දොඹගොඩ යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබළුන් සිව් දෙනකු අඟුරුවාතොට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඉකුත් 29 වැනිදා එම කඳවුරේ සේවය කරන සෙබළ එම්. ටී. ලක්ෂාන්ගේ මරණය සැඟවූ බවට චෝදනා කරමින්.
ඔහු ඉකුත් 29 වැනිදා මිතුරන් සමග මත්පැන් පානයකර බීමතින් වැවක එගොඩ මෙගොඩ පිහිනන තරගයක් පැවැත්වීමට ගොස් වැවේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
මේ සම්බන්ධව කරන ලද විමර්ශනවලදී මෙම මරණය ගැන අනාවරණය වී තිබෙනවා.