ඒ, ලොවම විමසිල්ලෙන් බලා සිටි PALLAS-1 Y1 වාහක රොකට්ටුවේ ප්‍රථම අභ්‍යවකාශ ගමන අතිසාර්ථක ලෙස නිමාවට පත්කරමින්.
බෙයිජිං වේලාවෙන් අද (01) උදෑසන 10.00ට වයඹදිග චීනයේ ඩොංෆෙං වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන නියමු කලාපයෙන් ගුවන්ගත වූ මෙම දැවැන්ත රොකට්ටුව, නියමිත ඉලක්කය කරා කිසිදු බාධාවකින් තොරව ගමන් කර ඇත්තේ මුළු ලෝකයේම විද්‍යාඥයින්ගේ අවධානය තමන් වෙත නතු කරගනිමින්.
මෙම ඓතිහාසික මෙහෙයුමෙන් අපේක්ෂිත සියලුම පරීක්ෂණ අරමුණු සියයට සියයක්ම සාර්ථක කරගත් බව චීන බලධාරීන් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. සාමාන්‍යයෙන් ප්‍රථම පරීක්ෂණ ගමන්වලදී සිදුවන අවදානම් සහගත බාධාවන් කිසිවක් නොමැතිව, ඉතාමත් නිවැරදිව සැලසුම් කළ පරිදිම මෙම මෙහෙයුම නිමවීම විශේෂත්වයක්.
චීනයේ මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ අනාගත වාණිජ අභ්‍යවකාශ මෙහෙයුම් සහ චන්ද්‍රිකා තාක්ෂණික තරගය තුළ චීනය පෙරමුණටම පැමිණ ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ලෝක අභ්‍යවකාශ වෙළෙඳපොළේ දැවැන්ත පෙරළියකට මුලපුරන මෙම සුවිශේෂී රොකට් ගුවන්ගත කිරීම මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය තුළ ප්‍රධාන කතාබහක් බවට පත්ව තිබෙනවා.