පුත්තලම - කළුවරගස්වැව ප්‍රදේශයේ අතුරුදන්වී සිටි වයස අවුරුදු 3 ක පමණ දැරියක් තබ්බෝව රක්ෂිතයේ සිටියදී පොලීසිය ඊයේ (30) සොයාගත්තා. කෙසේ නමුත් දැරිය මේ ආකාරයෙන් මහවනය මැද ගමන් කළේ කෙලෙසින්ද යනවග තවමත් අභිරහසක්. ගම්වාසීන් පවසන්නේ මෙය යම්කිසි බලවේගයක් මඟින් සිදුකරන ලද්දක් බව තමන් සිතන බවයි.
ගම්වාසීන් සහ පොලීසිය එක්ව පැය 12 ක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුවයි මෙම දැරිය සොයාගනු ලැබුවේ. මෙලෙස අතුරුදන්ව සිටියේ පුත්තලම - කළුවරගස්වැව - පහරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 3 ක පමණ වූ දැරියක්.
පෙරේදා පස්වරු 4 ට පමණ දැරිය මව සමඟ ආහාර පිසිමින් සිටින අවස්ථාවේදී නිවසින් පිටතට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් ඉන් ටික වේලාවකට පසු දැරිය නොමැති බව පවසමින් මව සහ අසල්වාසීන් ඒ පිළිබඳව සොයා බලා ඇති අතර, ඉන් අනතුරුවයි පොලීසිය දැනුවත් කර ඇත්තේ.
කෙසේ වෙතත් දැරිය සෙවීමේ නිරතවූ පිරිසට ඊයේ අලූයම නිවසේ සිට කිලෝමීටර් 13 ක් පමණ ඈතින් තබ්බෝව රක්ෂිතයේ සිටියදී දැරිය හමුවුණා.