ඒක තවත් අදහා ගන්න බැරි වියෝවක්..
මේ කියන්න යන්නේ ඔහුගේ හිතවතුන්ගේ නෑසියන්ගේ නෙතට කඳුළක් එක්කළ ඒ කතාව ගැනයි..
කුවේට් රාජ්‍යයේ ආහාර ඇණවුම් බෙදාහැරීමේ නිරත වී සිටි සාගර ලක්ෂ්මන් එරට නිවැසියෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ පසුගිය 26 වැනිදායි..
කේ. පී. සාගර ලක්ෂ්මන් නැමති මොහු 44 හැවිරිදි වියේ පසුවන රාජාංගනය යාය 11 ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්..
ඔහු කුවේට් රාජ්‍යයේ ප්‍රසිද්ධ අවන්හලක ආහාර නිවෙස් කරා ප්‍රවාහනය කරන වෘත්තීයක නියැළී සිටි අතර, ඉකුත් 2024 ජනවාරි මස 10 දින අලුයම 04.00 ට පමණ සිය ආහාර ඇනවුම ප්‍රමාද වූවා යැයි උරණ වූ කුවේට් ජාතිකයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා..
කෙසේ වෙතත් මේ වෙඩි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ද එහෙත් තවදුරටත් සාගර ලක්ෂ්මන් එරට විවෘත පරිසරයක වාසය කිරීම, ඔහුගේ ජීවිතය අවදානමකට ලක් විය හැකි බැවින් ඉකුත් 02/19 දින සිට ඔහු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ වාසය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජනක සමරසේකර මහතා පැවසුවා...