මැදවච්චිය - වේවැල්කැටිය - පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර ඇයගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ අනියම් සැමියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කහටගස්දිගිලිය ප්‍රදේශයේ මත්පැන්හලක සිටියදීයි. ඊයේ උදෑසන 7ට පමණ ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවස ගිනි ගන්නා බව දුටු ප්‍රදේශවාසීන් එම ස්ථානයට ගොස් බැලූ විට කාමරයක් තුළ පිළිසී මිය ගොස් සිටි ඇයගේ සිරුර ද හමුවුණා.
40 හැවිරිදි මෙම කාන්තාව ඝාතනය කර පසුව නිවසට ගිනි තබා ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා. ඇය තම අනියම් සැමියා සමඟ මෙම නිවසේ ජීවත්ව ඇති අතර, සැකකරු මීට පෙර විවාහ වී තම නිත්‍යානුකූල බිරිඳට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත සිට පැමිණි අයෙක්.
සැකකාර ඝාතකයා විසින් එම කාන්තාව පෙරේදා (8 දා) රාත්‍රී කාලයේ ඝාතනය කරන්නට ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය විය. මෙම ඝාතනය මියගිය කාන්තාව හා සැකකරු අතර ඇති වූ ආරවුලක් මත සිදුකරන්නට ඇති බව පොලීසිය සැකකරයි.
මියගිය කාන්තාවගේ විවාහක සැමියා මියගොස් ඇති අතර පසුව ඇය හා කහටගස්‌දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් දැනට මාස 05 ක පමණ කාලයක සිට රත්මල්ගහවැව වේවැල්පිටිය ප්‍රදේශයේ පිහිටි ඇගේ සොහොයුරියගේ නිවසට යාබදව කටුමැටි බිත්තිවලින් සමන්විත කාමරයක් ඉදිකොට එහි පදිංචිව සිට ඇත.
නිතර බීමතින් පැමිණෙන සැකකරු මියගිය කාන්තාවගෙන් මුදල් ඉල්ලා සිටිමින් නිතර බැණවැදී පහරදෙන බවට පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.