මෙම ආරාමය දිඹුලාගල, මඟුල්දමන සුජාතාරාමයයි.
මඟුල්දමන ගම්මානය ඉතා දුක්ෂර ගොවි ගම්මානයක් වන බවත් එහි පවුල් 500 ක් පමණ ජීවත් වන බවත් ආරාමාධිපති ශීල සුභද්‍රා සිල් මෑණියෝ පවසති.
ආරාමයත් සමඟ තවත් පන්සලක් ද ඇති බවත් මාසයේ පළමුවැනිදා සහ 16 වැනිදා පමණක් දානය ලැබෙන බවත් ඒ හේතුවෙන් පොළවල්වලට ගොස් වෙළෙඳුන් දෙන දෙයක් රැගෙන විත් දානය පිළියෙල කර ගැනීමට සිදුවී ඇති බවයි එම සිල් මෑණියෝ පවසන්නේ.
ජනාධිපතිවරයා ඉදිරියේදී මෙම ගමට පැමිණීමට නියමිත බවත් එහිදී තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකිරීමට බලාපොරොත්තු බවත් සිල්මෑණියෝ සඳහන් කර සිටිති.
තව ද ආරාමයේ ආවාස ගෙයි වහල ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයක පවතින බව සහ පවතින වැසිකිළි පහසුකම් ප්‍රමාණවත් නොවන බව ද සිල්මෑණියෝ පවසති.
සුනාමි ඛේදවාචකයෙන් අවතැන් වූ මවක් ඇතුළු දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක් ද මෙම ආරාමයේ නවාතැන් ගෙන සිටින අතර ඔවුන් ද ආරාමයට ලැබෙන දානයෙන් යැපෙන බවයි සිල්මෑණියෝ වැඩිදුරටත් පවසා සිටින්නේ.
එබැවින් පරිත්‍යාගශීලීන්ගේ උපකාර මෙම ආරාමය පවත්වාගෙන යාම සඳහා ලබාදෙන ලෙස සිල්මෑණියෝ ඉල්ලා සිටිති.
ඒ සඳහා පහත දුරකථන අංක ඇමතිය හැකියි.
071-8810897