එවැනි පසුබිමක අද සහ හෙටත් පාසල් දරුවන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 36.8 කොළඹ සහ රත්මලාන ප්‍රදේශවලින් වාර්තා වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවේ දැකවුණේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, කුරුණෑගල, ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි.
පවතින උණුසුම් කාලගුණය ජනතාවගේ දෛනික කටයුතුවලටද බලපෑම් එල්ල කර තිබෙනවා.