අධිකරණයේදී කී කතාව තාමත් රහසක්ශරීරයේ තුවාල ගැනත් සැකයක්
කොණ්ඩයා දොරෙන් ආවා කීවට අයියා ආවා කීවේ ජනේලෙන්ලු
කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ වැඩිමහල් සහෝදරයා වන සමන් ජයලත් නමැත්තා මේ මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
තමන් සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් අතවර කළ බවත්, අනතුරුව ඇයව ඝාතනය කළ බවත් සැකකරු පිළිගෙන ප්‍රකාශයක් කර ඇති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. එසේම මෙම පුද්ගලයාව සේයා දැරිය ඝාතනය කර තිබූ ස්ථානයට රැගෙන ගිය බවත්, මොහු විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකු බවත් රහස් පොලීසිය, මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියා.