කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් කොණ්ඩයා සිදුකළ ප්‍රකාශයන් අනුව මේ වන විට තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකිව ඇති අතර මේ වන විට කොණ්ඩායාගේ සහෝදරයා වන සමන් ජයලත්ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් පවතිනවා. ඔහු ඝාතනය සම්බන්දයෙන් පූර්ණ වගකීම තමන් භාරගන්නා බවට CIDයට ප්‍රකාශ කර ඇති බවට පවසනවා.
ඔහුද මෙම ඝාතනයට සෘජුව සම්බන්ධ බවට යම් යම් තොරතුරු හරහා තහවුරු වෙමින් පවතින බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අතර ඒ බව යම් යම් විද්‍යාත්මක සාක්ෂි හරහාද හෙළිවෙමින් තිබෙන බව සඳහන්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කොණ්ඩයා නැමැත්තා බන්ධනාගාර බස් රථයකින් අධිකරණයට රැගෙනවිත් තිබුණා. මෙහිදී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොණ්ඩයා නැමැත්තාගේ සහෝදරයා වන සමන් ජයලත් අධිකරණයේදී කියා සිටියේ තමන්ට ඝාතනය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පාපොච්චාරණයක් සිදුකිරීමට අවශ්‍ය බවයි. ඒ අනුව තම නිල මැදිරිය වෙත සැකකරුව ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට නියෝග කළා.
කෙසේ වෙතත් මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු කොණ්ඩයාද නැත්නම් ඔහුගේ සහෝදරයා වූ සමන්ද යන්න තහවුරු කර ගත හැක්කේ ඩී.එන්.ඒ. ප්‍රතිඵලය අනුව බවයි පැවසෙන්නේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොණ්ඩයා කිහිප වතාවක් විවිධ ප්‍රකාශ ලබාදී ඇති අතර තමන් මෙම ඝාතනය සිදු කළ බවත්, පසුව අයියාට කියූ බවත් සැකකරු පවසා ඇති අතර නැවත වරක් ප්‍රකාශ කර ඇත්තේ මෙම ඝාතනයට තමා සම්බන්ධ නොමැති බවත් මෙහි සැබෑ ඝාතකයා අයියා බවත්ය. එහෙත් ඔහු තමන් පිට පටවා ඝාතන චෝදනාවෙන් දැන් බේරී ඇති බවත් කොණ්ඩයා පවසන බවට වාර්තා වෙනවා. එහෙත් කොණ්ඩයා පවසන පරස්පර ප්‍රකාශවල සත්‍යතාව තවමත් හෙළි වී නැත.
කොණ්ඩයා අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ සොහොයුරා සමන් පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කළ අතර පසුව ඔහු නිදහස් කර යවා තිබූ අතර පොලිසිය ඊයේ (04) සැකකරු හදිසියේම අත්අඩංගුවට ගත්තේ මෙම ඝාතනය සම්බන්ධයෙන් සමන් සම්බන්ධ බවට හෙළිවීමත් සමග බවද ආරංචි මාර්ග සඳහන් කරයි.