කොළඹ ශාලිකා ක්‍රීඩාංගණය අසලදී මෝටර් රථයක පිලිස්සී මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ජංගම දුරකථනය යළි යථා තත්ත්වයට පත් කිරීමට හෝ පරිහරණය කිරීමට බැරි තත්ත්වයට හානි වී තිබුණා.
නමුත් දුරකථන මතකයේ තිබූ ඡායාරූප සංවාද හා දෘෂ්‍ය රූප SMS පණිවිඩ, ඊ මේල් පණිවිඩ අනාවරණය කරගත් බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇති බවට වාර්තා වෙනවා.
ජංගම දුරකථන මතකයෙන් අනාවරණය කරගත් තොරතුරු සංයුක්ත තැටියකට ගබඩාකර ඇති කොළඹ විශ්වවිද්‍යාලය එම සංයුක්ත තැටියද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
තාජුඩීන් ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව මනුෂ්‍ය ඝාතනයක් බවට විමර්ශන තොරතුරුවලින් අනාවරණය වීම හේතුවෙන් රහස් පොලිසියේ ඉල්ලීම පරිදි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තාජුඩීන්ගේ ජංගම දුරකථනය කොළඹ විශ්වවිද්‍යාල පරිගණක අංශය වෙත යොමු කරණු ලැබුවා. කෙසේ නමුත් පසුගිය දිනෙක වාර්තා වුනේ ගොඩගත් තාජුඩීන්ගේ සිරුරේ කොටස් කිහිපයක් අස්ථානගතව ඇති බවයි. ඒ සම්බන්දයෙන්ද පසුගියදා පොලිසිය විසින් අධිකරණයට තොරතුරු වාර්තාකර තිබුණා.