වෙඩි තියන බව රිසිට් එකේ ලියලා
හොරකමට සම්බන්ධ වෛද්‍ය සිසුවෙක්ලු
පානදුර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක අයකැමිවරියක් බියට පත්කර මුදල් කොල්ලකා පළාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීස් නිලධාරියකු සමත් වුණා. අදාල පුද්ගලයා කොල්ලකාගත් මුදල රුපියල් ලක්ෂ 5 ක්.
පානදුර ප්‍රදේශයේ බැංකුවක් වෙත පස්වරු 5.30 ට පමණ පැමිණ ඇති පුද්ගලයකු එහි අයකැමිවරියක් වෙත මුදල් තැන්පත් කිරීමේ රිසිට් පතක් ඉදිරිපත් කරා. අදාල රිසිට් පතේ ඔහු සටහන් කර තිබුණේ - 'මා සතුව ගිනි අවියක් තිබෙනවා.. මම ඔබට වෙඩි තබනවා... සියලු මුදල් දෙන්න.. ඔබ අනතුරු ඇගවීමේ සංඥා ක්‍රියාත්මක කළහොත් මම වෙඩි තබනවා.." යනුවෙන්.