සේයා දැරියගේ මරණය සම්බන්ධව සිදුකළ පොලිස් පරීක්‍ෂණ කටයුතු පිළිබඳ තමාට කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ජාතික පුවත්පතකට අදහස් දක්වමින් පවසා තිබෙනවා.
ඔහු වැඩිදුරටත් අදහස් දැක්වා ඇත්තේ පහත අයුරිනුයි..
එදා ඉඳලා අද වනතුරුත් පොලිසිය කසිප්පු ඇල්ලුවොත් අහුවෙන්නේ පොඩි එකා. කුඩු ඇල්ලුවොත් අහුවෙන්නේ බොන එකා. මහ එකා නිදැල්ලේ ඉන්නවා. එල්ලුම්ගස ක්‍රියාත්මක කළ යුතු බවට අද විවිධ මත ඉදිරිපත් වෙනවා.
සේයා දැරියගේ මරණය පිළිබඳව පොලිසිය විවිධ කතා ඉදිරිපත් කරනවා. මිනීමැරුමට කොණ්‌ඩයා සම්බන්ධයි කියනවා. ඉන්පසු කොණ්‌ඩයා නොව කොණ්‌ඩයාගේ අයියා කියනවා. පාසල් සිසුවකුට හා තවත් විවාහකයකුට චෝදනාවක් එල්ල කළා. මොනවද මේ වෙන්නේ? මේ තත්ත්වයේ හැටියට කවදා හෝ දවසක එල්ලුම්ගස ක්‍රියාත්මක වුණොත් ඇතිවෙන තත්ත්වය මොකක්‌ද? මේ අනුව එල්ලුම්ගස් යන්නේ කවුද කියන එකයි ප්‍රශ්නය.