Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
ඝාතකයා ගිනිවතුර බොද්දී දැලේ

මැදවච්චිය - වේවැල්කැටිය - පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර  ඇයගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ අනියම් සැමියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කහටගස්දිගිලිය ප්‍රදේශයේ මත්පැන්හලක සිටියදීයි. ඊයේ උදෑසන 7ට පමණ ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවස ගිනි ගන්නා බව දුටු ප්‍රදේශවාසීන් එම ස්ථානයට ගොස් බැලූ විට කාමරයක් තුළ පිළිසී මිය ගොස් සිටි ඇයගේ සිරුර ද හමුවුණා.
views834 Views
comment

englishtrans
නොහික්මුණු ලෙසින්  හැසිරෙමින්  පාසැලේ අනෙක් සිසුන්ට කරදර හිරිහැර කර, මුදල් පවා ඉල්ලා තර්ජනය කරන සිසුන් පිරිසක් හේතුවෙන් පසුගියදා අම්බලන්ගොඩ බලපිටිය රේවත ජාතික පාසලේ වසා දැමීමට පවා සිදුවුණා.
 
පාසලේ ඇති වී තිබෙන ගැටලුකාරි තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාතික පාසල් අධ්‍යක්ෂ පී.එන්. ඉල්ලෙපෙරුමද ඊයේ උදෑසන එම පාසලට  පැමිණියා.  මේ වනවිට ඔහුගේ ප්‍රධානත්වයෙන් රේවත විදුහලේදී සාකච්ඡාවක් ආරම්භ වී ඇති බවයි පාසලේ ගුරුවරයෙකු සඳහන් කළේ.  මෙම සාකච්ඡාව සඳහා පාසලේ සියලුම ගුරුවරුන් මෙන්ම, අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින් ද සහභාගි වී තිබෙනවා.

views1,249 Views
comment

ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 91 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..

views1,117 Views
comment
englishtrans
‘‘එකට ඉන්නේ අවුරුද්දක ඉඳන්ලු‘‘

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායිකාවක් වූ කේ.සුජීවා පසුගිය කාලය පුරා රහසක්ව තිබූ සිදුවීමක් සම්බන්ධයෙන් හිරු ගොසිප් වෙතින් මුල්වරට අනාවරණය කරන්නට මේවන විට කටයුතු කර තිබෙනවා.

ඒ ඇයගේ පෙම්වතා සම්බන්ධවයි. කැලුම්ගෙන් වෙන්වූ පසුව ඇයගේ සිත්ගත් පෙම්වතා වී තිබෙන්නේ වෙන කවුරුන්වත් නොව ගායන ක්ෂේත්‍රයේ තවත් ජනප්‍රිය චරිතයක් වන අජිත් මුතුකුමාරණ සමගිනුයි.
views2,309 Views
comment
englishtrans
බඩු ගෙනාවේ රක්නාලංකා සමාගමට දෙන්නලු
ලංකාවේ කොඩියත් ගහගෙන,
කපිතාන් ලංකාවේ කීවට ඇතුලේ හිටියේ යුක්රේන් කෙනෙක්ලු


ගාලූ වරායට අනවසරයෙන් පැමිණි ඇවන්ට්ගාඩ් නැව සම්බන්ධයෙන් වහාම අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

7වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී මෙම උපදෙස් ලබාදුන් බවයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ. මේ අතර, ගාලූ වරායට පැමිණ ඇති ඇවන්ට්ගාඩ් සමාගමට අයත් නැවේ ආයුධ ඇතැයි කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

views678 Views
comment
englishtrans
‘‘මුලින්ම හැඟීමක් තිබ්බේ නෑ,
පස්සේ හිතන්නෙවත් නැතුව මං බොළඳ තත්වයට පත්වුණා‘‘

පළමු වසරට දරුවෙකු ඇතුළත් කර ගැනීම සදහා හොරණ හඳපාන්ගොඩ පාසලක විදුහල්පතිවරයෙකු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිදුවීමක් සම්බන්ධව  මීට පෙර හිරු C.I.A. හෙළි කළා.

එහිදී පාසල් වේලාව තුළ තාවකාලික ලැගුම්හලදී කොටු වූ විදුහල්පතිවරයාගෙන්  ප්‍රශ්න කෙරුණා. ඒ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින්.  මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා මේ වන විට අදහස් පළ කර තිබෙනවා.

views632 Views
comment
englishtrans
උණු වතුරත් වක්කරන්න කියලා

විදේශ රටවල්වල සේවයට ගොස් එහිදී හාම්පුතුන් අතින් විවිධ වදහිංසාවන්ට ලක්වන කාන්තාවන් පිළිබඳව අපට අසන්නට දකින්නට ලැබෙනවා. නමුත් මේ වීඩියෝවෙන් ඔබවෙත ගෙන එන්නේ අපේම රටේ කාන්තාවන් පිරිසක් අතින් පහරදීමට ලක්වන කාන්තාවක් පිළිබඳවයි.

කුවේට් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනයක් තුළ මෙම කාන්තාවට පහරදෙන වීඩියෝව අපවෙත ලැබුණේ ඉබ්බාගමුව ප්‍රදේශයේ  වාර්තාකරුවෙකුගෙනුයි.

views1,505 Views
comment
englishtrans
‘‘වෙබ් එකක් බැලුවට අල්ලන්න බෑ‘‘
ළඟ තියාගත්තට ප්‍රශ්නයක් නෑ, ශෙයාර් කළොත් වැරදී‘‘

අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධව පවතින් නීතිමය තත්ත්වය සමාජ කරලියට මේවන විට පැමිණ තිබේ. සමාජයේ මිනිසුන් මේ පිළිබ‍ද දැඩි අවධානයක් යොමුකර ඇති බව ජනමාධ්‍ය ඔස්සේ අපට දැක ගත හැකි කාරණාවකි.

මේ පිළිබ‍ද විමසීමට අප ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා සම්බන්ධ කර ගත්තේය. ශ්‍රී ලංකාවේ අසභ්‍ය ප්‍රකාශන ලඟ තබාගැනීම පිළිබ‍ද නීතිය 1927 හි අසභ්‍ය ප්‍රකාශන පනතින් කියැවේ . මෙය 2005 වර්ෂයේදී සංශෝධනය විය.

views1,603 Views
comment
englishtrans
‘‘අඬපු දරුවා හයියෙන් හොළවා
උඩු බැලි අතට බිම දැම්මා‘‘

තම සැමියා විසින්ම අවුරුද්දකුත් මාසයක් වයසැති පිරිමි දරුවා තුන්වරක් පොළොවේ ගසා ඝාතනය කළ බව දරුවාගේ මවක් ඊයේ (07) අම්පාර මහාධිකරණය හමුවේ අනාවරණ කළා. ඒ සිද්ධියට අදාළ නඩුව මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

පසුගිය වසරේ මාර්තු 26 වනදා මෙම සිද්ධිය සිදුව තිබෙනවා. එදින තමා සමග පොලට ගිය සැමියා, දරුවා සමග ආසන්න ස්ථානයක රැදී සිටින ලෙස දැන්වූ බවත් ටික වේලාවකින් ඔහු පොළෙන් බඩු රැගෙන පැමිණි බවත් මෙම මව කියා සිටියා.
views741 Views
comment
ට්‍රිප් ගියා, ටීවී බැලුවා, ඒත් පාස් වුණා - සචිනි
විභාගේ කිසි බයක් නැතුව ලීවා - කවිෂ්ක
3 වසරේ ඉඳන් ලංකාවේ 1 වෙන්න හිතුවා - ලක්ෂාණි

මෙවර 2015 වසරේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වීමත් සමඟින් ප්‍රථම ස්ථාන 3ක්, දෙවන ස්ථාන 5ක් හා 3වන ස්ථාන 3ක් දිනාගැනීම සිසු සිසුවියන් සමත්වී තිබෙනවා. එමෙන්ම නගරබද පාසැල්වල සිසුන්ට වඩා ග්‍රාමීය ප්‍රදේශවල සිසුන් වැඩි දක්ෂතා දක්වා තිබීම කැපි පෙනෙන ලක්ෂණයක් වුණා.

views362 Views
comment
අම්මාගෙන් කනේ පහරක්
‘‘අද නිදහස් මම....
කාලගුණයත් හොදයි...‘‘

ලිංගික අල්ලස් ගැනීමට යාමේදී බස්නාහිර පළාත් අධ්‍යාපන විමර්ශන නිලධාරීන් හොරණ ප්‍රදේශයේ පාසැලක විදුහල්පතිවරයෙකු කොටුකරගැනීමට සමත්වුණා. එමෙන්ම ඔහුගේ වැඩ තහනම් කිරීමට නිර්දේශ කර තිබෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න ප්‍රකාශ කළේ පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත මෙම නිර්දේශය ඇතුළත් ලිපියක් යොමුකරන බවයි.
ලෝක ගුරු දිනය යෙදු තිබූ පසුගිය 6 වනදා මෙම විදුහල්පතිවරයා පළමුවන ශ්‍රේණියට ළමයෙකු ඇතුළත් කර ගැනීමට පැමිණි මවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් තිබුණා.

views1,212 Views
comment
englishtrans
Toyota Axio 700,000කින්
Aqua 770,000කින්
Prius 1,150,000කින් වැඩිවෙනවලු

ගැසට් අංක 1933/16 යටතේ ලංකාවට ගෙන්වන Toyota ඇතුළු ජපන් වාහනවල රේගු බඳු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව අලුතින් ගෙන්වන වාහන සඳහා රේගු වටිනාකම් විශාල වශයෙන් වැඩිවන බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් පවසන්නේ.

මේ අනුව, Toyota Axio රථයක මිල රුපියල් 700,000 කින් වැඩි වන අතර Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් 770,000 කින් වැඩිවන බවට ඔහු පවසනවා.

views1,315 Views
comment
englishtrans
පුරුෂ ශක්තිය නැති කරන්න ඕනි - වාසු
මරණ දඬුවම අදක්ෂයින්ගේ තෝරාගැනීමක්, බැරිකමේ ලක්ෂණයක් - අජිත් පී පෙරේරා

ළමා හා කාන්තා දූෂණ අපරාධ සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට කැමැත්ත පළකළ අතර, ඇතැමුන් ඊට විරුද්ධව අදහස් පළකළා.  

විවාදයේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ කාන්තාවන් සහ ළමයින් අපයෝජනය කරන පුද්ගලයන්ට එරෙහිව මරණ දඬුවමට වඩා වෙනත් දරුණු දඬුවමක් යෝජනා කරන බවයි.  

views390 Views
comment
englishtrans
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ DNA සමඟ ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ DNA නොගැලපෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ අද (07) ප්‍රකාශ කළා.

ඒ කොණ්ඩයාගේ DNA වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කොණ්ඩයා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

views868 Views
comment
englishtrans
කෑගල්ලෙන් 2ක්, ගම්පොළින් 1ක් ලංකාවෙන්ම එක
දෙවන ස්ථාන 5 ක්
තුන්වන ස්ථාන 3 ක්.
 
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු දෙවන සහ තුන්වන ස්ථාන දිනාගත් සිසුන්ගේ නම් විභාග දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, ලකුණු 196 ක් ලෙස  දිවයිනේ වැඩිම ප්‍රතිඵලය ලබාගත් ළමයින් 03 දෙනෙකු සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. 

views881 Views
comment
[1]      «      5198   |   5199   |   5200      »      [5658]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top