Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
16
පොලිස් රථය තුළ නොසිතූ ලෙස මෙලොව එළිය දුටු, දෙවියන් දුන් ''දෙව්දුන්" ගේ ජීවිතය රැකගත් නිල ඇඳුම යට සැඟව තිබූ මිනිසත්කම

- පොලිස් රථය තුළ නොසිතූ ලෙස මෙලොව එළිය දුටු, දෙවියන් දුන් ''දෙව්දුන්" ගේ ජීවිතය රැකගත් නිල ඇඳුම යට සැඟව තිබූ මිනිසත්කමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

‘‘මහත්තයා බබා හම්බවුණා කියලා කෑ ගැහුවා...
මම ආයෙත් කතාකරද්දි දරුවට කිරි දෙනවා..
මට එතකොටයි ඇඟට ලේ ටිකක් ඉණුවේ...‘‘

දුකක්, කරදරයක් වුණාම අපි ළඟ ඉන්න හිතවත්කම් වාෂ්ප වෙලා යන්නේ හිතාගන්නවත් බැරි විදිහට. ඒත් සමහර ප්‍රශ්නවලදි එහෙමත් නැත්නම් කරදරවලදි අපි හොයාගෙන එන නොදුටු හිතවත්කමුත් අපිට ජීවිතේදි හමුවෙනවා.

මේ විදිහට අපි කියන්න හිතුවේ පොලිස්කාරයා කියලා වැඩිදෙනාගේ පැහැදීමක් නැති පොලිසියේ, මිනිසත්කම දන්න මනුස්සකම හඳුනන අපූරු මිනිසුන්ද සිටින බවට අපූරු සාධකයක් ගැන අහන්න ලැබුණු නිසාමයි.



රාජකාරී ඇඳුමට යටින් උතුරා ගිය ඒ මනුස්සකම ගැන අපි හොයලා බලන්න හිතුවේ දහසක් දෙනා ඇගිල්ල දික්කරද්දි ඒ මිනිසුන්ගේ මනුස්සකමට නිසි වටිනාකමක් දෙන්නයි..
පසුගිය දවසක කොළඹ කටුනායක හයිවේ එකෙන් පුංචි දරුවෙකු මෙලොව බිහිකිරීමට සූදානම් වන මවක් ඔහුගේ ස්වාමියාත් එක්ක රෝහලකට යමින් සිටියා.
ඒත් නොසිතූ විදිහට සීදුව හරියෙදි එයාලා ගමන් කරපු වෑන් එකේ දෝෂයක් ඇවිත් ඒ ගමන අතරමග නතරවෙලා.

වෑන් එකේ හිටපු අම්මට ගොඩක් අමාරු වෙලා කෑගහන්න ගද්දි තමන්ගේ ස්වාමියා හයිවේ එකේ යන වාහනයක් නතර කරන්න ගොඩක් උත්සහ ගත්තා.

ඒ වෙලාවෙදි හයිවේ රාජකාරියේ නිරත පොලිස් මෝටර් රථයක් ඇවිත් එතන නතර කළේ හයිවේ එකේ යද්දි වාහන අතරමග නතර කරන්න බැරිව තියෙද්දි ඇයි වාහනය නතර කරලා තියෙන්නේ කියලා බලන්න.

තමන්ගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලත්, එයාට ගොඩක් අමාරුයි කියලත්, වාහනේ දෝෂයක් ඇවිත් අතරමග නතර වුණා කියලත් එතනට ආපු පොලිස් නිලධාරීන්ට ඒ මහත්තයා කිව්වා.

රටක නීතියත් තිබුණත් මනුස්සකම කියන දේ අමතක නොකරපු මේ උතුම් කොස්තාපල් මහත්තයා කිව්වේ ඉක්මනට මේ වාහනේට වයිෆ්ව දාන්න අපි මේකේ ගිහින් දාන්නම් කියලයි.

එතන ඉඳන් සිදුවෙච්ච හැමදේම කොස්තාපල් එස්.ඩී.අබේරත්න මහත්තයා කිව්වේ මේ විදිහට.

'' එදා උද් 10.15 ට විතර මාත් කොස්තාපල් රණසිංහත් මාර්ග සංචාරයේ නිරත වෙමින් හිටියා. ඒ වෙලාවේ අපි දැක්කා වාහනයක් නතර කරලා තියෙනවා.. හයිවේ එකේ වාහනයක් නතර කරන්න තහනම් නිසා ඇයි කියලා බලන්න අපි එතනට ගියා. මම දැක්කා එක්කෙනෙක් වාහනේ ඉස්සරහට වෙලා එළියේ ඉන්නවා..
මම ඇහුවා මොකද වෙලා තියෙන්නේ ඇයි වාහනේ නතර කරගෙන ඉන්නේ කියලා.

මාර්ග සංචාර කරන වෙලාවේ දකින්න ලැබුණා වාහනයක් නතර කරලා. ඇතුලේ තවත් පිරිමි දෙන්නෙක් හිටියා..

ප්‍රශ්නයක්ද කියලා අහද්දි එක්කෙනෙක් කිව්වේ වයිෆ්ට අමාරුයි, බබා හම්බවෙන්න ඇඩ්මිට් කරන්න අපි ඉස්පිරිතාලේ යන ගමන් වාහනේ දෝෂයක් ඇවිත් නතර වුණා පුළුවන් දෙයක් කරලා දෙන්න කියලා. වාහනේ හෝස් එකක් ගිහින් වගේ ඉක්මනට වයිෆ්ව ඩොක්ටර් ගාවට ගෙනියන්න ඕනේ. අමාරු වැඩියි කියලා. මට ඇහුනා වයිෆ් කෑගහනවා..

මම ඉක්මනින්ම සීදුව හයිවේ පොලිස් මුරපලේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණවර්ධන මහතාට කතාකරලා මේ ගැන දැනුවත් කළා. පස්සේ එතුමා අපිට උපදෙස් දුන්නේ ළගම තියෙන රෝහලට මේ අම්මව අරගෙන යන්න කියලයි.

ඊට පස්සේ අපි ඉක්මනින්ම මේ අම්මව අපේ කාර් එකට දාගන එයාගේ මහත්තයයි අපේ අනෙක් පොලිස් කොස්තාපලුයි ඉස්පිරිතාලෙට යන්න පටන් ගත්තා.

කොස්තාපල් රණසිංහ වාහනේ ඩ්‍රයිව් කරත් මම වාහනේ ගන්නම් කියලා ඉක්මනින්ම පිටත් වුණා.

ටික දුරක් යද්දි එයා ගොඩක් හයියෙන් කෑගහන්න ගත්තා බබා හම්බවෙන්න ළඟයි මට ඉන්න බෑ කියලා.
අපි මගක් එද්දි ඒ කියන්නේ තොරණ හන්දිය හරියෙදි බබා හම්බුණා කියලා කිව්වා..

එයා කෑගහනවා.. කරගන්න දෙයක් නෑ... මේ වගේ අත්දැකීමක් මීට කළින් ලබලත් නෑ.. අනික කාර් එකේ හිටියේ එක ලේඩි කෙනයි.. ඒ බබා හම්බවෙන්න හිටපු කෙනා විතරයි.
ඉතිං ඇත්තටම මට එවෙලේ ඔලුවට ලොකු බරක් දැනුනා.. මොකද ළමයට කරදරයක් වෙයිද නැත්නම් අම්මට කරදරයක් වෙයි කියලා..

තාත්තා කිව්වා සර් දැන් බබා හම්බවුණානේ කියලා... මම එයාට කිව්වා ඔයා ළමයා අතට ගන්න කියලා.. මොකද යන වේගෙට ළමයව සීට් එකෙන් වැටෙයි කියලා මට හිතුනා.
හයිවේ එකේ දුවන වාහනයක් එතනින් එළියට යන්නේ නෑ.. ඒත් මම ඒ මොනවත් හිතන්නේ නැතිව රෝහලට ගියා.
එතකොට ඒ මහත්තයත් කිව්වා වෙන දෙයක් වෙච්ච දෙන් දැන් කරන්න දෙයක් නෑ කියලා.

අපි කිරිබත්ගොඩ රෝහල හොයාගෙන ගියා. ඉස්පිරිතාලේ තියෙන තැනක්වත් මම දන්නේ නෑ... එයාලා දන්නෙත් නෑ.. මොකද බෝඩ් එකක්වත් තිබුණේ නෑ..
කිරිබත්ගොඩට කිට්ටු කරද්දි කොල්ලෙක් පාරේ ඉන්නවා දැක්කා. මම කිව්වා ඉක්මනට මේකට නගින්න කියලා.. බබෙක් හම්බෙලා තියෙනවා ඉස්පිරිතලේ තියෙන තැන දන්නේ නෑ කියලා.

ඒ කෙනා දෙපාරක් හිතන්නේ නැතිව බයිසිකලේ එතනම තියලා ජැකට් එකත් ඇඳගෙනම අපේ කාර් එකට නැග්ගා. අපි ඉස්පිරිතාලෙට යද්දිම ඩොක්ටර් දුවගෙන ආවා.. මම කිව්වා ළමයෙක් හම්බවෙලා ඉක්මනට මෙයාව ගන්න කියලා..
ටික වෙලාවකින් ඩොක්ටර් ඇවිත් කිව්වා ළමයටවත් අම්මටවත් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා.

මම එයාලට ආයෙත් කතා කළාම බබාට ඒ අම්මා කිරි පොවනවා.. මට ලොකු සතුටක් දැනුනා.. ඇඟට ලේ ටිකක් ඉනුවේ එතකොටයි.. දැන් එයාලගේ ටිකටුත් කපලා..
මටත් බබාව පෙන්නලා තමයි එයාලා ගෙදර ගියේ. මට ගොඩක් සතුටුයි එයාගේ ජීවිතේ බේරුණු එකට.

ඒ විදිහට තමන් ලබපු අත්දැකීම විස්තර කරපු පොලිස් කොස්තාපල් එස්.ඩී.අබේරත්නත් කොස්තාපල් රණසිංහත් මේ සමාජයේ බිහිවෙලා ඉන්න අපූරු මිනිසුන් කියලයි අපිට හිතෙන්නේ.

ඒ වගේම කිරිබත්ගොඩ ටවුන් එකේදි කිව්ව ගමන්ම දෙපාරක් හිතන්නේ නැතිව ඉස්පිරිතාලේ පෙන්වන්න කාර් එකට නැග්ග අවුරුදු 30 ක් වුණු ඩී.ජී. චාමර දිනේෂ්වත් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ..

ආදරයෙන් අත්වැල් බැදගෙන විවාහ වුණු ඒ අම්මයි තාත්තයි හීන තමන්ගේ ලෙයින් උපදින දරුවට දාන්න නමකුත් හීන දැකලා තිබුණා.
ඒත් නොසිතූ විදිහට මේ ලෝකේ එළිය දැකපු තමන්ගේ පුංචි පුතුට මේ වෙච්ච සිද්ධියත් එක්ක එයාලා දැම්මේ ''දෙව්දුන් සිල්වා" කියන නම. ඒ දෙවියන් දුන්නු දරුවා කියන තේරුම නිසා.

කොහොම වුණත් රස්සාවත්, කාකි ඇඳුමත්, නීති පොතත් අතර සැඟවුණු මනුස්සකම මේ වගේ කරදරයකදි එළියට ආපු අපූරුව මිල කරන්නම් කිසිදිනකවත් බැරිවේවි.

කරදරයකදි අහක බලාගෙන යන මිනිස්සු අතරේ, තමන්ට තියෙන බලතල අතට අරගෙන පාට් දාන චණ්ඩියෝ අතරේ මෙවන් මිනිසුන් රටක් ලස්සන කරන්න වගේම අර්ථවත් කරන්නත් මනාවට උපකාරී වන බව අපි පසක් කරන්නේ මේ වගේ උතුම් ක්‍රියාවක අගය ඔබට මතක්කරමින්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top