමට උත්සුක වුවද තුනේ පන්තිය දක්වා ඉගෙනුම ලබා සිටි කිරිඅප්පු ගැන සොයා බැලූ මවුපියන් දියණිය ඔහුට සරණ පාවා දීමට තීරණය කෙරිණි. කිරිඅප්පු ඒ වෙන විට ලංකාවේ ජනප්‍රිය තරුණයෙකි. මාවනැල්ල අරණායක පාරේ ඉඩකඩම් කාර් රථයක් හිමි කිරිඅප්පුට පුංචි එතනා රාජකරුණා විවාහ කර දීමට දෙමවුපියෝ කැමැත්ත පළ කළහ. හෙම්මාතගම සිට ගලිගමුවේ බිසෝවල ඔහුගේ නිවසට අලංකාර පෙරහරකින් පිරිස ඇය කැන්දාගෙන පැමිණියහ. මංගල අැඳුමින් සැරසුණු මනාලිය ගලිගමුවේ සිට පා ගමනින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් බිසෝවල නිවසට කැන්දාගෙන එන අයුරු බැලීමට වටපිට විශාල පිරිසක් එක් රොක් වූහ. දින හතරක් තිස්සේ නෑදෑයන්ට අසල්වැසියන්ට හිත මිතුරන්ට කිරිඅප්පුගේ මංගල්‍යය වෙනුවෙන් සංග්‍රහ කටයුතු සිදු කර තිබුණි. ඔවුන්ගේ විවාහය සිදුවුණේ 1959 ඔක්ෙතා්ම්බර් 21 වැනිදා ය. ඒ ලොතරැයිය දිනුම් ඇදීමෙන් සිව් වසරකට පසුවය. ඒ වන විටත් කිරි අප්පු ගේදොර ඉඩකඩම් යාන වාහන හිමි ව්‍යාපාරිකයෙකි.

විවාහයෙන් පසුව කිරිඅප්පු විසින් පුංචි එතනා ගලිගමුව බිසෝවෙල පිහිටි මහ ගෙදරට කැන්දාගෙන ගිය අතර එහි ටික කාලයක් ගත කිරීමෙන් අනතුරුව ඇයත් සමඟ මාවනැල්ලේ ලෝල්ලේගොඩ වත්තට කැන්දාගෙන පැමිණි බව ද වාර්තා වෙයි.

අද වෙන විටත් මාවනැල්ල නගරයේ සිට කිලෝමීටර් 5ක පමණ දුරක් යන විට මා ඔය අසබඩ උස් බිම්කඩේ පිහිටි නිවස සහ එම වත්ත බොහෝ දෙනෙක් හඳුන්වන්නේ සුවීප් වත්ත යනුවෙනි. මෙම ඉඩම මිලයට ගත් දා සිටම වත්තේ බෝග වගාවක් සිදු කර ඇත. එසේම කුඹුරු යායෙන් විශාල අස්වැන්නක් ලබා ගෙන ඇත. දිනපතා කිරිඅප්පුගේ වත්තේ සේවකයෝ විශාල පිරිසක් සේවය නිරතව සිට අැත. එකල ප්‍රදේශයේ කිසිවෙකුටත් කාර් රථයක් නොතිබීම හේතුවෙන් කිරිඅප්පුගේ කාර් රථයෙන් ගම්වැසියන්ට පිහිට වුණි. ලෙඩට දුකට රෝගියෙක් රෝහල්ගත කිරීමට රැගෙන ගිය ද කිසිදු දිනයක ඔහු මුදල් අය කළේ නැත. හරකා බාන ගොඩ මඩ ඉඩකඩම් කුඹුරු ගහ කොළ හදා වඩා ගත් කිරිඅප්පුට බලපත්‍රයක් සහිත ගිනි අවියක් ද තිබුණි. මේ දෙපොළට දරුවන් තිදෙනෙක් ලැබිණි. ගැහැනු දරුවන් දෙදෙනෙක් සහ වැඩිමහල් පිරිමි දරුවෙක් ද විය. මේ වන විට පිරිමි දරුවා මියගොස් ඇත. බාල දියණියගේ නිවසේ ඔහුගේ බිරිය පුංචි එතනා කාලය ගත කරයි. බාල දියණිය කල්‍යාණි ද පසුව මාවනැල්ලෙ තරුණයෙක් විවාහ කරගෙන මවුපියන්ගේ නිවසේම පදිංචි විය. අනෙත් පිරිස විවාහ වී නිවසින් බැහැර ප්‍රදේශවල ජීවත් වෙති.

කිරිඅප්පුට අවසාන කාලයේ අංශභාග අසනීප තත්ත්වයක් උස්සන්න වීමෙන් වයස අවුරුදු 72ක් එනම් 2003 අප්‍රේල් 29 වැනිදා මෙලොව හැර ගියේය.

දැනට කිරිඅප්පුගේ බිරිද පුංචි එතනා 88 වියේ පසුවන්නීය. ඇය බාල දියණිය පදිංචිව සිටින නිවසේ සැදෑ සමය ගත කරමින් සිටියි. කිරිඅප්පුගේ බාල දියණිය කල්‍යාණි කුසුම්ලතා අප සමඟ මෙසේ පැවැසුවාය.

“වර්තමානයේ ලොතරැයිවලින් කෝටි ගණන් ජයග්‍රහණ ලැබෙනවා. ඒ ජයග්‍රහණ කරන මුදල්වලින් මිනිස්සුන්ගේ දියුණුවක් දකින්න නෑ. නිකරුණේ මිනිස්සු සල්ලි වියදම් කරනවා. අපේ තාත්තා එහෙම කළේ නෑ. හැම ශතයක්ම දියුණුවට වියදම් කරලා තියෙනවා. තාත්තා එදා ගත්ත ඉඩම් කුඹුරු තාම මා සතුව තියෙනවා. එදා අක්කර 20 තාත්තා ගත්තේ රුපියල් 45, 000ක මුදලකටයි. අද මේ ඉඩමේ පර්චස් එකක් ලක්ෂ 3ට පමණ විකුණන්න පුළුවන්. මාවනැල්ල ඉදලා කිලෝ මීටර් දෙකයි. තාත්තා ගත්ත ඉඩකඩම්වල සෑම ගහක් කොළක්ම තියෙනවා. කුඹුරු වැඩ කරලා වී ටික ගන්නවා. මේ පාරත් කුඹුර වැඩ කරලා වී ටික ගත්තා. අපි කවුරුත් කිසිම දෙයක් නාස්ති කරලා නෑ. මට ඉන්නේ එකම පුතයි. මගේ මහත්තයාට පාර අයිනේ වෙළෙඳ සැලක් තියෙනවා. අම්මා තාම නීරෝගිව හොඳට ඉන්නවා“ යැයි ඇය පැවසුවාය.

අද කෝටි ගණන් දිනුම් හිමි කරගෙන කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වියදම් කරන මිනිසුන්ට කිරිඅප්පු ඉතා හොඳ පාඩමක් කියා දුන්නේය. ලැබෙන දේ වියදම් කිරීම නොව අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීම වඩා වැදගත් වන බවට ඔහු හොඳ ආදර්ශයක් ලබා දුන්නේය.
කෑගල්ල විශේෂ චමින්ද ජයලත්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top